Sunday, April 28, 2024

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත (පළමුවැනි සාකච්ඡා කෙටුම්පත)

ජායාරූපය: ජනමාධ්‍ය නියාමනයක් නැතිවිට ඇති වන්නේ ජනමාධ්‍ය මගින් මහජනයා සිරගත කිරීමය.

උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය අයිතීන්  හා ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සදහා යැයි රජයේ තොරතුරු දෙපාර්ථමේන්තුව විසින් දියත් කර ඇති වැඩ සටහනට අදාළව විජයාන්නද ජයවීර විසින් සකස් කරන ලද පනතෙහි  සාකච්ජා කෙටුම්පත පහත සඳහන් වේ. දැන ගන්නට ඇති පරිදි මෙහි දෙමළ භාෂා පරිවර්ථනයක් තවම අවසන් කර නැත. විජයානන්ද ජයවිර ප්‍රමුඛ මාධ්‍ය උපදේශකයකු වන අතර වර්ථමානයෙහි  ශ්‍රී ලංකාවේ තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණඩුවට උපදෙස් දීම පිනිස ලෝක බැංකුව විසින් පත් කරන ලද විශේෂඥයා ලෙස කටයුතු කරයි.

පනත සක ඇත්තේ විජයාන්නද ජයවීර විසිනි.

නුදුරෙහිදීම මෙවැනි පනත ගෙන එනු ලබන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන ප්‍රකාශ කර තිබේ්.

ඉංග්‍රිසි බසින් සකස් කරන ලද පනතෙහි මුල් පිටපතෙහි සිංහල පර්වර්ථනය පහත දැක්වේ.

——

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරන ලද සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින් අදහස් පළ කිරීමෙ නිදහස සහතික කර ඇති බැවින් ද;

නිර්බාධිත ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් සඳහා වේදිකාවක් වෙමින්, පුරවැසියන්ට පුළුල් පරාසයක තොරතුරු සැපයීමට කැපවෙන, උසස් ආචාරධර්මීය ප්‍රමිතිවලින් හා වෘත්තීය නිපුණත්වයකින් යුත්, නිදහස්, ස්වාධීන සහ බහුවිධ මාධ්‍ය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමට සහ පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය බව සලකමින් ද;

1.ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ.

මෙම පනත…………දරන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලපනත යනුවෙන් හඳුන්වනු ලබන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ 79 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාර සහතික කිරීමේ දිනයේ සිට ඉක්බිතිව ම වූ දිනයේ දී මේ පනත ක්‍රියාත්මක විය යුතු ය.

 පුවත්පත් මණ්ඩල පනත අවලංගු කිරීම

2.1979 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මේ මගින් අවලංගු කරනු ලැබේ

3.මේ පනතේ අරමුණ සඳහා මේ පනත පහත දැක්වෙන පරිදි සැදුම් ලත් ප්‍රවෘත්ති මාධ්‍ය වලට අදාළ වෙයි:

3.1.  ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත් කරනු ලබනප්‍ර වෘත්ති මාධ්‍ය ප්‍රකාශන සහ ඒවායේ  අන්තර්ජාල මාදිලි;

3.2. විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍රයේ සඳහන් වන කොන්දෙසි වලට යටත් ව, ශ්‍රීලංකාව තුළ විකාශනය කරන හෝ බෙදාහරින විද්‍යුත් මාධ්‍ය සේවා සහ ඒවායේ අන්තර්ජාල මාදිලි;

3.3. ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලයවිසින් නිල වශයෙන් පිළිගත් අදාළ ව්‍යවහාර සංග්‍රහ(Codes of Practices) ස්වෙච්ඡාවෙන් පිළිපැදීමට සිය එකඟත්වය විධිමත් ලෙස ලිඛිත ව ප්‍රකාශ කරන සහ ඒ් එකඟත්වය තම වෙබ් අඩවි මුල් පිටුවේ අදාළපරිදිපැහැදිලිව ප්‍රදර්ශනය කරන අන්තර්ජාල ප්‍රවෘත්ති මාධ්‍ය වෙබ් අඩවි.

