2008 ජූනිහිදී තමන්ට පහර දුන් යුදහමුදා බුද්ධි නිලධාරීන් දෙනෛක් නාමල් පෙරේරා හඳුනා ගනී.

309

2008 ජූනි මාසයේදී මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දී පැහැරගෙන යෑමට තැත් කළ බවට සැක කරන දෙදෙනෙකු අද (12)පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී ඔහු විසින් හදුනා ගන්නා ලදී.

එවකට නාමල් පෙරේරා ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයා විය.

කොළඹ අංක 03 දරණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් චන්ද්‍රා ලියනආරච්චි මහතා ඉදිරියේ මෙම පෙරෙට්ටුව පවත්වන ලද මෙම පෙරෙට්ටුවට එකහා සමාන 42    දෙදෙනෙකු ඉදිරිපත් කරන ලදී.

එම පෙරෙට්ටුවට මරදාන ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ බුද්ධි අනු කණ්ඩයේ සැකකාර මේජර් බුලත්වත්තගේ ඇතුළු හය දෙනාද අතුළත් විය.

එහි දී පළමු සැකකරු වූ මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්තේ සහ තෙවැනි සැකකාර කෝප්‍රල්වරයා නාමල් පෙරේරා විසින් හදුණා ගන්නා ලද බව ලංකා ට්රුත් වාර්තා කර තිබේ. එය තහවුරු නොකළ පුවතක් බව දැන ගන්නට තිබේ.

2008 ජූනි ප්‍රහාරයෙන් පසු   රෝහල් ගත කරන ලද නාමල් පෙරේරා පසුව ජීවිතාරක්ෂාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් එහිදී ජනමාධ්‍ය පාඨමාලාවක් හදාරණ ලදී.

වර්ථමානයෙහි ඔහු මෙරට ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ සේවය කරයි.