Tuesday, April 23, 2024

ඥනසාර යනු සෝමාරාමගෙන් පසු මෙරට බුදුනුවන් මත පතිත මහම විපතය – කර්තෘ, ‘ගොටාගේ යුද්ධය’

දි අයිලන්ඩ් පුවත්පතට සතිපතා දේශපාලන ලිපියක් ලියන සී.ඒ. චන්ද්‍රප්‍රේම පූනි 18වන දින සිය ලිපියෙන් ගලබොඩඅත්තේ ඥනසාර හදුන්වා ඇත්තේ බණ්ඩාරනායක ඝාතන මිනීමරුවා වූ තල්දූවේ සෝමාරාම සහ ඔහු උසිගැන්වූ මාපිටිගම බුද්ධරක්ඛිතගෙන් පසු මෙරට බුදු සසුනට පහත් වූ මහම ව්‍යසනය ලෙසය.

එල්ටීටීඊය පරාජය කිරීමේ යුද්ධයේ ප්‍රධානියා ගෝඨාභය රාජපක්ෂ ලෙස වර්ණනා කරමින් ගොටාගේ යුද්ධය නමින් දීර්ඝ ග්‍රන්ථයක් රචනා කළ චන්ද්‍රප්‍රේම රනිල්- සිරිසේන ආණ්ඩුවේ උග්‍ර විවේචකයකු වන අතර මහින්ද රාජපක්ෂට පක්ෂපාත ලේඛකයකු ලෙස සැළකේ. එමෙන්ම ඔහු  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට ගෙ ආ යුතු බවට තර්ක කරන ලේඛකයෙකි.

ගෝටාගේ යුද්ධය පොත සී.ඒ. චන්ද්‍රප්‍රේම විසින් මහින්ද රාජපක්ෂට පිළිගැන්වීම; ගොඨාභය රාජපක්ෂ පසුබිමෙහි සිටී. ජයාරෑපය http://exploresrilanka.lk වෙතිනි.

කිසිදු ගිහියකුට බෞද්ධ භික්ෂුවකට නමින් ඇමැතිය නොහැක යන අස්ගිරි නිකායේ ආඥාව නොසළකා චන්ද්‍ර ප්‍රේම ඥනසාර හදුන්වන්නේ ඥනසාර කියා පමණය.

සිය ලිපිය මගින් වන්ද්‍රප්‍රේම තර්ක කරන්නේ ඥනසාර පිටුපස සිටින බලවේගය අන් කවරකුවත් නොව ජනාධිපති සිරිසේන හෝ එම පාර්ශවය බවයි. කවර හෝ දේශපාලන හස්තයක පිටුබලය නැතිව ඥානසාර මෙළෙස නොහැසිරෙන බව කියන චන්ද්‍රප්‍රේම සිය මතය සනාථ කිරීම සඳහා කරුණූ ගණනාවක් ගෙනහැර දක්වයි.

ඔහුගේ එම ලිපියෙන් උපුටා ගත් කොටස් කිහිපයක සිංහල අනුවාදය පහත දැක්වේ.

‘‘පසුගිය සිකුරාදා ඥනසාර නැතිව පැවැත්වූ බොදු බල සේනා මාධ්‍ය සාකච්ජාව විවිධ පැතිවලින් ඉතා වැදගත්ය‍. තමන් විසින්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස හදුන්වා ගන්නා ඩිලන්ත විතානගේ විසින් කරන ලද ප්‍රකාශය විශේෂයෙන්ම වැදගත්ය‍. ඔහු කී කරුණූ අතරින් වැදගත්ම දෙය නම් ‘ඥනසාර හාමුදුරුවෝ ප්‍රචන්ඩත්වය කරා කළේ චම්පික රණවක සහ අතුරලියේ රතන හාමුදුරවොයි’ යන්නය‍.

