Sunday, April 28, 2024

මාධ්‍ය නිදහස අවුරන පනත් දෙකක් ගැන අනතුරු හැඟවීමක්

ජායාරූපය: මාධ්‍ය නියාමන පනත කිසිදු ජනමාධ්‍ය සාකච්ජාවකින් තොරව ගෙන එමින් සිටින්නේ ජ්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කළන්සූරිය විසිනි.

අදට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන ට්‍රාන්ස්පෙරන්සි ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මෙරට ජනමාධ්‍ය නිදහස සීමා කැරෙන පනත් දෙකක් සූදානම් වෙමින් ඇති බවට අනතුරු හඟවයි.

ඉන් එක් පනතක් ගෙන ඒමට කටයුතු කරන්නේදේශපාලන පත්වීමකින් ශ්‍රී ලංකා තොරතුරු දෙපාර්ථමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් රංග කළන්සූරිිය විසිනි. එනම් මාධ්‍ය නියාමනය සඳහා පනතකි්‍. මෙම පනත සකස් කර ඇත්තේ ජනමාධ්‍ය සංවිධාන හෝ ජනමාධ්‍ය ආයතන සමඟ කිසිදු සාකච්ජාවකින් තොරවය. මෙම පනත දැන්  ඩෙන්මාර්කයේ පිහිටි ඉන්ටර්නැෂනල් මීඩියා සපොර්ට් නම් ආයතනයකින් සහය ලබන ජනමාධ්‍යට සම්බන්ධ නැති  රාජ්‍ය නොවන සංවිධානයකින් ප්‍රසිද්ධ කරගෙන යයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ළඟදීම අප විසින් පළ කරනු ඇත.

ට්‍රාන්ස්පෙරන්සි ලංකා ශාඛාව විසින් කරන ලද ප්‍රකාශනය පහත දැක්වේ:

පැරිස් නුවර පිහිටි රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් ආයතනය විසින් ප්‍රකාශ කර ඇති නමතම ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව සුළු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර, සමීක්ෂණයට ලක්වූ රටවල් 180ක් අතරින් ලංකාව 141 වන ස්ථානයේ පසු වෙයි.

ඒ ඒ රටවල් වල මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, නීතිමය රාමුවේ ගුණාත්මක භාවය, මාධ්‍ය නිදහස හා බහුවිධතාව වැනි සාධක පදනම් කොට මෙම සමීක්ෂණය සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය සමරනවාත් සමඟම විශේෂිත වූ නීති දෙකක් සම්පාදනය කෙරෙමින් පවතී. එම නීති ප්‍රධාන පාර්ශ්වකරුවන් වන මාධ්‍ය හා මාධ්‍යවේදීන්ගේ අදහස් විමසුමකින් තොරව මෙම නීතීන් සම්මත වුවහොත් එය මාධ්‍ය නිදහසට බාධකයක් විය හැක.

යෝජිත ත්‍රස්ත මර්ධන හා මාධ්‍ය නියාමන සාභා පනත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හා සෙසු පාර්ශ්වකරුවන් සමඟ පුළුල් උපදේශන සාකච්ඡාඇති කරන ලෙස , TISL ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news