 මාධ්‍ය නිදහස හා ප්‍රවෘත්ති මාධ්‍ය

4.ජනමාධ්‍ය නිදහස යනු:

අ. ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද අදහස් පළ කිරීමේ අයිතියේම අනුපූරකයකි;

ආ. ප්‍රවෘත්ති මාධ්‍යය කිසිදු පූර්ව වාරණයකට ලක් කිරීම තහනම් කරන්නකි.

5.සියමහජන කාර්ය ඉටු කිරීමේ ලා ප්‍රවෘත්ති මාධ්‍යයට පහත දැක්වෙන අයිති සතු වේ.

5.1. ප්‍රවෘති සහ තොරතුරු රැස් කිරීම සහ බෙදා හැරීම;

5.2. නොයෙකුත් වාද විෂයයන් සහ මහජන කටයුතු සම්බන්ධයෙන් විචාරාත්මක වාර්තාකරණයක නිරත වීම සහ මත පළ කිරීම;

5.3. මහජන මතය හැඩ ගැස්වීමට සහභාගී වීම;

පළ කිරීමේ අයිතිය

6.මෙම පනතේ විධිවිධාන සහ විද්‍යුත් මාධ්‍ය සේවයක්පවත්වා ගෙන යාමට පෙරවි කාශන බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ඇති නීතිමය විධිවිධාන වලට පමණක් යටත්ව සෑම අයකුට ම ප්‍රවෘති මාධ්‍යයක් පිහිටුවීමේ අයිතිය ඇත්තේය.

  1. 7. ජනමාධ්‍යයකරුවෙක් විසින් ප්‍රවෘති මාධ්‍යය ආයතනයක් උදෙසා නීත්‍යනුකූල ව ප්‍රවෘති සහ තොරතුරු රැස් කරනු ලැබීම කිසිදු අයෙක් විසින් හිතාමතා නොවැලක්විය යුතු ය.
  2. 8. වඩා වැදගත් මහජන අවශ්‍යතාවක් නිසා රහසිගතව තබා ගැනීමට අවශ්‍ය වන අවස්ථා වල දී හැරෙන විට, ප්‍රවෘති මාධ්‍යයක නිරත ජනමාධ්‍යකරුවෙකුට මහජන කටයුතු සහ මහජනයාට වැදගත් වන කරුණු සම්බන්ධව තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් කිසිදු අයකු නීතිමය හෝරැකියාව සම්බන්ධ සම්බාධකයකට හෝ වෙනත්ආකාරයකඅනර්ථයකට හෝඅඩු සැලකිලි දැක්වීමකට හෝ ලක්නොකළ යුතු ය .

ප්‍රභව අනාවරණය නොකිරීමේ අයිතිය

9.රහස්‍ය පදනම මත ප්‍රවෘත්ති මාධ්‍යයකට තොරතුරු සපයන ප්‍රභවයක අනන්‍යතාවය හෙළි කිරීමට කිසිවකුට බල නොකළ යුතු ය. එසේ  වූ වද

(අ). බරපතළ අපරාධයක් සම්බන්ධ නඩු විභාගයක දී ඵලදායී ලෙස චෝදනා ඔප්පු කිරීම පිණිස හෝ නිශ්ප්‍රභ කිරීම පිණිස හෝ රාජ්‍යාරක්ෂාව හෝ ව්‍යවස්ථා විධාන අත්‍යාසන්න අනතුරකට ලක් වීම වැළැක්වීම පිණිස; සහ

(ආ). අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීමට වෙනත් විකල්ප මාර්ග නොමැති අවස්ථාවක දී;

එවැනි රහස්‍ය ප්‍රභවයක අනන්‍යතාවය හෙළිදරව් කරන ලෙස මහාධිකරණයකට නියම කළ හැකිය.

  1. 10. යම් අයකුගේ කීර්තියට හෝ නීත්‍යනුකූල අයිතීන් ට හානි සිදු වෙන පරිදි කරුණුමය වැරදි සහිතතොරතුරක්ප්‍රවෘත්ති මාධ්‍යයක පළ වූ විට, එම තොරතුර පළ වූ මාධ්‍යයේම, ගාස්තුවකින් තොර ව, පහත සඳහන් කොන්දේසිවලට යටත් ව,එම වරද නිවැරදි කොටපළ කර ගැනීමේ අයිතියක් එම තැනැත්තාට තිබේ.

