Wednesday, April 24, 2024

පොලිස් විහිළු නොතකා අප්‍රමාදව පැමිණ විමර්ශණයට සහාය දෙමි – පොද්දල ජයන්ත

ජායාරූපය: පෝද්දල ජයන්ත පැහැරගෙන වධහිිංසා පැමිණවීමට එරෙහි කොළඹ පැවැති උද්ඝෝෂනය.

නුගේගොඩ පොලිස් අධිකාරීවරයා විසින් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත වෙත යවන ලද ලිපියකට පිළිතුරු යවන පෝද්දල කියා සිටින්නේ අප්‍රමාදව පැමැණී තමා පැහැර ගැනීම සම්බන්ධ විමර්ශණයට සහාය දීමටට තමා අපේක්ෂා කරන බවයි.

එසේම පොලීස්පතිවරයා තමාගෙන් විමසා ඇති ප්‍රශ්ණ විහිළු සහගත බවද ඔහු කියා සිටී.

වසර අටකට හෝ පසුව තමා පැහැර ගත් ප්‍රදේශය අදාළ නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යාලය ඒ පිළිබඳව විමර්ශණයක් ආරම්භ කීරීම ගැන තමා සතුටු වන බව ද පොද්දල ජයන්ත එම ලිපියෙන් කියා සිටී.

මෙයට පෙර පොද්දල ජයන්ත විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට පිළිතුරක් වශයෙන් නුගේගොඩ පොලිස් අධිකාරීවරයා මෙම ලිපිය පොද්දල ජයන්ත වෙත යවා තිබේ. එම මුල් ලිපිය පොද්දල විසින් පොලිස්පති වෙත යොමු කර ඇත්තේ මාධ්‍යවේදී පැහැර ගැනීමට අදාළ සැකකරුවන් තමා පැහැර ගැනීමට සම්බන්ධ විය හැකි යැයි සිතූ බැවිනි.

එම ලිපියෙන් පැහැර ගත් වාහනයේ අංකය දැනුම් දිය හැකිද කියා විමසා තිබීම හාස්‍ය ජනක එකක් බව කියන පොද්දල ජයන්ත පැහැර ගැනීමට එන වාහන නිවැරදි අංක තහඩු සමඟ එන්නේ යැයි සින්නේදැයි පොලිස් අධිකාරීවරයාගෙන් ආපසු ප්‍රශ්ණ කරයි.

එමෙන්ම පොද්දල කියා සිටින්නේ තමා එවැනි අංකයක් දැන සිටියේ නම් පසුගිය වසර 08 එය නොකියා සිටිනු ඇත්දැයි කියා ය. තමා එවැනි අංකයක් දැන සිටියේ නම් සිය මාධ්‍ය සගයින් විසින් එම වාහනය පිළිබඳ තොරතුරු ලෙහෙසියෙන්ම සොයාගන්නට තිබිනැයි ද පෝද්දල වැඩිදුරටත් කියා සිටී.

පොද්දල ජයන්ත විසින් යවන ලද ලිපිය පහත දැක්වේ:

Archive

Latest news

Related news