Saturday, April 20, 2024

යුරෝපා  සංගමය සහ සහෘද තානාපති වරුන් මුස්ලිම්  ප්‍රජාවට  සිය සහයෝගීතාවය පළකරති.

ජායාරූපය: දවටගහ මුස්ලිම් දේවස්ථානයට ගිය තානාපති ප්‍රජාව.

ස්විට්සර්ලන්තය යන රටවල තානාපතිවරුන්/ මහ කොමසාරිස්වරුන් සහ අනෙකුත් තානාපති කාර්යාල නියෝජිතයින් අද දවටගහ මුස්ලිම් දේවස්ථානට ගොස් මුස්ලිම් ප‍්‍රජාවේ
නායකයින් මුණගැසුනහ. මුස්ලිම් දේවස්ථාන වලට මුස්ලිම් ප‍්‍රජාවට අයිති ව්‍යාපාරික ස්ථාන වලට මෑතකදී සිදුකරන ලද ප‍්‍රහාර මාලාවකට පසු මෙම මුණගැසීම සිදුවිය. තානාපතිවරුන් මෙහිදී සිය සහයෝගීතාවය ප‍්‍රකාශ කර සිටි අතර අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන් විසින් මෙම ද්වේෂ සහගත ප‍්‍රහාරයන් පැහැදිලි ලෙසම හෙලා දැකීම අගය කළහ. නීතියේ ආධිපත්‍යය සුරැුකීමේ වැදගත්කම අවධාරණය කළ ඔවුන් මෙම අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසද ඉල්ලා සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ මාග් තානාපති තුමා ‘ආගමික සහ වාර්ගික වෛරයේ ප‍්‍රතිඵල පිළිබඳව ශී‍්‍ර ලාංකික ඩජනතාව ඉතා හොඳින් දැන සිටිති. ජාතික සංහිඳියාව සහ සමගිය ඉදිරියට යන මෙවන් මොහොතක සිදුකරන මෙම කළහකාරී කි‍්‍රයාවන්ගේ අරමුණ එම ගමනට අකුල් හෙලා කඩාකප්පල් කිරීමය. රජයත් පොලිසියත් මෙවනි ද්වේෂ සහගත අපරාධයන්ට ඉඩ නොතබන බව තහවුරු කළ යුතුය. වෛරය පැතිර වීමට එරෙහිව සහ එකිනෙකා වටහා ගැනීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආගමික ප‍්‍රජාවන් පෙරමුණ ගැනීම වැදගත් වන්නේය’” යනුවෙන් පැවසීය.

සාකච්ජාවෙහි නිරතවෙමින්.

කොළඹ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය විසන් නිකුත් කරන ලද නිවේදනයකි.

Archive

Latest news

Related news