Monday, May 20, 2024

ජායරූප කතාව: මීතොටමුල්ල ඛේදවාචකය සහ ජනපති- අගමැති නිහඩතාවය

ජායාරූපය: වැළලුනු මලසිරුරු සොයන දැවැන්ත බැකෝ යන්ත්‍රයක් විසින් 15දින මැදියමෙහි  එවැනි සිරුරු දෙකක් ගොඩ ගැනීමට මොහාතකට පෙර.

අඩුම වශයෙන් 17 දෙනෙකුට මරු කැදවමින් නිවාස සියයකට වඩා විනාශයට පමුණුවමින් ඊයේ සවස්භාගයේ ඇතිවූ මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් ජනාධිපති හෝ අගමැති තවමත් ශෝඛ ප්‍රකාශයක් කර නොතිබීම පුදුමයට කරුණක් බව දේශපාලන අංශ පෙන්වා දෙති.

පකිස්ථානයේ හෝ රුසියාවේ හෝ වෙන කුමන රටක හෝ සිදුවන ඹ්නෑම රටවල නායකයින්ට වහාම ශෝඛ පණිවිඩ යවන ශ්‍රී ලංකාණ්ඩුවේ නායක දෙපල මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් පැය විසිහතරක් ගතවීමට ආසන්ව තිබියදී නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ කුමන හෝ මිථ්‍යා විශ්වාසයක් නිසාදැයි අයෙක් ප්‍රශ්ණ කරති.

ශ්‍රී ලංකා බ්‍රීප් සමඟ කතා කළ මීතොටමුල්ල ඛේදවාචකයට ලක් වූ ජනයා දේශපාලනඥයින් කෙරෙහි මහත් විරෝධයක් දැක්වූහ. තමන්ගේ සහායට එම කිසිවකු ඉදිරිපත් නොවූ බවත් මෙම අසරණ ජීවිත බිලිවූයේ දේශපාලනඥයින්ගේ උදාසීන පිළිවෙත නිසා බවත් ඔව්හු පවසති.

කුණු කන්ද අසළ පොළව යටින් මතුව ආ බලයක් විසින් නිවාස අඩි ගණනාවක් උසට විසිකළ බවත් එම නිවෙස් අනෙක් නිවෙස් මත වැටීමෙන් තවත් පිරිස් යටවූ බවත් ඇසින් දුටු පිරිස් පවසති. එම ජනයා කියන්නේ අඩුම වශයෙන් තවත් සෑහෙන පිරිසක් කඩා පහත් වූ කුණූ කන්ද යට වැළලී ඇති බවයි. මරණ ගණන ලුහුකොට දැක්වීම මගින් ජනමාධ්‍ය තමන් මුහුණ දුන් ඛේදවාචකය අවම කරන බවට එම ජනයා කෝපයෙන් චෝදනා කරති.

වෙනතක සිට කුණූ කන්ද සමඟ ගසාගෙන ආ ලෑලි නිවසක්

එමෙන්ම විනාශ වූ නිවාස සියයකට වැඩි අතර විනාශයේ සෑබෑ තත්වය සෙවීමට හෝ ආණ්ඩුව මේතාක් ගෙන ඇති පියවරක් නැති තරම්ය.

විපතට පත් ජනයා අසන්නේ කෝටි ගණන් දී වාහන ගෙන්වා ගන්නා රටේ පාලකයින්ට මෙම කුණූ කන්ද පිළිබඳව මීට වඩා විමසිල්ලක් පවත්වා ගැනීමට මුදල් වැය කළ නොහැක්කේ  මන්ද යන්නයි.

 

සොයා ගත් සිරුරු ගණන නොවෙයි අතුරුදහන්වෙච්ච ගාණ කියන්න – ප්‍රදේශවැසියෝ

තමාගේ ජීවිතයේ වසර 42කම මෙම කුණූ කන්ද අසළ ජීවත්වූ අයකු අප සමඟ පැවසූයේ තමා කුඩා කළ මෙහි තිබූයේ ඉතා කුඩා කුණූ කන්දක් බවයි පසුකාලීනව කොළඹ නගරයේ කුණුද ගෙන ඒම නිසා ප්‍රදේශයම කුණූ කන්දෙන් වැසී ගොස් තිබේ.

ගසාගෙන ආ කුණූ කන්ද මත ආවර්ජනාවක

කුණූ කන්ද අසළ පවත්නා රාහුල විදුහලෙහි දරුවන්ට මේ නිසා රෝග බෝවන බව 1990 ගණන් මුල සිටම ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී. එසේ නමුත් ඊට පිළියමක් සෙවීමට පාලකයින් උනන්දු වූයේ නැත.

සිරුරු සෙවීම ඇතුලූ සියලු කටයුතු යුද හමුදා පිරිස් අතින් සිදුවේ.

හම්බන්තොට මහා පරිමාන සංවර්ධනයක් ලබා දුන් රාජපක්ෂ පාලනය මෙම කුණූ කන්දට විරෝධය දැක්වූ පිරිස් රුදවුම් බාරයට පවා පත් කරන ලදී. දැන් සිරිසේන රනිල් ආණ්ඩුවද මේ ජනයා අමතක කර දමා තිබේ.

15වන දින මධ්‍යහනයේදී ගොඩ ගත් දැරියකගේ සිරුර

අගමැති විසින් පසුව නිකුත්කරන ලද නිවේදනය

මීතොටමුල්ල සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

සිංහල අවුරුද්ද උදාවීමත් සමඟ නොසිතූ විපතකට මුහුණදීමට සිදුවූ මීතොටමුල්ල ප‍්‍රදේශයේ ජනතාවට අපගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා.

