Sunday, October 10, 2021

යහපාලනය වල් වැදී පළාත් පාලන මැතිවරණ තවත් මාස තුනකට කල් යයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අනිවාර්ය කොන්දේසියක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය අති විශේෂ ගැසට් පත්‍ර‍යක් මගින් තවත් මාස 3 ක කාලයක් සදහා කල් දමා ඇත. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මෙම කල් දැමීමට අදාළ ගැසට් පත්‍ර‍යට අත්සන් තබා ඇත.

පලාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව අමාත්‍යවරයා ට අත්තනෝමතික ලෙස මැතිවරණ කල්දැමීමේ කිසිදු බලයක් නොමැති අතර මෙය ලැජ්ජා සහගත ලෙස මැතිවරණ සිතියම අකුලා දැමීමක් බව මෙය හෙළා දකින කැෆේ සංවිධානය ප්‍ර‍කාශ කරයි. අදාළ පනත 2017 ජූලි 1 දින සිට ක්‍රියාත්මක වීමට නියමිත තිබූ අතර එම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබූවේ 2017 අප්‍රේල් 7 දින යි.

යහපාලන රජය මැතිවරණ සිතියම අකුලා දැමීමට කොපමණ කටයුතු කළ ද, ඔවුන්ට අවධාරණය කළ යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණය ජනමත විචාරණයකින් තොරව කල් දැමිය නොහැකි බවයි. මෙයට පෙර ද කැෆේ සංවිධානය අනාවරණය කළ පරිදි, පළාත් සභා 3 ක මැතිවරණ කල් දැමීමට ද, මේ වන විට යහපාලන රජය ලැජ්ජා නැති උත්සාහයක රජය නිරත වෙමින් සිටී. පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 1 දිනට කල් දැමීමත් ඔක්තෝබර් 2 දින පළාත් සභා 3 ක ඡන්ද විමසීමට ගැසට් නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබීමත් අහම්බයක් නොවන බව කැෆේ සංවිධානයේ විශ්වසය යි.

ලංකාවේ මැතිවරණ සිතියම අකුලා දැමීමටට කොරතම් උත්සහ කළ ද, 2019 නොවැම්බර් හෝ දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කල් දැමීමේ සකලවිධ උපක්‍ර‍ම සදහා යොමු වෙමින් සිටින පාර්ශව වෙත අප අවධාරණය කළ යුතුව ඇත.

ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා අත්තනෝමතික අයුරින් පළාත් පාලන මැතිවරණ කල්දැමීම සිදු කළ ද, මැතිවරණ කොමිෂන් සභාව නියමිත පරිදි 2017 ඔක්තෝබර් 2 නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම සදහා වන ගැසට් නිවේදනය ප්‍ර‍කාශයට පත් කරනු ඇතැයි කැෆේ සංවිධානය විශ්වසය පළ කරයි.

Archive

Latest news

එන්.ජී.රාජපක්ෂ නොහොත් න්නද්සේන රාජපක්ෂගේ අලි පැටවාගේ වස්තුව නොහොත් සහගහන අලි අපරාධ – සජීව

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි - ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි...

සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ පැය පහක විරෝධතාවයට ප්‍රතිචාර නොලැබෙන්නේනම් වර්ජන ක්‍රියාමාර්ගයක්.

සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය සදහා අමාත්‍ය මණ්ඩලය විසින්  ලබා දී ඇති විසදුම් පවා ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය ලේකම් වරයා විසින් හිතාමතාම  මග හැරීම සහ ලබා දෙමින් තිබූ...

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ...

බාලපටබැදි දුව උස්සන්න නීතිපති ඇල්ලූ අඩව්ව!

නීතිපති සංජය රාජරත්නම් වාර්තා පිට වාර්තා තබමින් නීතියේ අධිපත්‍ය වළ දමමින් සිටින අන්දම දක්වන තවත් පුවතක් පසුගිය දා වාර්තා  විය. ඔහු නීතිපති ධූරයට පත්වූයේ 2021...

Related news