Sunday, April 28, 2024

ආණ්ඩුව ජීඑස්පී ප්ලස් පරාජය බාරගනී.

2016 ඔක්තෝබර් මාසයේදී ජීඑස්පී ප්ලස් සහනයලබා ගැනීම පිනිස බෙල්ජියමට ගිය අගමැති වික්‍රමසිංහ එරට අගමැති චාල්ස් මයිකල් සමඟ.

රාජපක්ෂ ආණ්ඩුව විසින් අහිමි කර ගත් යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ල්ස් බදු සහනය තමන් ලබා ගන්නා බවටත් එමගින් ආර්ථිකයට මහත් වාසියක් උදා කර දෙන බවටත් පුරසාරම් දෙඩූ ආණ්ඩුව දැන් මිදි තිත්තයි තියන්නට පටන් ගෙන තිබේ.

ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට යළි ලබා දෙන ලෙස ශ්‍රී ලංකාන්ඩුව යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ 2016 ආරම්භයේ දී ය. ඒ සඳහා විශේෂ සාකච්ජාවකට අගමැති වික්‍රමසිංහ යුරෝපා සංගමයේ ප්‍රධානීන් හමුවීම පිනිස බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට පවා ගියේය.

ජීඑස්පී ප්ල්ස් සහනය ලබා දීමට නම් මැයි 14 දිනට පෙර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අපරාධ විධි විධාන සංග්‍රහය අන්තර් ජාතික ප්‍රමීතීන්ට අදාළ වනසේ සංසෝධනය කළ යුතු බවට යුරෝපා සංගමය විසින් කර ඇති ඉල්ලීම ඉටු කිරීමට තමන්ට නොහැකි බවත් ජීඒස්පී ප්ලස් බදු සහනය නැති වීම ප්‍රශ්ණයක් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවයට පවසා තිබේ.

මේ වනාහී නැවත නැවත උඩ පැනීමෙන් පසුත් මිදි කඩා ගැනීමට බැරි වූ නරියා මිදි තිත්තයි කී  බවට එන ජනප්‍රවාදය යළි රඟ දැක්වීමක් වැන්න.

ඉහත කී පනත් සංසෝධනය කරන සේ අගමැති වික්‍රමසිංහට යුරෝපා සංගමය විසින් එවන ලද ලිපියට ඔහු මේ තාක් පිළිතුරක් යවා නැත.

මේ අනුව මෙම ආණ්ඩුවේ තවත් කයිවාරුවක් පුස්ස බිදීමක් බවට පත්වීමට බෙහෝ දුරටම දැන් ඉඩ තිබේ.

Archive

Latest news

Related news