(අ). දිනපතා පළ වෙන ප්‍රවෘත්ති ප්‍රකාශනයක, ප්‍රවෘති මාධ්‍ය ආයතනයක් වන අන්තර්ජාල ප්‍රවෘති මාධ්‍ය සේවයක හෝ විද්‍යුත් මාධ්‍ය අන්තර්ගත සේවයකහෝ නම් නිවැරදි කිරීම ලැබී දින තුනක් ඇතුළත නිවැරදි කිරීම කළ යුතු වනඅතර. අනිකුත් ප්‍රවෘත්ති ප්‍රකාශනයක නම්නිවැරදි කිරීම ලැබී දින තුනක් ගතවීමෙන් පසුව එම ප්‍රවෘත්ති ප්‍රකාශනය ඊළඟට පළ වන විට නිවැරදි කළ යුතු ය;

(ආ). මැතිවරණසමයක දී නම්, (අ) උප වගන්තියේ සඳහන් දින තුනක කාලය පැය24දක්වා අඩු වියයුතුය;

(ඇ.)නිවැරදි කිරීමක් කරන ලෙස කෙරෙන ඉල්ලීමක් එම ඉල්ලීමට හේතුවූ කරුණ පළ කරනලද දිනයේ සිට මාසයක් ඉකුත්වීමට පෙර ඉදිරිපත් කළ යුතු ය;.

(ඈ.) කිසියම් ප්‍රවෘත්ති මාධ්‍යයක්  නිවැරදි කිරීමක් ඉටු කරලීම ප්‍රතික්ෂේප කළ විට එම නිවැරදි කිරීම ඉටුකර දෙන ලෙස ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍යය තත්ත්ව මණ්ඩලයෙන් ඉල්ලා සිටීමටඅදාළ පුද්ගලයාට හැකිය.

  1. (ඇ) උප වගන්තිය යටතේ ඉල්ලීමක් ලැබුණු විට ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍යය තත්ත්ව මණ්ඩලය එම ඉල්ලීම ලැබී සති දෙකක් ඇතුළත සිය තීරණය දැනුම් දිය යුතු ය. එසේවූවද මැතිවරණ සමයක දී නම්, ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍යය තත්ත්ව මණ්ඩලය ඒ තීරණය සාධාරණ තරම් ඉක්මනින්, එහෙත් වැඩකරන දින තුනක් නො ඉක්මවා ලබාදිය යුතුය.

ප්‍රවෘත්ති මාධ්‍යය සම්බන්ධ වගවීම

12.මේ පනතේ අරමුණ සම්බන්ධයෙන් ගත්විට ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනයක් විසින් නම් කරනු ලබන ප්‍රධාන සංස්කාරක, වෙළඳ දැන්වීම්ද ඇතුළත්ව, ප්‍රවෘත්ති මාධ්‍යය ආයතනය විසින් බෙදා හරිනු ලබන සියලු අන්තර්ගතය සම්බන්ධයෙන් වගවිය යුතු ය.

13.ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය විසින් පිළිගත් ව්‍යවහාර සංග්‍රහයක් කඩකිරීමක දී එම කඩකිරීමේ වගකීම ප්‍රධාන සංස්කාරක වෙත ඍජුව පැවරියනො හැකි වුවද ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සංස්කාරක ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩලයට වගකියයුතු ය.

14.කිසිවකු විසින්වත් ප්‍රධාන සංස්කාරකයෙකු, ජනමාධ්‍ය කරුවෙකු හෝ ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනයක වෙනත් සේවකයෙකු විසින්, ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය විසින් මෙම පනත යටතේ පිළිගත් ව්‍යවහාර සංග්‍රහයක් කඩකිරීම ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා, අඩු සැලකිලි දැක්වීමකට හෝ, සම්බාධකයකට හෝ රැකියාව අවසන් කිරීමකට හෝ ලක්නො කළ යුත්තේය.

15.ප්‍රවෘත්ති මාධ්‍ය ආයතන, ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය විසින් පිළිගනු ලැබූ අදාළ ව්‍යවහාර සංග්‍රහ තම සේවකයන් වෙත බෙදාහැරිය යුතුවේ.

