Thursday, March 28, 2024

වෙනිසියුලාවේ මදූරෝ පාලනය ආරක්ෂා කරන ජවිපෙ රාජපක්ෂ නොරකින්නේ ඇයි?

ජායාරූපය: මර්දනකාරී මදූරෝ පාලනය රැකගැනීමට වීදි බැස සිටින ජවිපෙ. ( ලංකා ට්රුත් ජායාරූපයකි)

ජනතා විමුක්ති පෙරමුණ වෙනිසිසුලාවේ ජනාධිපති මදූරෝගේ පාලනය රැක ගැනීම පිණිස විදී බැස ඇති බව ඔවුන්ගේ ලංකා ට්රුත් වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

දීර්ඝ කාලයක් පවත්නා දරුණූ ආර්ථික දුෂ්කරතා නිසා එරට ජනයා මුදුරෝගේ පාලනයට විරුද්ධව නිතිපතා උද්ඝෝෂණයන්හි නිරත වෙති. මදුරෝ පෙනී සිටින්නේ සමාජවාදී වෙනිසියුලාවක් වෙනුවෙනි.සරළ උදාහරණයක් ගන්නේ නම් 1970-1977 සිරිමාවෝ බණ්ඩාරණායක පාලනය වැනි එකකි. 1971 ජවිපෙ කැරළි ගැසුවේ එවැනි ආණ්ඩුවකට විරුද්ධවය.

මෑත  එරට පැවැති මැතිවරණයෙන් වෙනිසියුලාවේ දක්ෂිනාංශිත විපක්ෂය පාර්ලිමේන්තුවෙහි වැඩි බලය දිනාගත්තේය. එනමුත් ජනාධිපති මදුරෝ පාර්ලිමේන්තුවට සිය අධිකාරය පාවිච්චි කිරීමට ඉඩ නොදෙයි.

එපමණක් නොව මදූරෝ පක්ෂපාතී එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය විපක්ෂයේ පාර්ලිමේන්තු බලය පාලනය කිරීම පිණිස තමන් රටේ පාලනය බාර ගන්නා බවට ප්‍රකාශයක් කළේය. එය සහමුලින්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු බල විභේදනය අහෝසි කිරීමකි.  මුලු මහත් ලතින් ඇමෙරිකාව පුරාම නැගී ආ විරෝධය නිසා ශ්‍රේෂඨාධිකරණයට සිය තිරණය වෙනස් කිරීමට සිදු විය.

මෙය හරියට රාජපක්ෂ බලයෙන් පහවූ අවස්ථාවෙහි එවකට ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු මොහාන් පීරිස් තමන් රටේ බලය ගන්නේ යැයි කියූවා වැනිය.

ජවිපෙ වෙනිසියුලාවේ මදූරෝගේ පාලනය ආරක්ෂා කරන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමේ සටන් පාඨය යටතේය. අද වාසුදේව නානායක්කාර රාජපක්ෂට සහාය දෙන්නේ ද එවැනි ස්ථාවරයක සිටිමිනි.

මේ අනුව බලන විට ජවිපෙ විසින් 2015 දී  කළ යුතුව තිබුණේ රාජපක්ෂ රැකගැනීමය. මන්ද යත් වෙනිසියුලාවේ මදූරෝ තවත් රාජපක්ෂ කෙනෙකු වන නිසාය.

මේ වනාහී ජවිපෙ දේශපාලනයේ බංකොළොත්කම පෙන්වන තවත් උදාහරණයකි.

 

Archive

Latest news

Related news