Monday, May 13, 2024

රාජපක්ෂ මතවාදයට ජනයා අතර පිළිගැනීම අවම බව ජනමත සමීක්ෂණයක් පෙන්වයි.

2017 මාර්තු මාසයේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපල අනුව රජයේ ක‍්‍රියාකාරීත්වය නරක බවටත් එය හැකි ඉක්මනින් ඡන්දයකින් වෙනස් කලයුතු බවත් කියා සිට ඇත්තේ ජාතික මට්ටමෙහි 16.5%ක් පමණි. සිංහල ජනයා අතර එම ප්‍රතිශතය 20.6%කි.  දකුණු සහ උතුරු මැද පළාත්හි සියයට 30ක් එම අදහසේ සිටිත්. එම මතයට දෙමළ සහ මුස්ලිම් ජනයා අතර ඇති පිළිගැනීම 3% අඩුය. ඉන් පෙනී යන්නේ වහාම ආණ්ඩුව වෙනස් කළ යුතු බවට රාජපක්ෂ ගෙන යන ප්‍රචාරයට ජන අනුමැතියක් නැති බවයි.

එසේ නමුත් රජයේ සන්නිවේදන ක්‍රියාකාරිත්වය ඉතා දුර්වල බවට ප්‍රබල ජන පිරිස් අතර හැඟිමක් ඇති බව ද එම අදහස් විමසීමෙන් පෙන්නුම් කරයි. තවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට වු ජනමතය දුර්වල වෙමින් ඇති බවද එහි ප්‍රතිපල විසින් පෙන්වා දෙයි. එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්හි සයයට 75ක් තරම් පිරිසක් 2015න් පසු තතවය යහපත් අතට හැරී ඇති බව විශ්වාස කරති.

එම අදහස් විමසීමෙහි විධායක සාරාංශය පහත දැක්වේ.

වර්ෂ 2015  සිට රජයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් විමසීමේ දී රජයේ ක‍්‍රියාකාරීත්වය අතිශයින්ම හොඳ තත්වයක තිබෙන බවත් තවදුරටත් කිසිදු දියුණුවක් අවශය නොවන බවත් ප‍්‍රකාශ කරන ලද්දේ 1.1%ක් වූ ශ‍්‍රී ලාංකිකයින් ප‍්‍රමාණයක් පමණි. රජයේ ක‍්‍රියාකාරීත්වය හොඳ මුත් රජය විසින් තවදුරටත් ප‍්‍රතිඵල පෙන්විය යුතු බව 42.3% ක් ප‍්‍රකාශ කරන ලදි.  රජයේ ක‍්‍රියාකාරීත්වය නරක බවට ප‍්‍රකාශ කල 23‍% ක් වූ ශ‍්‍රී ලාකිකයින්ගේ අදහස වුයේ නිසි ප‍්‍රතිඵල පෙන්වීම සඳහා රජයට තවදුරටත් කාලය ලබාදියුතු බවය. රජයේ ක‍්‍රියාකාරීත්වය නරක බවටත් එය හැකි ඉක්මනින් ඡන්දයකින් වෙනස් කලයුතු බවත් 16.5%කගේ අදහස විය.

උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කල 75% ක් පමණ වර්ෂ 2015  සිට රජයේ ක‍්‍රියාකාරීත්වය හොඳ තත්වයක තිබෙන බවට ප‍්‍රකාශ කරන අතරම ඒ පිළිබඳව වඩාත්ම අසතුටුදායක තත්වයක් පෙන්නුම් කරන ලද්දේ දකුණ, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්හි වෙසෙන ජනතාවය. වර්ෂ 2015  සිට රජයේ ක‍්‍රියාකාරීත්වය නරක බවටත් එය හැකි ඉක්මනින් ඡන්දයකින් වෙනස් කලයුතු බවත් දකුණ  සහ උතුරු මැද පළාත්හි 30%ක පමණ ජනතාවක් ප‍්‍රකාශ කරන ලදි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පිළිබඳව තොරතුරු දැනුම් දීමේදී රජය කොතරම් සාර්ථකද යන්න පිළිබඳව අදහස් විමසීමේ දී 55% ක් වූ ශ‍්‍රී ලාකිකයින් ප‍්‍රමාණයක් ඒ පිළිබඳව රජය අසාර්ථක බව ප‍්‍රකාශ කල අතර ඒ තුළ 30% ක්ම එහිදී රජය ඉතා අසාර්ථක බව පෙන්වා දී තිබුණි.

