ග්‍රාම නිලධාරීන් එකවර මාරු කිරීමෙන් ජන්ද හිමි නාම ලේඛන අවුලක් ඇති වේවි.

478
Polling officers and police officers wait in line as they prepare to go to their polling centres ahead of first provincial polls in 25 years in Jaffna, a former war zone in northern Sri Lanka, about 400 kilometres (249 miles) north of Colombo September 20, 2013. Voters in northern Sri Lanka go to the polls on Saturday in a provincial election that threatens to stir up old animosity between the government and ethnic minority Tamils. Defeat for the government of President Mahinda Rajapaksa would be largely symbolic, but victory for the main Tamil party could reignite calls for autonomy. RUTERS/Dinuka Liyanawatte (SRI LANKA - Tags: POLITICS ELECTIONS TPX IMAGES OF THE DAY)

ජායාරූපය: ජන්ද පෙට්ටි බෙදා හැරීම සඳහා බස්රථවලට පැටවීමට පෙර.credit: VoiZ .

වසර තුනකට වැඩි කලක් එකම වසමක සේවය කළ සියළුම ග්‍රාම නිලධාරිවරුන්ට වහා ස්ථාන මාරුවීම් ලබාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය 2017 මාර්තු 7 දින ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කළ හොත්  ලබන ජුනි මස ආරම්භවීමට නියමිත 2017 ඡන්දහිමි ප්‍රතිශෝධන ක්‍රියාවලිය අඩපන විමට ඉඩ  ඇති බව කැෆේ සංවිධානය පවසයි.

මෙම නියෝගයට අනුව, වෙසක් සතිය අවසන්වීමෙන් පසුව ජනප්‍රිය පාසල් අයත්වන ග්‍රාම නිලධාරි වසම් හි වසර දෙකක් සේවය කරන කල නිලධාරීන් ද, වසර තුනකට වැඩි කලක් එක් වසමක සේවය කරන සියලුම ග්‍රාම නිලධාරීන් ද, ඇතුළු දහස් ගණනක් නිලධාරීන් එක්වර ස්ථාන මාරුවීම් සිදු කරනු ඇත. දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් දහස් ගණනක ග්‍රාම නිලධාරීන් එකවර මාරු කිරීම තුල ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් බරපතල ප්‍රායෝගික ගැටළු රාශියක් මතු කරනු ඇතැයි කැෆේ සංවිධානය බිය පළ කරයි.

එම බියට හේතුව වසමේ පදිංචිකරුවන් පිළිබද පුළුල් අත්දැකීම් ඇති ග්‍රාම නිලධාරිවරුන් පිරිසක් ඡන්ද හිමියන්ගේ මුලික සංගණන කටයුතු සිදු කිරීම ඡන්ද හිමි නාමලේඛනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට ප්‍රභල හේතුවක් වන බැවින් යැයි  කැෆේ ප්‍රකාශ කරයි.

කැෆේ සංවිධානය විසින් නිකුත් කර ඇති ප්‍රකාශණයේ මෙසේ ද සඳහන් වෙයි:

ජනප්‍රිය පාසල් සදහා සිසුන් ඇතුලත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සැකසීම සංවිධානාත්මක ලෙස ඉතා සීමිත ග්‍රාම නිලධාරිවරුන් පිරිසක් විසින් සිදු කර ඇති බව මේ වන විට තහවුරු වී ඇත. එය සංවිධානාත්මක ක්‍රියාවලියක් මිස හුදෙක් ග්‍රාම නිලධාරිවරයා පමණක් සම්බන්ධ කටයුත්තක් නොවේ. උදාහරණයක් ලෙස කොළඹ ප්‍රධාන ජාතික පාසලක පළමු වසර සදහා මෙම වසරේ ලැබී තිබු උප්පැන්න සහතික 400 කින් අතුරින් 80 ක් පමණ ව්‍යාජ සහතික විය. මෙවැනි සහතික බහුතරයක් සකස් කොට ඇත්තේ රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාලය ඇතුළු තවත් අයගේ ද සහාය ඇතිවය. ග්‍රාම නිලධාරීන් තොග පිටින් මාරු කිරීමෙන් පමණක් ජනප්‍රිය පාසල් සදහා ව්‍යාජ ලේඛණ සැකසීමේ ගැටළුවට විසදුම් ලැබිය නොහැකි බව පැහැදිලිය.

