Wednesday, May 8, 2024

කෝටි ගණනින් ලාබ ඇතිව තීරුබදු රහිත වාහන විකුණූ මංත්‍රී ලැයිස්තුව මෙන්න!

ජායාරූපය: විකුණන ලද තිරුබදු රහිත වාහන බලපත් මගින් වැඩිපුරම ගෙන්වා ඇත්තේ බදු රහිතව රුපියල් කෝටි තුනක් පමණ වැය වන ටෙයෝටා ලෑන්ඩු කෘෂර් නම් මෙම වාහන වර්ගයයි.

නීතිවේදී නාගහනන්ද කොඩිතුවක්කු   විසින් තොරතුරු පනත යටතේ ලබා ගන්නා ලද  තිරුබදු රහිත වාහන විකුණන ලද මැති ඇමැති ලැයිස්තුව පසුගිය 11 දා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලදී. මෙම මැති ඇමැති වරු 2015 අගෝස්තු මහා  මැතිවරණයෙන්  තේරී පත්වූ අයවෙති. නාගහනන්ද තොඩිතුවක්කු යනු   නම් මහජන යහපත සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට එළඹෙන නීති ක්‍රියාකාරිකයෙකි.

මෙලෙස තිරුබදු රහිතව ලබා ගන්නා ලද වාහන විකීණීම දූෂණයක් සේ සළකා නිසි පියවර ගන්නා ලෙස ඔහු විසින් 2016 දෙසැම්බර් මාසයේදී අල්ලස් සහ දූෂණ කොමිසමට  ඉදිරිපත් කරන ලද පෙත්සම එය  විසින් විභාග නොකරන ලදී. නාගහනන්ද කොඩිතුවක්කු අල්ලස් කොමිසමට විරුද්ධව දැන් එම කාරණය උඩම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

මේ සඳහා ඔහු තොරතුරු පනත යටතේ තිරුබදු රහිතව වාහන ගෙන්වීමට ලබා ගත් බලපත්‍ර විකුණා ඇති මැති ඇමැතිවරැන්ගේ නාම ලේඛනය ලබා ගෙන තිබේ. සාමන්‍යයෙන් මංත්‍රීවරයකුට ලක්ෂ 300ක් තිරුබදු සහනයක් ලබා දී ඇති අතර එය ලක්ෂ 450 ඉක්මවා ගිය අවස්ථා ද තිබේ.

මෙම වාහන විකිණීමේ ජාවාරම නිසා රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන හතක් නොහොත් මිලියන 7,000ක් බව වාර්තාවේ.

එළෙස වාහාන විකුණන ලද මැති ඇමැතිවරුන්ගේ ලේඛනය පහත දැක්වෙන අතර ඔවුන් විසින් කවර වර්ගයේ වාහනයක් කවරකුට ලබා දී ඇත්ද යන්න ඉන් පහළින් ඇති ඉංග්‍රිසි ලේඛනයෙහි දැක්වේ.

වාසුදේව නානායක්කාර. අතුරලියේ රතන, ජොන් සෙනවිරත්න, මංගල සමරවීර, රංජන් රාමනායක, මාවෙයි සේනාධිරාජා, ප්‍රසන්න රණතුංග, ඩග්ලස් දේවානන්ද, සරත් අමුණුගම සහ දිලුම් අමුණුගම යනාදින්ද සිය තීරබදු රහිත වාහන විකුණා අඩුම වශයෙන් රුපියල් ලක්ෂ 200 – 300 දක්වා උපයාගෙන තිබේ. මින් සමහරකු ධනපතියන් වන අතර ඔවුන් සිය තීරුබදු රහිත වාහන විකුණා ඇත්තේ නැතිබැරි කමට නොවේ. එමෙන්ම මින් බොහෝ දෙනෙකු මෙම ජවාරම අඩුම වශයෙන් දෙතුන් වතාවක්වත් කර තිබේ. එමගින් මහජනයාට යා යුතු මුදල් ලක්ෂ 500ක් පමණ ගසා කා තිබේ.

