ජායාරූපය ස්වේ ඩොට් කොම් අනුග්‍රහයෙනි.
අතුරුදහන් වු සිිය ඥාතීන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලමින් දෙමළ ජනයා කිළිනොච්චියෙහි පවත්වා ගෙන යන අඛන්ඩ විරෝධතාවය අද දින සියය ලකුණු කරයි.
සියක් දිනක් විරෝධතාවයේ යෙදි සිටිද ආණ්ඩුවේ බලධාරීන් තවමත් සිටින්නේ නැසූ කන්වය.
තමන්ට විසඳුමක් දෙන තුරු විසිර නෙයන බව කියමින් අද විරෝධතාකරුවෝ කලිනොච්චිය දිසා ලේකම්ට ලිපියක් බාර දුන්හ.
මෙම උද්ඝෝෂණය සඳහා දහසක් පමණ ජනයා එක්ව ඇතැයි දෙමළ වෙබ් මාධ්‍ය ප්‍රකාශ කරයි.
උද්ඝෝෂණය තහනම් කිරීමට උසාවි ගිය පොලීසියට අධිකරණ කියා සිටියේ මහජනයාට කරදරයක් නොවන පරිදි විරෝධතාවය පැවැත්වීමට අවසර දෙන ලෙසයි. පොලීසිය සිය කුමරා මානාගෙන ප්‍රසිද්ධියේම විරෝධතාවයට එක්වූ ජනයා රූප ගත කකර ගත්තේ බිය වැද්දවීමට මෙන්ය.
අතුරුදහන්කරවීම අපරාධයකි. අතුරුදහන් වූ සිය දරුවන්ට, සැමියන්ට, බිරියන්ට සහ මිතුරු මිතුරියන්ට සිදු වූයේ කැමක්දැයි දැන ගැනීමට සියළු දෙනාටම අයිතියක් තිබේ.
ආණඩුව අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවිම පිනිස නීති සම්මත කරන ලද්දේ ඒ අයිතියට පණ දෙනු පිනිසය. නමුත් තවමත් ඒ පතන ජනාධිපති සිරිසේනගේ හමස් පෙට්ටියේ පුස්කමින් තිබේ. ඔහු එම කාර්යාලය පිහිටුවන දිනයක් ප්‍රකාශ කොට නැත.
එමෙන්ම සත්‍ය දැන ගැනීමේ කොමිසමක් පිහිටුවන බවට ආණ්ඩුව මෙරට ජනයාට ද අන්තර් ජාතික ප්‍රජාවට ද දුන් පොරොන්දුව තවමත් පවතින්නේ හිස් අවකාශයේ ය.
ඒ වෙනුවට ආණ්ඩුව චන්ද්‍රිකා කුමාරතුංගගේ නියකත්වයෙන් පිහිටුවා ඇති සහජීවන කාර්යාලය දහසින් බැදි පියළි වැය කරමින් සරැව පිත්තල වැඩ සටහන් මගින් කාලය කා දමයි.
දෙමළ ජනයා යුක්තිය ඉල්ලා දිවා රෑ නොතකා දින සියයක් පවත්වාගෙන යන උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඔවුන්ගේ මුඛ පුට්ටු වී තිබේ.
මෙසේ අතුරුදහන්වූවන් බොහෝ දෙනෙකු මිය ගොස් හෝ මරාදමා හෝ ඇති බව නිසැකය. නමුත් ඒ පිළබඳ නිශ්චිත සාක්ෂි සපයන තුරු ජනයා ඒ බව පිලිගන්නේ කෙසේද?
මහාජනයාගේ වේදනාවට කන් නොදෙන ආණ්ඩුවකින් එම ජනයාට ඇති ඵලය කුමක්ද?
(c) slb