මීතොටමුල්ල කුණුකන්ද ඉවත් කිරීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක‍්‍රියාමාර්ග ගනිමින් තිබුණා. එහෙත් ඊටත් වඩා වේගයෙන් මේවා අවසන්වීමට පෙර මේ ඛේදවාචකය සිදුවුණා. මේ සිදුවීමට පෙර ඒවා අවසන්කර ගැනීමට බැරිවීම ගැන අපේ රජයේ කණගාටුව ප‍්‍රකාශ කරනවා. මේ සිද්ධිය දැනගත් වහාම මම සියලූදෙනා එක්කම සම්බන්ධවෙලා සාකච්ඡා කළා. මම ජනාධිපතිතුමත් සමඟ සාකච්ඡා කරද්දිත් එතුමා ඒ වනවිටත් සහනදායී සේවා සම්බන්ධීකරණය ක‍්‍රියාත්මක කරලා ඒ වැඩකටයුතු ආරම්භවෙලා තිබුණා. නීතිය හා සාමය ඇමතිතුමා සමඟ ඒ තත්ත්වය ආරක්ෂා කිරීම ගැනත් සාකච්ඡා කළා. කතානායක තුමත් ඒ වගේම මං එක්ක මේ තත්ත්වය සාකච්ඡා කළා. ඒ වගේම ස්වදේශ කටයුතු ඇමතිතුමා ඒ පැත්තෙන් ඒ නිලධාරීන් එකතු කරගෙන නිවාඩු දවසෙ වැඩකටයුතු කළා. බිම් මට්ටමේ ක‍්‍රියාමාර්ග පිළිබද පොලිස්පතිතුමත්,  හමුදාපතිතුමත්, මරික්කාර් මන්ත‍්‍රීතුමා සමඟත් සාකච්ඡා කළා.මේ පිළිබඳ ව මූලික වාර්තා අද උදේ ලැබුණු පසු කොළඹ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රැස්වෙලා ඒ ඇමතිතුමත් නිලධාරීන් එක්කත් ඉදිරි පියවර ගැන සාකච්ඡා කළා. විපතින් ජීවිත හානි වූ අය වෙනුවෙන් තුවාල ලත් අය වෙනුවෙන් ඒ එක්කම දේපල හානි වූ අය වෙනුවෙන් ඒ උදවියටත් පවුල්වලටත් සහනය ලබාදෙන ක‍්‍රියාමාර්ග ගැන එකඟත්වයකට ඇවිල්ල ඒ කොමිටියෙන් ඒ ගැන ජනතාව දැනුම්වත් කරයි. ජනාධිපතිතුමත් මේ අය ගැන සාකච්ඡා කරල තියෙනවා. කුණු කන්ද ඉවත් කිරීමට ජනතාවට අපි දුන්න පොරොන්දුව කිසිසේත්ම අයින්වෙලා නැහැ. ඊට අවශ්‍ය සැළසුම් වේගයෙන් ක‍්‍රියාත්මක කරගෙන යනවා. මම ජනාධිපතිතුමා සමඟ මේ ගැන සාකච්ඡා කළාම මීටත් වඩා ඉක්මනින් අපි ක‍්‍රියාත්මක කළ යුතුයි කියල ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා.

පසුගිය මාස කිහිපය තුළ එස්. එම් මරික්කාර් මන්ත‍්‍රීතුමාගේ යෝජනා කිහිපයක් පිළිගත්තා. ඒවත් ඒ සැළසුම්වලට ඇතුළුවෙලා තියෙනවා. ඒක සීඝ‍්‍රයෙන් අපට ක‍්‍රියාත්මක කරන්න තියෙනවා. මේ කුණු කන්ද ඉවත් කිරීමේ සැළසුම් සියල්ල පරිසරයට හිතකර ඒවා. නීතියට අනුකූල ඒවා. කුණු කන්ද ඉවත් කිරීම නිසා කිසිම ප‍්‍රදේශයේ පරිසරයට හානියක් හෝ පරිසර දූෂණයක් සිදුවන්නේ නැහැ. ඒවා බොරු කතා. මේ නිසා ප‍්‍රධාන ප‍්‍රශ්නය විසඳීමට රජය ක‍්‍රියා කරනවා. ඒක රජයේ වගකීමක්. අහිංසක ජනතාවගේ ජීවිත වලින් මීට වන්දි ගෙවිය යුතු නැහැ. අපි ඒවා සටන්පාඨ අරගෙන කොළොන්නාවේ ජනතාව බිල්ලට දෙන එක අනුමත කරන්නේ නැහැ. මේ අපිට තිබෙන්නේ විශේෂයෙන් ම අපේ ජනතාව ගැන බලලා සහන ලබලා දෙන්න. විශේෂයෙන් ම මේ නිවාස නැතිවෙන අයට, ඉවත්කරන අයට අපි සාධාරණ වන්දියක් දෙන්න  ඕනේ තමන්ගේ නිවාස ලබාගන්න. ඇත්ත වශයෙන් ම සෑහීමකට පත්විය යුතු විසඳුමක් තමයි අපි එතනින් ලබාදෙන්නේ. නැත්නම් ඒ ජීවිත ඉදිරියට ගෙනයන්න අමාරුවෙනවා.

    මට  ඕනේ හැම එක්කෙනාම සෑහීමකට පත්වෙන විදිහට ඒ ක‍්‍රමවේදය ඉදිරියට ගෙන යන්න. විපතට පත් අය ගලවා ගැනීම සඳහා සිංහල අවුරුදු නිවාඩු කාලයේ සහන සේවා කටයුතු කරගෙන ගිය සියලූ දෙනාටම අපි ස්තූති කරන්න  ඕනේ. සම්පූර්ණ වාර්තා ලැබුවායින් පස්සේ මේ ගැන ප‍්‍රකාශයක් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා

Archive

Latest news

Related news