16.තමන්ට අභිමතවෘත්තීය සංවිධානයක් හෝ වෘත්තීය සමිතියක් තුළ සංවිධාන ගතවීම ජනමාධ්‍යකරුවන්ගේ අයිතියකි.

 ලියා පදිංචිවීමේ සහතිකය

17.ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශනයක් පළකරන හෝ පළකිරීමට අදහස් කරන ඕනෑම අයකු,(18) වෙනි වගන්තියේ දැක්වෙන තොරතුරු සැපයීමෙන්,එවැනි ප්‍රකාශන ස්වාධීනප්‍ර වෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩලයේ ලියාපදිංචි කළයුතුය.

  1. ලියාපදිංචි කිරීමේ ෆෝරමයේ පහත සඳහන් තොරතුරු අඩංගු විය යුතු ය.

(අ.)  ප්‍රකාශකයාගේ, ප්‍රධාන සංස්කාරකගේ සහ අදාළවන පරිදි මුද්‍රණ කරුගේ නම් හා ලිපිනයන්;

(ආ.)මාධ්‍ය ප්‍රකාශනයේ හෝ(3.3) වගන්තිය යටතේ ලියාපදිංචි වන අන්තර්ජාල ප්‍රවෘති මාධ්‍ය වෙබ් අඩවියේ හෝ නම, ලිපිනය හා ශාඛා කාර්යාලයක් වෙත්නම් එහි ලිපිනය.

  1. ලියාපදිංචි කිරීමට යෝජිත ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශනයේ හෝ අන්තර්ජාල ප්‍රවෘති මාධ්‍ය වෙබ් අඩවියේ හෝ නම ඒ වනවිටත් ලියාපදිංචිකර ඇති කිසියම්ප්‍ර කාශනයක් හෝ වෙබ් අඩවියක් හා මුලාවන තරම් ළඟින් සමාන නමක් සහිත නම් වෙනත් නමක් යොදා එය ලියා පදිංචි කිරීම කළ යුතු ය.

20.18වැනි වගන්තිය යටතේ දන්වන ලද තොරතුරුවල වෙනසක් සිදුවූ විට දින පහළොවක් ඇතුළත ඒ බව ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය වෙත දැනුම් දියයුතු ය.

  1. ලියාපදිංචියපහතසඳහන්කරුණුමතඅවලංගුවියහැකිය:

(අ) ප්‍රකාශනය හෝ ප්‍රවෘති මාධ්‍ය වෙබ් අඩවිය හෝ පළකිරීම නතර කිරීම පිළිබඳ ප්‍රකාශක විසින් ලිඛිත ව දැනුම්දීම නිසා;

(ආ)ප්‍රකාශනය හෝ ප්‍රවෘති මාධ්‍ය වෙබ් අඩවිය හෝ බෙදාහැරීම මාස තුනකට වැඩි කාලයක් නතරවී ඇති විට;

(ඇ)  ලියාපදිංචිය ලබාගැනීමෙන් පසු වසරක් ගතවීමට පෙරප්‍ර කාශනය හෝ ප්‍රවෘති මාධ්‍ය වෙබ් අඩවිය හෝ ආරම්භ කිරීමට අපොහොසත් වීම නිසා.

ආමුද්‍රිතය හා පාරිතෝෂික පිටපත්

22.ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශනයක් එහි සෑම සංස්කරණයකම ප්‍රකාශකගේ නම, මුද්‍රණකරුගේ නම, ප්‍රධාන සංස්කාරකගේ නම සහ එහි සංස්කරණ අංකය, වාරානුකුලතාවය, සහ ප්‍රකාශනයේ දිනය පළ කළ යුතු ය.