 

  1. එස්. සිද්ධාර්ථන්
  2. එස්. ඥණමුත්තු
  3. ඒ.එස්.කේ. ජයකොඩි
  4. එස්.සී. මුතුකුමාරණ
  5. චමල් රාජපක්ෂ
  6. එස්. සිවමෝහන්
  7. ඒ.බී.යූ.ඩී. පතිරණ
  8. ජනක බණඩාර තෙන්නකොන්
  9. වී.එන්.පි. සේනානායක
  10. ඩබ්. එල්. අළුවිහාරේ
  11. කේ.එස්.එන්. පෙරේරා
  12. ආර්.සි.බි. පතිරණ
  13. ටී.ඩබ්.ඩබ්. දිසානායක
  14. එන්. මුතුහෙට්ටිගමගේ
  15. සුජීව සේරසිංහ
  16. කේ.වි.විජේසේකර
  17. මොහාන් ලාල් ග්‍රේරෝ
  18. පී.කේ. තෙවරප්පෙරුම
  19. එච්.එම්.පි.එන්.ඩි.සිල්වා
  20. ඉම්රාන් මහරුප්
  21. ජේ.පි.ආර්.කේ. විජේරත්න
  22. ඩී.වි.සි. දිනුශාන්
  23. අතුරලියේ රතන
  24. වී. මහේශ්වරන්
  25. වඩිවේල් සුරේශ්
  26. ලක්ෂ්මන් කිරිඇල්ල
  27. එස්.සේනාධිරාජා
  28. පි.එම්.කේ.ඒ.එස්. ජයරත්න
  29. දිලුම් එස්.බී.අමුණුගම
  30. ලොහාන් රත්වත්තේ
  31. උදය ගම්මන්පිළ
  32. බී.එච්.විජේපාල
  33. එස්.ප්‍රේමරත්න
  34. පී.එස්. ප්‍රනාන්දු පුල්ලේ
  35. අයි.පීජේ. සෙනවිරත්න
  36. ජී.වී. විජිතමුනි සොයිසා
  37. කබීර් හසිම්
  38. ෂෙහාන් ඒ. සේමසිංහ
  39. නිමල් ලන්සා
  40. පි. වන්නිආරච්චි
  41. ආර්.ඩි. ප්‍රියන්ත අසෝක
  42. බී.ඒ. විජිත
  43. බි.පී.රණවීර
  44. එම්.එස්.තව්ෆික්
  45. නඩේසු සිවශක්ති
  46. රංජන් රාමනායක
  47. ෆයිසාල් එම්.සි.එම්
  48. පී.කරුණාරත්න
  49. එච්.එම්.එම් හරීස්
  50. ආර්.එම්.ආර්.එම්.බණ්ඩාර
  51. තිලක් ජේ.මාරපන
  52. පී.පි.එම්.පි.ජයතිලක
  53. එස්.එම්.මරික්කාර්
  54. එන්.ඩබ්.පි.එන්. පෙරේරා
  55. මංගල සමරවීර
  56. කේ.එස්.එස්.පෙරේරා
  57. අබ්දුල්ලා මහරුෆ්
  58. රෙජිනොල්ඩ් කුරේ
  59. එම්.ජී.එම්.එම්.රාජගුරු
  60. ටී.රම්යා බාලසූරිය
  61. කේ.කෝඩේස්වරන්
  62. එස්.එම්.චන්ද්‍රෙස්න
  63. ගාමිනී ජේ. ජයවීර
  64. ඩී.එල්.ඊ. ගුණසේකර
  65. සරත් අමුණුගම
  66. එල්.ජි.ජී.කරුණාතිලක
  67. ජී.ඒ.ඩී.පී.පී. විජේසේකර
  68. එම්.එච්.එම්.සල්මන්
  69. ඒ.රාමනාදන්
  70. එම්.වයි.අබේවර්ධන
  71. එච්.එස්.රාජකරුණා
  72. ප්‍රසන්න රණතුංග
  73. එස්.යෝගේස්වරන්
  74. එම්.තිලකරාජා
  75. වාසුදේව නානායක්කාර
  76. ඒ.එම්.පි.ඩි සිල්වා
  77. මාරප්පන් වේලුකුමාර්
  78. සන්දිත් සමරසිංහ
  79. ටී.රන්ජිත් ඩි සොයිසා
  80. ඒ. අරවින්ද් කුමාර්
  81. අයි.සී.නිමලනාදන්
  82. දොන් චන්දිම ගමගේ
  83. ඩග්ලස් දේවාන්නද
  84. ඒ.ඒ.විජේතුංග
  85. සී.ඒ.මාරසිංහ
  86. බි.එම්.ඩි.ටී බස්නායක
  87. බී.එම්.බණ්ඩාරනායක
  88. පලනි දිගම්බරන්
  89. ඊ. සරවනපවන්
  90. ඩී.එම්.එම්.පි.ඩබ්. දිසානායක
  91. එම්.අයි.ඒ.එම් හිස්බුල්ලා
  92. එස්.ඒ.ජේ.රොද්‍රිගෝ

Archive

Latest news

Related news