Sunday, April 28, 2024

ප්‍රගීත් සහ සන්ධ්‍යා ගැන සරත් වීරසේකරගෙන් ටොන් පච

(සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේ 34වන සැසිවාරය අතුරතුර පැවැති සමාන්තර රුස්වීමක ; ජායාරූපය ප්‍රෙඩී ගමගේ)

තමා ජිනීවාහි මානව හිමිකම්  මණ්ඩළයේ සහභාගි වූ අවස්ථාවෙහි සන්ධ්‍යා එක්නැළිගොඩ දුටු බවත් ජිනීවාහි සිට ඇය ගියේ ප්‍රංශයට බවත් ඒ එරට ජීවත්වන සිය සැමියා වන ප්‍රගීත් එක්නැළිගොඩ හමුවීමට බවත් රාජපක්ෂගේ නියෝජිතයකු වන විශ්‍රාමික නාවික අද්මිරා‍‍‍ල් සරත් වීරසූරිය සිලෝන් ටුඩේ නම් පුවත්පතෙහි (පසුගිය 09වන දින) ප්‍රකාශ කර තිබේ.

සිලෝන් ටුඩේ පුවත්පත පවත්වා ගෙන යන්නේ තවත් රාජපක්ෂවාදියකු වන ටිරන් අලස් විසිනි.

මෙම බොරුකාරයා වන සරත් විරසූරිය ජිනීවා බලා පිටත් වූයේ පසුගිය මාර්තු 13 දින බව එම සිලෝන් ටුඩේ පුවත්පතම වාර්තා කර තිබේ.

පැහැර ගත් සිය සැමියා වන ප්‍රගීත් සොයා අනවරත අරගලයක නිරත දිරිය ගැහැණිය – සන්ධ්‍යා

මානව හිමිකම් මණ්ඩළයේ 34වන සැසි වාරයෙහි පැවැති සමාන්තර රුස්වීමක් ඇමැතීමට සන්ධ්‍යා එක්නැළිගොඩ ජිනීවා කරා පැමිණියේ මාර්තු 06දා ය. දින හතරකට පසු එනම් 09දා රුයෙහි ඇය ආපසු ජිනීවා ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාව බලා පැමිනියාය.

සරත් වීරසේකර කියන්නේ තමා 13දිනෙන් පසු සන්ධ්‍යා එක්නැළිගොඩ මානව හිමිකම් මණ්ඩලයේදී දුටු බවයි.  ඇය ඒ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

මෙය මහා පචයකි. එනයින්ම ඇය ජිනීවා සිට ප්‍රංශය බලා ගියේ යන්න ද පචයකි.

ප්‍රගීත් එක්නැළිගොඩ ගැන කතා කරමින් වීරසූරිය ටිරන් අලස්ගේ පුවත් පතට කියා ඇත්තේ ඔහු ජනමාධ්‍යවේදියකු නොවන බවත් ලියා ඇත්තේ එකම එක ලිපියක් බවත් ය. පැහැරගෙන යන අවස්ථාවෙහි ලංකා ඊ නිව්ස් හි සේවය කරමින් සිටි ප්‍රගීත් එයට පෙර පුවත් පත් ගණනාවක සේවයකළ අතර සියරට පුවත්පතෙහි කර්තෘවරයා ලෙසද සේවය කර තිබුණි. ඔහු විසින් විවිධ ජනමාධ්‍ය සඳහා කාටූන් ද අදින ලදී.

සරත් වීරසේකර කියන්නේ ප්‍රගීත් ප්‍රංශයේ ජීවත්වනු බොහෝ අය දැක ඇති බවයි. එනමුත් එම කවරකුගේ හෝ නමක් ඔහු කියන්නේ නැත.

ඇත්ත වශයෙන්ම නම් 2010 ජනවාරි 24වන දින යුද හමුදා කණ්ඩායමක් විසින් පැහැර ගෙන නැගෙනහිර හමුදා කඳවුරක් කරා ගෙන ගිය බවට දැන් සාක්ෂි ලැබී තිබේ. එළෙස සාක්ෂි ලැබී තිබියදීත් මෙැවැනි බේගල් ඇදබාන සරත් වීරසේකර ටිරන් අලස්ගේ පුවත්පත විසින් හදුන්වා තිබුණේ ජිනීවා යන ගෝටාගේ යුදවීරයා ලෙසය.

ඔහු ජීනීවා ගියේ රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් බවද සිංහල වර්ගවාදී ජනමාධ්‍යකරුවන් විසින් වාර්තා කර තිබුණි.

ගොටාගේ යුදවීරයෝ ජිනිවා බලා යති. සිලෝන් ටුඩේ පුවත.

Archive

Latest news

Related news