Friday, April 19, 2024

සති පහක් තුල මුස්ලිම් විරෝධී ප්‍රහාර 15ක්! ආණ්ඩුවේ බලධාරීන් බුදි!!

ජායාරූපය: ප්‍රහාරයට ලක් වූ  ඇල්පිටියේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානය.

පසුගිය සති පහ තුල මෙරට මුස්ලිම් ජනතාව , ඔවුන්ගේ ආගම සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කොට අන්තවාදී පිරිස් විසින් කරන ලද ප්‍රහාරයන් 15ක් බව විිවිධ මුලාශ්‍ර සඳහන් කරයි. එසේ නමුත් මෙම ප්‍රහාරයන් නතර කිරීමට ආණ්ඩුව විසින් කිසිදු පියවරක් මේ තාක් ගෙන නැත. එමෙන්ම මුස්ලිම් ඇමැතිවරුන්ද මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් කර නැත.

බීබීසී සන්දේශය සදහන් කරන අන්දමට ඒවා  මෙසේය. මුස්ලිම් ලේකම් කාර්යාලය විසින්ද මෙම තොරතුරු සනාථ කොට තිබේ.
1. අප්‍රේල් 16 – ගොඩපිටියේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන හතරකට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාර
2. අප්‍රේල් 17 – ගාල්ල කොටුවේ සුෆි ඉස්ලාම් සාන්තුවරයකුගේ සුසාන භූමිය කඩා බිඳ දැමීම
3. අප්‍රේල් 20 – අම්පාරේ ඉරක්කාමම් ප්‍රදේශයේ ඉඩමක අයිතිය සම්බන්ධයෙන් මුස්ලිම් සහ බෞද්ධ ජනතාව අතර උණුසුම් තත්වයක්
4. අප්‍රේල් 25 – ඉරක්කාමම් හි සංචාරය කළ භික්ෂූන් වහන්සේ පිරිසක් සුළු ජනවර්ගයකට එරෙහිව වෛරී භාෂාව භාවිත කළ බවට චෝදනා
5. මැයි 14 – පොළොන්නරුවේ ඔනේගම සංචාරයක යෙදුනු බෞද්ධ හිමිවරු මුස්ලිම් ජනතාවට තර්ජනය කළ බවට චෝදනා
6. මැයි 15 – පානදුරේ මුස්ලිම් පල්ලියකට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්
7. මැයි 16 – වැල්ලම්පිටිය, කොහිලවත්තේ අල් ඉබ්‍රහිමියා පල්ලියට ප්‍රහාරයක්
8. මැයි 16 – ත්‍රිකුණාමලයේ සෙල්වනගර් හි මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවලට වෙඩි ප්‍රහාරයක්. බියට පත් මුස්ලිම් ජනතාව සිය නිවාසවලින් ඉවත්ව යති
9. මැයි 17 – පානදුරේ මුස්ලිම් බේකරියකට සහ දුරකථන මධ්‍යස්ථානයකට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්
10. මැයි 18 – වෙන්නප්පුවේ Last Chance නම් ව්‍යාපාරික ස්ථානයට ගිනි තැබීම
11. මැයි 19 – මහනුවර මනරපිටියේ පල්ලියට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක්
12. මැයි 20 – ඇල්පිටියේ Lovers Bug සාප්පුව ගිනි තැබීම
13. මැයි 21 – කුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්
14. මැයි 22 – අම්පාරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස ව්‍යාපාරික ස්ථානයකට ගිනි තැබීම
15. මැයි 22 – මහරගම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගිනි තැබීම

Archive

Latest news

Related news