  1. විද්‍යුත් මාධ්‍යය සේවයක් සැම වැඩසටහනකම ආරම්භයේ සහ අවසානයේ විද්‍යුත් මාධ්‍යයේ නම සහ වැඩසටහන පිළිබඳ වගකියන නිෂ්පාදකගේ නම ප්‍රචාරය කළ යුතු ය.
  1. ජාතික මට්ටමේ බෙදාහැරීමක් ඇති හෝ කොළඹ නගරය මුල් කොට බෙදාහැරීමක් ඇතිප්‍ර වෘත්ති මාධ්‍යප්‍ර කාශන, බෙදාහැරීමෙන් පැය විසිහතරක් ගතවීමට පෙර, සෑම සංස්කරණයකම පිටපත් දෙක බැගින් නොමිලේ ජාතික ලේඛණාගාරයේ තැන්පත් කළයුතු ය.
  1. 24 වැනි වගන්තියේ සඳහන් ප්‍රකාශන හැරෙන විට අනෙකුත්ප්‍ර වෘත්ති මාධ්‍ය ප්‍රකාශන පිටපත් දෙක බැගින් මාස හයක් ගතවන තුරුසිය ප්‍රකාශන ස්ථානයේ තබා ගතයුතු ය.
  1. විද්‍යුත් මාධ්‍යය ප්‍රචාරය කරන සියලුම ප්‍රචාරක ද්‍රව්‍ය හා වැඩසටහන් හයමසක් ඉකුත්වෙන තෙක් තබා ගතයුතුය.

27.ප්‍රවෘති මාධ්‍ය ආයතනයක් විසින් බෙදාහරින අන්තර්ගතයක් ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය හෝ අධිකරණයක් හමුවේ ඇති පැමිණිල්ලකට හේතුවක්වී ඇතිවිට (25)වැනි සහ(26)වැනි වගන්තිවල සඳහන්කළ තබා ගැනීමේ කාල සීමාව එම පැමිණිල්ල සම්බන්ධව ගතහැකි වෙනත්අභියාචනා අවස්ථාවක් නොමැති වනතෙක් දික්කළ බවට සැලකිය යුතු ය.

 ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීනමණ්ඩලය

  1. මේ පනතේ කාර්ය සඳහා ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය යනුවෙන් හඳුන්වනු ලබන(මින්මතු ‘මණ්ඩලය’ යනුවෙන් සඳහන් කරන)මණ්ඩලයක් පිහිටු විය යුතුය. මණ්ඩලයේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවෘති මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම සහ ප්‍රවෘති මාධ්‍යවල තත්වය ඉහළ මට්ටමකට දියුණු කිරීම හා පවත්වා ගෙන යාමවේ.
  1. මණ්ඩලය(28) වැනි වගන්තියේ එයට දෙන නාමයෙන් අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් වන අතර ඒ නාමයෙන් එය විසින් ද ඊට විරුද්ධවද නඩු පවරනු ලැබිය හැකිවිය යුතු ය.
  1. (අ.) මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය පරිදිජනාධිපතිතුමා විසින් පත් කළ සාමාජිකයන්දහතුන්(13) දෙනෙකුගෙන් සමන්විත විය යුතුය.

(ආ.) ආණ්ඩුක්‍රමව්‍යවස්ථාසභාව (අ.) උප වගන්තිය යටතේ සිය වගකීම ඉටුකරන විට පහත දැක්වෙන ආකාරයට අනුව නිර්දේශ ඉදිරිපත් කළයුතු ය:

(i). ප්‍රවෘති මාධ්‍යය ප්‍රකාශකයන්, ප්‍රවෘති මාධ්‍යය අයිතිකරුවන් හා ප්‍රධාන සංස්කාරකවරුන්ගේ සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලබන නාමයෝජනා අතරින් විශිෂ්ට පුද්ගලයන්සි ව් දෙනෙක්;

(ii). වෘත්තීය ප්‍රවෘති මාධ්‍යයකරුවන්ගේ සමිති හා සංවිධාන විසින් ඉදිරිපත් කරන නාමයෝජනා අතරින් විශිෂ්ට පුද්ගලයන් සිව්දෙනෙක්;

(iii).  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කොට පවත්වනු ලබන මහජන උපදේශනයක් මගින් නාමයෝජනා කරනු ලබන අය අතරින් ප්‍රවෘති මාධ්‍ය ආයතනයක නොවන විශිෂ්ට පුද්ගලයන් සිව්දෙනෙක් හෝ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් එසේ මහජන උපදේශනයක් මගින් නාමයෝජනා නො කරන්නේ නම්, මානවඅයිතිවාසිකම්,  නීතියේ ආධිපත්‍ය, අදහස් පළකිරීමේ නිදහස හෝ තොරතුරු ලබාගැනීමේ අයිතියහෝ ප්‍රවර්ධනය කිරීමට දායකත්වය ලබාදී ඇති වෘත්තීය හා සිවිල් සමාජසංවිධාන විසින් ඉදිරිපත් කරන නාමයෝජනා අතරින් තෝරාගත් විශිෂ්ට පුද්ගලයන් සිව්දෙනෙක්;