ව්‍යවස්ථාදායක සභාව සහ එහි අනු කමිටු තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳව කෙරෙන සාකච්චාවන්හි අන්තර්ගතය ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජය අසාර්ථක (එය ඉතා අසාර්ථක බව ප‍්‍රකාශ කරන 30.8% ක් වූ ශ‍්‍රී ලාකිකයින් ප‍්‍රමාණයක් ද ඇතුළුව)  බව  55% ක් වූ ශ‍්‍රී ලාකිකයින් ප‍්‍රමාණයක් ප‍්‍රකාශ කරන ලදි. නව   ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඇතුලත් කලයුතු හෝ වෙනස් කලයුතු වන්නේ කවර කාරණාවන්ද යන්න දැනගැනීම පිණිස පුරවැසියන්ගෙන් අදහස් විමසීම සම්බන්ධයෙන් ද රජය අසාර්ථක බව 56.4% ක් වූ ශ‍්‍රී ලාකිකයින් ප‍්‍රමාණයක් ප‍්‍රකාශ කරන ලදි.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මඟින් වර්ෂ 2016 ඔක්තෝබර් මස  පැවැත්වූ අධ්‍යයනය සමඟ සැසඳීමේදී සමස්ථයක් වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පිළිබඳව දැනුවත්භාවයෙහි තරමක වැඩිවීමක් පෙන්නුම් කරන ලදි. වර්ෂ 2016 ඔක්තෝබර් හිදී 22% ක් වූ එකී දැනුවත්භාවය වර්ෂ 2017 මාර්තු මස 29% ක් බවට දැකිවුණිග ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පිළිබඳව නොදන්නා බව ප‍්‍රකාශ කල ප‍්‍රතිශතය මෙකී කාල පරාසය තුළ 24% සිට 12% දක්වා පහත වැටී තිබේ.

දැනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කල යුතුද හෝ ඊට අවශ්‍ය සංශෝධන හඳුන්වාදී එයම පවත්වාගෙන යායුතුද යන කාරණය විමසීමේදී, 23.5‍% ක්වූ ශ‍්‍රී ලාකිකයින්ගේ අදහස වුයේ අපට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන බවත් 38.9‍% ක්වූ ප‍්‍රමාණයකගේ මතය වූයේ අවශ්‍ය සංශෝධන හඳුන්වාදී පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම පවත්වාගෙන යායුතු බවත්ය.

විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කලයුතුය යන මතයට ශ‍්‍රී ලාකිකයින් අතර තිබූ සහයෝගය තරමක් පහතවැටී ඇති බව පෙන්නුම් කරයි. වර්ෂ 2016 ඔක්තෝබර් හිදී 35.7‍%  ක් වූ එකී සහයෝගයෙහි ප‍්‍රතිශතය වර්ෂ 2017 මාර්තු මස 30.1‍%   ක් දක්වා පහතවැටී තිබුණි. එම සහයොග්හෙි පහත වැටීම බස්නාහිර පළාත තුළ  36.7‍%  සිට 35.7‍%  දක්වා ද, උතුරු මැද පළාත තුළ  48.6‍%  සිට 30.8‍%  දක්වා ද, ල ඌව පළාත තුළ 32.8‍%  සිට 21.1‍%  දක්වා ද සහ සබරගමුව පළාත තුළ 44‍%  සිට 29.5‍% දක්වා ද ආදී වශයෙන් වර්තා වුණි.  විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කලයුතුය යන මතයට සහයෝගය නොදෙන පිරිසෙහි වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර එය මධ්‍යම පළාත තුළ 27.4‍%  සිට 40.8‍%  දක්වා ද, ඌව පළාත තුළ  32.8‍%  සිට 59.6‍%  දක්වා ද සහ සබරගමුව පළාත තුළ 40.8‍%  සිට 50.2‍%  දක්වා ද ආදී වශයෙන් වාර්තා වුණි.

මෙම අධ්‍යනය තුළදී, ජනමත විචාරණයක් යනු කුමක්දැයි දන්නේද යන්න විමසූ කල්හි, ශ‍්‍රී ලාංකිකයින්ගෙන් 62.1‍% ක් ඒ පිළිබඳව දන්නා බවත් 37.3‍%  ක් ඒ පිළිබඳව නොදන්නා බවත් ප‍්‍රකාශ කරන ලදි. ජනමත විචාරණයක් යනු කුමක්දැයි දන්නා බව ප‍්‍රකාශ කල පිරිස අතර සබරගමුව පළාත තුළ 88‍% ද වයඹ පළාත තුළ 82‍% ද, සහ උතුරු මැද පළාත තුළ 70‍% ක්ද විය. ජනමත විචාරණයක් යනු කුමක්දැයි නොදන්නා බව ප‍්‍රකාශ කල පිරිස අතර නැගෙනහිර පළාත තුළ 54.6‍%  ක්ද සහ උතුරු මෙන්ම දකුණු පළාත් තුළින් 50‍% ක පමණ ප‍්‍රමාණයක්ද වාර්තා වුණි.