එකම ස්ථානයක දිගු කළක් සේවය කරමින් සිටින බහුතරයක් ග්‍රාම නිලධාරීන් ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ රැකවරණය ලබන පිරිස් වෙති. දුසිම් ගණන් චෝදනා ඇති ග්‍රාම නිලධාරීන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් පියවර නොගන්නේ නම් එහි වගකීම පලාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැරිය යුතුය. ඉතා සීමිත දුෂිත නිලධාරීන් පිරිසකට විනය ක්‍රියා මාර්ග ගැනීම පසෙකලා සමස්ථ ග්‍රාම පරිපාලනයට දැරිය නොහැකි මාරුවීම් සංඛ්‍යාවක් එක් වර සිදු කිරීම කිසි ලෙසකින් හෝ එලදායී විය නොහැකිය. විශේෂයෙන්ම, පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පලාත් පාලනයේ කාර්යක්ෂමතාව බිද වැටී ඇති මොහොතක මෙය අනවශ්‍ය ප්‍රශ්න ගැටළු රාශියක් ඇති කරනු නොවැලැක්විය හැකිය. අනෙක් අතට අති බහුතරයක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරීන්ගේ අධීක්ෂණය හා විනය පාලනය කිරීමට ඇති වෘත්තීය භාවය අවතක්සේකරු කළ නොහැකි ය.

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් සැලකිය යුතු පිරිසකට එරෙහිව අල්ලස් ලබා ගැනීම වැනි දුෂණ චෝදනා එල්ලවී ඇතිබව නොරහසකි. විවිධ සේවා ඉටු කිරීම සදහා අල්ලස් ලබා ගැනීම, ජනප්‍රිය පාසල් සදහා සිසුන් ඇතුලත් කර ගැනීමට ව්‍යාජ සහතික ලබා දීම, ඉඩම් ආශ්‍රිත ගැටළු සදහා එක් පාර්ශවයකට වාසිදායක ලෙස වාර්තා සැපයීම, රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීම, සැපයීම් සිදු කිරීම මේ අතර ප්‍රමුඛ වේ. සිරගෙවල් හි සිටිය යුතු නිලධාරීන් ග්‍රාම නිලධාරීන් හෝ රාජ්‍ය සේවයේ වෙනත් කුමන හෝ ස්ථරයක නියැලි සිටීනම් ඔවුන්ට විනය ක්‍රියා මාර්ග ගැනීම ඉහළ නිලධාරීන්ගේ වගකීමකි. ස්ථාන මාරුවීම් තුලින් පමණක් වංචා, දුෂණ, අක්‍රමිකතා පිළිබද ගැටළු විසදිය නොහැකිය.

ග්‍රාම නිලධාරිවරුන් වෙත වාර්ෂිකව පැවරෙන ප්‍රමුඛ වගකීමක් වන්නේ ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය යි. එබැවින් එම ක්‍රියාවලිය අවසන් වන තෙක් ග්‍රාම නිලධාරිවරුන්ගේ සමූහ ස්ථාන මාරුවීම් ක්‍රමවේදයක් කරා යොමු වන ලෙසත් කැෆේ සංවිධානය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ද, මෙහිදී වැඩිම බලපෑමට ලක් විය හැකි මැතිවරණ කොමිෂන් සභාවෙන් ද විවෘත ආයාචනයක් කරමින් කාරුණාවෙන් ඉල්ලා සිටී.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
2017 අ‌ප්‍රේල් මස 25 වැනිදා