(iv). මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්යෝජනා කරනු ලබන ප්‍රවීණ නීතිවේදියෙකු හෝ නීති ශ්‍රාස්ත්‍රඥයෙකු [විකල්පය:මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විමසා අධිකරණ සේවා කොමිසම් සභාව විසින් පත්කරනු ලබන අධිකරණ විනිසුරුවරයෙකු;]

(ඇ.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අදාළ සංවිධාන වලින් කැඳවනු ලබන නාම යෝජනා මත උපවගන්ති(ආ) යටතේ සඳහන් නිර්දේශ කිරීම් කළයුතු අතර එක ම කළමනාකරණයකින් හෝ හිමිකමකින් පාලනය වන ප්‍රවෘති මාධ්‍ය ආයතනයකින් හෝ ප්‍රවෘති මාධ්‍ය ආයතන සමූහයකින් එක් අයකුට වැඩි නොවනසේ  එම නිර්දේශ කිරීම කළයුතු ය.

  1. 30 වැනි වගන්තිය යටතේ සියනිර්දේශ ඉදිරිපත් කිරීමටපෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (30)-(අ) (i),(ii)සහ(iii)යන උප වගන්ති වල සඳහන් ප්‍රවර්ග තුනෙන් [අවමවශයෙන්]පුද්ගලයන් අට දෙනෙකු දක්වා වූ ලැයිස්තුවක් පිළියෙළ කොට නාම යෝජනා එවූ සංවිධාන හා කරන ප්‍රසිද්ධ අදහස් විමසීමකින් එකඟත්වයට පැමිණීමෙන් පසු එක් එක් ප්‍රවර්ග කණ්ඩායමට අනුකූලව මණ්ඩලයට සාමාජිකයන් තෝරා නිර්දේශ කළ යුත්තේ ය. එසේ නිර්දේශ කරන සාමාජිකයන් භාෂා හා ජනවර්ග, කාන්තාවන් හා භූගෝලීය කලාපවල නියෝජනයක් ද නිරූපණය කළ යුතු අතරදැනුම, අත්දැකීම් හා විශිෂ්ටත්වය අතින් ගත් විට මානව අයිතීන්, පුවත්පත් කලාව, ජනමාධ්‍ය, නීතිය , දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව, විද්‍යාව, සාහිත්‍ය හෝ අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍රවල නිපුණයන් වශයෙන් මහජන පිළිගැනීමක් ඇති අය වියයුතුය.

(අ). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මතය අනුව අදාළ උපමාන අනුව සුදුසුකම් ඇති විශිෂ්ට පුද්ගලයන් සහිත නාම යෝජනා ප්‍රමාණවත් සංඛ්‍යාවක් ලැබී නැත්නම් තවත්වරක් නව නාම යෝජනා කැඳවිය යුත්තේ ය.

(ආ). මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් පත් කිරීම පිණිස සලකා බැලෙන ඕනෑම පුද්ගලයෙකුගෙන් සිය නිර්දේශ කටයුතු ඉටු කිරීම පිණිස අවශ්‍ය වෙතැයි සැලකෙන තොරතුරු ඉල්ලා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හැකිය.

  1. මේ පනත බලාත්මක වීමෙන් මාස තුනක් ඉකුත්වීමට පෙර සහ ඉන් අනතුරුව මණ්ඩලයේ පුරප්පාඩු ඇති වූ හැම විටක දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (30) වැනි වගන්තියේ සඳහන් වන පරිදි සිය නිර්දේශ ඉදිරිපත් කළ යුත්තේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නියම කරනු ලබන සාධාරණ කාලසීමාවක් තුළ අදාළ සංවිධාන නාම යෝජනා ඉදිරිපත් කිරීමට අසමත් වුව හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (30) සහ(31) වැනි වගන්ති වල සඳහන් වන නියෝජන සැලැස්ම සලකමින් සිය නිර්දේශ ඉදිරිපත් කළ යුත්තේ ය.

