Saturday, January 10, 2026

රජයේ වෛද්‍යවරයකුගෙන් මාධ්‍යවේදියකුට ගුටි!

පිළිසකර කෙරමින් පවතින බදුල්ල දෙයියන්නේවෙල පාලම අසළ සිදුවූ රිය අනතුරක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ජයලත් දිසානායකට අනතුරට පත් රථයේ හිමිකරු බැනවදිමින් පහර දී ඇත. පසුව දැන ගන්නට ලැබි ඇත්තේ එළෙස පර දුන්නේ බදුල්ල දෙයියන්නේ වෙල පදිංචි, බදුල්ල මහරෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකු ව්සින් බවයි.

පහරදීම සම්බන්දයෙන් ජයලත් මහතා එදින (23) සවස බදුල්ල පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දැමිමෙන් පසු බදුල්ල පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ.

ඇප මත මුදාහැරි ‍වෛද්‍යවරයා අද (24) උදැසන පොලිසිය වෙත කැදවීමෙන් පසු පොලිස් නිළධාරින් ඉදිරියේ මාධ්‍යවේදී ජයලත් දිසානායක මහතාගෙන් ප්‍රසිද්ධියේ සමාව ලබාගැනීමෙන් පසු සිද්ධිය සමතයකට පත් වී තිබේ.

දිනමිණ ඇසුරෙනි.

Archive

Latest news

Related news