Tuesday, April 23, 2024

ජඩමාධ්‍යවේදය: දිනමිණ ‍මාධ්‍යවේදය රාජපක්ෂ සමය කරා පල්ලම් බැසීම

යුද සමයෙහි මෙරට අතුරුදහන්වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් ඇත්ත සොයා දෙන ලෙස ඉල්ලමින් 104වන දිනයට උද්ඝෝෂණයේ යෙදී සිටින මව්වරු පිරිසක් ජූනි 15 දින මහ මුහුදට බැස සිය විරෝධතාවයට නව මුහුණුවරක් එක් කළහ. ඔවුන් කියා සිටියේ සිය දුක් ගැනවිල්ල කියන්නට වෙන අයෙකු නැති බැවින් තමන් මහ මුහදට එම පැමිණිල්ල රුගෙන යන බවයි.

සිය ඉල්ලීම් සඳහා අවධානය දිනා ගකු පිණිස විවිධ ක්‍රමෝපා යොදා ගැනීම අලුත් දෙයක් නොවේ. එනමුත් මෙම මව්වරුන්ගේ උද්ඝෝෂණය දැන් මංගල සමරවීර යටතේ ඇති රාජ්‍ය පාලිත දිනමිණ විසින් වාර්තා කර තිබුණේ රාජපක්ෂ සමයේ  මෙැවනි අවස්ථා සඳහා යොදා ගත් තුච්ජ බාසාවකිනි.

එම වාර්තාවෙහි  දිනමීණ පුවත්පතෙහිද කළක් සේවය කළ රාජපක්අෂවරුන්තු විසින්රු  අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැළීගොඩ වෙනුවෙන් අඛන්ඩ උද්ඝෝෂනයක යෙදී සිටින සන්ධ්‍යා එක්නැළිගොඩ සම්බන්ධයෙන්ද යොදා ඇත්තේ අපහාසාත්මක බාසාවකි.

සන්ධ්‍යා  එක්නැළිගොඩද විරෝධයට එක්ව සිටියාය.

මුහුදට ගිය පිරිස් එළෙසින්ම යළි පැමිණි අතර දිනමිණ කියන පරිදි ඔවුන් මුහුදට පැන්නේවත් කිසිවකුට බේරා ගැනීමට සිදුවූයේ වත් නැත.

එම වාර්තාව පහත පළවේ. රතු අකුරින් ඇති කොටස් සැළකිල්ලෙන් කියවන්න.

දින සියයක් ඉක්ම ගිය ද තම ඉල්ලිමවලට රජය පිළිතුරු ලබාදිමට අපොහොසත් වුවා යැයි කියමින් ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ යෙදි සිටින අතුරුදහන්වුවන්ගේ ඥාතින් පිරිසක් අද ඒ අසල මුහුදට පැන්න අතර තවත් පිරිසක් ඔවුන් බේරාගනු ලැබිය.

දරුවන් නොමැතිව තමනට ජිවත් විමෙන් පලක් නැතැයි කියමින් පිරිසක් මුහුදට පනිද්දි උද්ඝෝෂණයේ යෙදි සිටි තවත් පිරිසක් ඔවුන් බේරාගත් අතර කොටසක් මුහුදට බැස හඩමින් රජයට බැන වැදුනහ.

කොටසක් මුහුදට පනිද්දි අසල සිටි තවත් පිරිසක් කියා සිටියේ ඉතිරි දරුවන් වෙනුවෙන් තමන් ජිවත් විය යුතු බවය.

උද්ඝෝෂණයේ යෙදිසිටි පිරිස අතර සිටි අතුරුදහන් වු ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ ද මුහුදට පැන්න අය අතර සිටිමද විශේෂත්වයකි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් අතුරුදහන්වුවන්ගේ ඥාතින් ගේ සංගමයේ ලේකම් නාගේන්ද්‍රන් ජෙයලක්ෂ්මි හෙවත් ආශා සිදු වු සිද්ධිය ජංගම දුරකතනයෙන් විඩියෝගත කල ආරක්ෂක බුද්ධ අංශ සමාජිකයන් කිහිපදෙනෙකුට බැණවැදිම නිසා එම පිරිස ඉවත්ව ගියේය.

මාධ්‍යවේදින් නොවන අය මෙය විඩියෝ ගතකිරිම සම්බන්ධයෙන් ඇය එහිදි විරෝධය පල කලේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අතුරුදහන් වුවන්ගේ ඥාතින් ගේ සහයට මඩකලපු ,වව්නියාව ආදි ප්‍රදේශවලින් ද පිරිස් පැමිණ සිටියහ. උද්ඝෝෂණයේදි යෙදි සිටි සියලු දෙනා අතුරුදහන් වු හා පැහැරගත් තම ඥාතින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර විරෝධතාවයේ යෙදිසිටි අයුරු දැකගත හැකිවිය.

තම ඥාතින්ට සිදුවුයේ කුමක්ද යන්න හෙලිකිරකිම, ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කිරිම, දේශපාලන සිරකරුවන් නිදහස්කිරිම යන ඉල්ලිම් මුල්කරගෙන මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරතිබුණි.

විරෝධයේ අවස්වථාවක්

(ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද)

ජායාරූප දිනමිණ වාර්තාවෙනි.

Archive

Latest news

Related news