34.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මණ්ඩලයේ සභාපති හා සාමාජිකයන් වශයෙන් පත්කිරීම පිණිස එවනු ලබන නිර්දේශ ලැබීමෙන් දින දාහතරක් ඉකුත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් එම පත්වීම් සිදුකළ යුත්තේ ය. කිසියම් අයුරකින් එම දින දාහතරක කාලය තුළ එකී පත්වීම් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරන ලද පුද්ගලයන් එකී කාලපරිච්ඡේදය ඉකුත්වූ දින සිට මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් පත්වූ බවට සැලකිය යුත්තේය.

35.මණ්ඩලයේ සාමාජිකයෙකුගේ නිල කාලය අවුරුදු හතරක් වන අතර උපරිම වශයෙන් නිල කාල දෙකකට නො වැඩි වන සේ නැවත තෝරා පත් කර ගත හැකි වන්නේ ය.

36.

මණ්ඩලය විසින්:

(අ). මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු; සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා විමසා අවශ්‍ය යැයි සලකන කාර්ය මණ්ඩලයක් පත් කළ යුතු ය.

(ඇ). මණ්ඩලයේ පොදු පාලන හා කළමනාකරණ කටයුතු කාර්යම ණ්ඩලයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ විනය පාලනය කළමනාකරණ අධ්‍යක්ෂකගේ වගකීමකි.

(ඈ) (අ.)උපවගන්තිය යටතේ පත් කරනු ලබන කළමනාකරණ අධ්‍යක්ෂකවරයා සහකාර්යමණ්ඩලය,  මණ්ඩලය විසින් තීරණය කරනු ලබන නියමයන් සහ සේවා කොන්දේසිවලට යටත් වන අතර ඔවුන්ගේ වැටුප්, මුදල් විෂයභාර ඇමතිවරයා හා සාකච්ඡාකොට මණ්ඩලය විසින් තීරණය කරනු ලැබේ.

 මණ්ඩලයේ කාර්ය සහ මණ්ඩලය සතු බලතල

  1. (අ)මේ පනත යටතේ සිය කාර්යන් ඉටු කිරීමේ දී සහ බලය භාවිතා කිරීමේ දී මණ්ඩලය, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට සහ නීතියට පමණක් යටත් ව ස්වාධීනව ක්‍රියා කළ යුතු අතර අපක්ෂපාතීව හා අගතිසිතකින් හෝ පක්ෂග්‍රාහී වීමකින් හෝ බියකින් හෝ තොර ව එහි කාර්යන් ඉටු කළ යුතු ය. කිසිදු දේශපාලන හෝ වෙනත් බැදීමකින් හෝ ඇඟිලි ගැසීමකට ලක් වීමෙන් හෝ තොර ව මණ්ඩලය කටයුතු කළ යුතු අතර ආණ්ඩුවේ සහ එහි පරිපාලනයේ හෝ දේශපාලන පක්ෂයක හෝ කිසියම් මාධ්‍ය හිමිකරුවකුගේ හෝ වෙළඳ ප්‍රචාරකයෙකුගේ සහ ආණ්ඩුවේ හෝ දේශපාලන පක්ෂයක හෝ කිසියම් මාධ්‍ය හිමිකරුවකුගේ හෝ වෙළඳ  ප්‍රචාරකයෙකුගේ අවශ්‍යතා ඍජුව හෝ වක්‍රව නියෝජනය කරන කෙනෙකුගේ හෝ ආයතනයක හෝ බලපෑමෙන් සහමුලින්ම නිදහස් ව ක්‍රියා කළ යුතු ය.සිය කාර්ය හා කර්තව්‍යය ඉටුකිරීමේ දී මණ්ඩලය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරැකීමට හා මහජන යහපත ඉටුකිරීමට මුල්තැන දිය යුතුය.