ඥනසාර වනාහී නොඅනුමානවම මාපිටිගම බුද්ධරක්ඛිත සහ තල්දූවේ සෝමාරාම යන දෙදෙනාගෙන් පසු මෙරට බෞද්ධ ප්‍රජාව මත පතිත වූ මහම ව්‍යවසනයයි. ඩිලන්ත විතානගේ කී පරිදි චම්පි ඇත්ත වශයෙන්ම තමාගේ ප්‍රහාරකයා ලෙස ඥනසාර යොදා ගත්තේය‍. 2005/2006 කාලයෙහි කුමාර් රූපසිංහ සහ රාජිත සේනාරත්න විසින් නායකත්වය දුන් යුද විරෝධී පෙරමුණෙහි රුස්වීම් කඩාකප්පල් කළ එක් භික්ෂුවක් නම් ඥනසාරය.

[alert type=”success or warning or info or danger”]ලෝකයේ කොතැනක හෝ බීමත්ව රිය පැදවීමට (අධිකරණයෙහි) වරද පිළිගත් නීතියෙන්ම බෞද්ධ භික්ෂුවක වන එකම තැනැත්තා ඥනසාරය. එවැනි චෝදනාවකට වරද පිළිගත් දේශපාලනඥයකු ගැන සිතා ගැනීමට නොහැකිය. [/alert]

දැන් බොදු බල සේනාවෙහි දෙවැනි අණදෙන්නා බවට පත්ව ඇති බව පෙනෙන මාගලකන්නේ සුදත්ත හිමි එම මාධ්‍ය සාකච්ජාවෙහි දී  ඇඟවූ පරිදි ඥනසාර 2020 ජනාධිපතිවරණයට තරඟ වැදීමට ඉඩ තිබේ. එහිමියන් කියා සිටියේ දැන් කෙරීගෙන යන පළිගැනීම් හමුවෙහි ජනාධිපතිවරණයට තරඟ කිරීම හැර අන් විකල්පයක් ඥනසාරට නැති විය හැකි බවයි.

එමෙන්ම රිශාඩ් බදුර්දින්ගේ අමත්‍යාංශයට බොදු බල සේනාව කඩා පැනීමේ නඩුවෙහි ඥනසාර වෙනුවෙන් පෙනී සිටිනනේ ඛනිජ වැලි සංස්ථාවෙහි වත්මන් සභාපති වන මෛත්‍රී ගුණරත්නය‍. (ජනපති සිරිසේන විසින් එම තනතුරට පත් කරන ලද මෛත්‍රී ගුණරත්න ජනාධිපති උපදේශකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ දේශපාලන සගයෙකි. – ශ්‍රී ලංකා බ්‍රිෆ්). ඥනසාරට නිතුක් කරන ලද දෙවන වරෙන්තුව අදාළ වන්නේ එම නඩුවටය. ඉදින් මේ කරුණ උඩ ඥනසාර පිටුපස ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන යැයි අපට කිව හැකිද? ඊට අමතරව පසුගිය මහමැතිවරණයේදී චම්පික රණවකගේ මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දුන්නේද මෛත්‍රී ගුණරත්නය. ඉන් අදහස් වන්නේ කුමක්ද?

ලෝකයේ කොතැනක හෝ බීමත්ව රිය පැදවීමට (අධිකරණයෙහි) වරද පිළිගත් නීතියෙන්ම බෞද්ධ භික්ෂුවක වන එකම තැනැත්තා ඥනසාරය. එවැනි චෝදනාවකට වරද පිළිගත් දේශපාලනඥයකු ගැන සිතා ගැනීමට නොහැකිය. එසේ නම්  ඔහුගේ ජන්ද සළකුණ වනු ඇත්තේ කුමක්ද? මධ්‍යසාර පරීක්ෂණ උපකරණයක්? ඒ කෙසේ වුවත් ඥනසාර අපේක්ෂකත්වය ඇත්තේන්ම විය හැකි දෙයකි.

මෙහිදී චම්පික රණවක සහ මෛත්‍රීපාල සිරිසේන ඉන්නේ එකටය‍. සිරිසේන යළිත් වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ. ඔහුට ඇති ලොකුම ප්‍රශ්ණය නම් සිංහල බෞද්ධ ජන්දය. පසුගිය වතාවෙහි මහින්ද රාජපක්ෂ පැරදුනේ සමස්තයක් වශයෙන් මුස්ලිම්වරුන් ඔහු හැර ගිය නිසා නොව විවිධ හේතූන් උඩ ඔහුට සිංහල බෞද්ධ ජන්ද ප්‍රමාණයක් නැතිව ගිය නිසාය.

