Friday, April 26, 2024

වෛද්‍ය සභාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හෙළා දකියි!

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල කර ඇති බෝම්මබ ප්‍රහාරය තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙම බියගුළු ප්‍රහාරය ආණ්ඩුවේ වුවමනාවට සැලසුම් කරන්නට ඇතැයි සැකකරන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සයිටම් විරෝධී සටනේ තීරනාත්මක මෙහෙවරක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉටුකරමින් තිබෙන පසුබිමක් තුළ මෙවැනි බියගුළු ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දෙසට සැකය එල්ලවීම අනිවාර්යයක් බවත් ආණ්ඩුව මැදිහත්ව වහාම මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් නීතියේ රැහැනට හස‍ෙකර ගයුතු බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කර සිටියි.

මීට පෙරද වෛද්‍ය සභාවට හා වෛද්‍ය සභාවේ සාමාජිකයන්ට මෙවැනිම අත්බෝම්බ ප්‍රහාර, තර්ජනය කිරීම්, පහරදීම් බලපෑම් එල්ලවුවද එම බියගුළු ක්‍රියාමාර්ගවලින් පසුවත් වෛද්‍ය සභාව වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සෘජු ස්ථාවරයක සිට කටයුතු කළ බවත් මෙවරද සයිටම් විරෝධී සටන අඩපන කිරීම අරමුණු කරගෙන මෙවැනි බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට සැක කරන බවත් එවැන් ප්‍රහාරයන් හමුවේ සයිටම් විරෝධී සටන අඩපන කළ නොහැකි බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර ප්‍රහාරකයන් කවුරුන්ද යන්න රට හමුවේ හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීම බවත් එසේ නොකර මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවෙන් ආණ්ඩුවට ගැලවිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news