Tuesday, April 16, 2024

අපි යන්නේ කොයි පාරේ – ප්‍රභාකරන් ගිය පාරේ

ජායාරූපය: සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල අල්ලා ගත් වෛද්‍ය සිසුන්. (ඩේලි එෆ්ටී වෙතිනි)

සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුණූ වෛද්‍ය ශිෂ්‍යන් සහ ශිෂ්‍ය හිමිවරුන් කැ ගැසූ සටන් පාඨය මෙසේය:

‘‘අපි යන්නේ – කොයි පාරේ – ත්‍රිමා විතාරණ ගිය පාරේ ”

1998 – 2000 සමයෙහි  මෙරට ඇවිල ගිය අති දරුණූ භීෂණ සමයෙහි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ත්‍රිමා විතාරණ රාජ්‍ය ඝාතක කන්ඩායම් විසින් දරුණූ වධ දී ඝාතනය කරන ලද වෛද්‍ය ශිෂ්‍යයෙකි.

ත්‍රිමා විතාරන නියෝජනය කළ ජවිපෙ  විසින් මුදා හරින ලද ප්‍රචණ්ඩත්වයේ අරමුණ වූයේ දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් ලබා දීම වැළැක්වීමයි. එම ප්‍රචන්ඩත්වය ජවිපෙ නොවූ අනෙක් දේශපාලන ක්‍රියාකාරීන් සිය ගණනින් ඝාතනය කරන ලද අතර බලහත්කාරයෙන් පටවන ලද වෛද්‍ය වැඩ වර්ජන හමුවෙහි  රොහල් ඇදන් මත මිය ගිය ජනයාගේ සිරුරු කණු වී ගියේය‍.

ජවිපෙ භීෂණය සහ එයට මුහුණ දීමට මුදා හරින ලද රාජ්‍ය භීෂණය විසින් ලේ ගංගා ගලා යැවුණි.

ත්‍රිමා විතාරණ සංකේතය කර ගනිමින් දැන් සයිටම් විරෝධී දේශපාලන බලවේග ඉල්ලන්නේ යළි එවැනි භීෂණයකට දොර හැරිමක්ද?

මෙම සටන් පාඨය සහ ‘අපි යන්නේ ප්‍රභාකරන් ගිය පාරේ’ යන්න එතරම් වෙනසක් තිබේද?

 

Archive

Latest news

Related news