සිරිසේන විසින් සපයනු ලබන ආවරණයකින් තොරව ඥනසාර වැඩට බැස ඇතැයි කිසිවකු මුලා නොවිය යුතුය. ජනාධිපති සිරිසේන මීට මැදිහත් නොවන්නේ නම් කිසිදු ඇමැතිවරයකුට ඥනසාරට සහාය විය නොහැකිය. මුස්ලිම්වරුන්ට පහරදී බිය ගන්වන විට කිසිවක් නොකර සිටීමෙන් මුස්ලිම් ජන්ද ප්‍රමාණයක් ද නැතිව යයි. නමුත් ගණන් බැලීම කෙරෙන්නේ මුස්ලිම් ජනයා රාජපක්ෂ බලයට ඒම ගැන වඩා බිය වන බැවින් සිරිසේනට තවත් වතාවක් ජන්දය ලබා දෙනු ඇතැයි කියාය. ඇත්ත නම් රාජපක්ෂ සමයෙහිදී මීටත් වඩා දුර්විපාක නොලබා සිටීමේ අවකාශයක් ඥනසාරට තිබූ බවයි.

ඩිලන්ත විතානගේ කී පරිද ඥනසාර ප්‍රචන්ඩත්වය කරා තල්ලු කරන ලද්දේ චම්පික විසිනි. සමාන්‍යයෙන් භික්ෂූහු ගිහියන්ට උපදෙස් දෙති. නමුත් මෙහිදී සිදුව ඇත්තේ අනෙක් පැත්තය. විතානගේ පාවිච්චි කළ වචනය නම් ක්‍රොන්ත්‍රාත් එකක දුන්නා යන්නය.

කවරකු හෝ ඥනසාරට අවශ්‍ය දේ ලබා දෙන්නේ නම් ඥනසාර ඔවුන් වෙනුවෙන් වැඩට බහී. චම්පිකට ඉස්සර වූයේ නම් තමන් වෙනුවෙන් ඥනසාර වැඩට බැස්සවීමට මුස්ලිම් අයට අවස්ථාව තිබුණි. මේ සියල්ලේ භයංකරත්වය නම් මොනවා කරත් භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට යාන්ත්‍රණයක් මෙරට නැති කමයි.

සමස්ත බොදු බල සේනාවම යනු හුදෙක් ඥනසාරය. බොදු බල සේනාව ප්‍රසිද්ධියට පත්වන්නේ ඥනසාරගේ කවර හෝ ප්‍රචන්ඩත්වයක් නිසා හෝ තවත් කිහිප දෙනෙකු  හෝ  බළල් අත් පිරිවරා කරන වෙනත් දුෂ්ඨ ක්‍රියාවක් නිසාය. මේ දාමරිකයාට දඩුවමකින් තොරව ඕනෑම දෙයක් කිරීමට ඉඩ ලැබී තිබෙන්නේ බුදුන්ගේ කහ සිවුර නිසාය.

ඥනසාර යනු රඟපාන ගොරිල්ලකු පමණය. විමසිල්ලෙන් සිටිය යුත්තේ ඔහු මෙහයවනු ලබන පුද්ගලයින් ගැනය. ඉහළ තැන් වලින් රැකවරණය නොලැබෙන්නේ නම් ඥනසාර වැඩ දාන්නේ නැත. රාජපක්ෂ සමයෙහිදී ද ඔහුට රැකවරණය දුන් පිරිස්ම දැන් යහපාලනය යටතේද එයම කරමින් සිටිති. ඔහු ආරක්ෂා කරනු ලබන අය අතුරෙන් ප්‍රධානියා පැහැදිළිවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ජනාධිපතිවරයාගේ අනුදැනුම නැතිව කිසිදු ඇමැතිවරයකුට ඥනසාරට රැකවරණය දිය නොහැක.”

Archive

Latest news

Related news