අර්ථවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් උදෙසා ජනමත විචාරණයක් අවශ්‍ය දැයි ජනමත විචාරණයක් යනු කුමක්දැයි දන්නා බව ප‍්‍රකාශ කල පිරිසෙන් විමසූ කල්හි ඔවුන්ගෙන් 85.6‍%  ක් ප‍්‍රකාශ කරන ලද්දේ එවැන්නක් අවශ්‍ය වන බවයිි. ජනමත විචාරණයකින් තොරව  ශ‍්‍රී ලාංකාවට අර්ථවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් ළඟාකර ගත හැකි බවට දකුණු පළාතෙන්  21.4‍%  ක් ද සහ නැගෙනහිර පළාත තුළින් 17.7‍%  ක් ද ප‍්‍රකාශ කරන ලදි.

රජය විසින් ප‍්‍රමුඛතාවය දියයුතු බවට ලාංකිකයින් විශ්වාස කරනු ලබන මූලික කාරණා ත‍්‍රිත්වය වන්නේ 1. ආර්ථිකය සහ සංවර්ධනය 2. නීතිය හා සාමය 3. දූෂණය ආදියයි. මෙකී තෝරාගැනීම සිදු කරන ලද කාරණා ලැයිස්තුවෙහි තිබූ අනෙකුත් කරුණු ද්විත්වය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ සමඟි සංධානයයි. ඔවුන්ගේ පළමු තේරීම  කුමක්ද යනන‍් විමසූ කල්හි, රජය විසින් ඒ සඳහා  ආර්ථිකය සහ සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දිය යුත්තේ ජීවන වියදම පහත දැමිය යුතු නිසාවෙන් බව දැක්වුණි.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ක‍්‍රියාවලියක් සහ සංක‍්‍රාන්තීය යුක්තිය පිළිබඳ ක‍්‍රියාවලියක් එකවර සිදුවිය යුතුද එසේ නැතිනම් එක් ක‍්‍රියාවලියකට පසු අනෙක් ක‍්‍රියාවලිය සිදුවිය යුතුද යන්න විමසූ කල්හි, ඒ පිළිබඳව තමන් නොදන්නා බව ලාංකිකයින්ගෙන්
46.5‍ %ක් ප‍්‍රකාශ කරන ලද අතර 20‍% ක් ප‍්‍රකාශ කරන ලද්දේ මෙම ක‍්‍රියාවලින් ද්විත්වයම එකවර සිදුවිය යුතු බවයග මෙම ක‍්‍රියාවලින් ද්විත්වයම එකවර සිදුවිය යුතු බවට උතුරු පළාතේ 40.4‍5 ක් ප‍්‍රකාශ කරන ලදි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ සංක‍්‍රාන්තීය යුක්තිය පිළිබඳව කාරණාවන්ට වඩා රජය විසින් සිය අවධානය වැඩි වශයෙන් යොමු කලයුතු වැදගත් ප‍්‍රශ්ණ තිබෙන බවට ලාංකිකයින්ගෙන් 66.2‍% ක් විශ්වාස කරයි. උතුරු සහ නැගෙනහිර පළාත් හැර අනෙක් සියලුම පළාත් වල මෙම අදහස පවතී. එලෙස  අවධානය වැඩි වශයෙන් යොමු කලයුතුව පවතින වෙනත් ප‍්‍රශ්ණ මොනාදැයි විමසූ කල්හිල ලබාදුන් පිළිතුරු සියල්ලම පාහේ ආර්ථිකය සහ සංවර්ධනය – එනම්, ජීවන වියදම, යටිතල පහසකු ම් සංවර්ධනය, රටේ සංවර්ධනය සහ විරැකියාව ආදී තත්වයන්ට සම්බන්ධ ඒවා විය.

ඉංග්‍රිසි බසින් ඇති සම්පූර්ණ  වාර්තාව සඳහා මෙහි පිවිසෙන්න: 2017 OPINION POLL ON
CONSTITUTIONAL REFORM TOP LINE REPORT 

Archive

Latest news

Related news