(ආ). මණ්ඩලයේ නිලකාර්යන් හා කර්තව්‍යයවන්නේ:

(i) ප්‍රවෘති මාධ්‍යයහිමිකරුවන්, ප්‍රවෘති මාධ්‍යය ප්‍රකාශකයන්, ප්‍රවෘති මාධ්‍යය සංස්කාරකවරු,  ප්‍රවෘති මාධ්‍යයකරුවන් සහ ප්‍රවෘති මාධ්‍යය ආයතනවල සේවකයන් නියෝජනය කරන සංවිධාන, ප්‍රවෘති මාධ්‍යයට අදාළ ක්ෂේත්‍රවල නියුතු විශේෂඥයන් සහ අදාළ සිවිල් සමාජ සංවිධානද ඇතුළත්ව අනෙකුත් පරදුදරන සංවිධාන වලට මණ්ඩලයේ උපදේශන තත්ත්වය පිරිනැමීම;

(ii). ප්‍රථම මණ්ඩලය පත් කිරීමෙන් පසු මාස හතරක් ඇතුළත හා ඉන්අනතුරුව අවශ්‍යතාවක් ඇතිවන පරිදි, මණ්ඩලයේ උපදේශන තත්ත්වය දරන විශේෂඥයන්, ප්‍රවෘති මාධ්‍යය සංස්කාරකවරුන්ගේසහ ප්‍රවෘති මාධ්‍යයකරුවන්ගේ සංවිධාන හා වෘත්තීය සමිති හා සිවිල් සංවිධානද ඇතුළුව පරදුදරන සංවිධාන සමග ප්‍රසිද්ධ උපදේශනයක් පවත්වා උසස් තත්ත්ව ලෙස ඉහළ ඇගයීමක් සහ අන්තර්ජාතික පිළිගැනීමක් ඇතිප්‍ර වෘති මාධ්‍යය ව්‍යවහාර සංග්‍රහ පදනම් කොටගත් ප්‍රවෘති මාධ්‍යය ව්‍යවහාර සංග්‍රහ තීරණය කොට පිළිගැනීම;

(iii). (ආ)-(ii) උපවගන්තිය යටතේ පිළිගත් ව්‍යවහාර සංග්‍රහ අවම වශයෙන් සෑම වසර තුනක් පාසා මණ්ඩලයේ උපදේශන තත්ත්වය දරන පරදුදරන්නන් සමග පවත්වන උපදේශනයකින් විමර්ශනයකට ලක්කොට අවශ්‍ය නම් සංශෝධන හඳුන්වාදීම;

(iv) මණ්ඩලය විසින් පිළිගනු ලැබූ ව්‍යවහාර සංග්‍රහ නිසි පරිදි අනුගමනය කිරීම සාක්ෂාත් කරගැනීම පිණිසප්‍රවෘති මාධ්‍යය ආයතනවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම;.

(v). මණ්ඩලය විසින් පිළිගත් ව්‍යවහාර සංග්‍රහ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත හෝ මණ්ඩලය විසින් ම කරනු ලබන නිරීක්ෂණ අනුව විභාගකි රීම සහ පැමිණිලි සම්බන්ධයෙන් තීරණ ගැනීම;

(vi). නිවැරදිකිරීමේ අයිතිය ප්‍රවෘති මාධ්‍යයක් විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ චෝදනා ඒ නිසා අගතියටපත් අයගෙන් ලැබෙන පැමිණිලි මත විමසා විභාගකිරීම;

(vii). මණ්ඩලය විසින් පිළිගත් ව්‍යවහාර සංග්‍රහ උල්ලංඝනය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ප්‍රවෘති මාධ්‍යය වල ජනමාධ්‍යයකරුවන් හා සේවා නියුක්තිකයන් තර්ජනයට, බාධා කිරීම්වලට, අඩු සැලකිලි දැක්වීම් වලට හෝපලි ගැනීම් වලට ලක් කිරීමේ චෝදනා පිළිබඳ ලැබෙන පැමිණිලි විමසා විභාග කිරීම;

(viii). විභාග කිරීම් සම්බන්ධ කාර්ය පටිපාටි තීරණය කර ස්ථාපනය කොට ප්‍රකාශයටපත්කිරීම;

(ix). අදාළ සංවිධානවලට(37)-(ආ)-(i) වගන්තිය යටතේ උපදේශන තත්වය පිරිනැමීම සම්බන්ධ කාර්යපටිපාටි තීරණය කර ස්ථාපනය කොට ප්‍රකාශයට පත්කිරීම;

(x). ප්‍රවෘති මාධ්‍යය වලඅයිතිකරුවන්, සමාගම්අධ්‍යක්ෂවරු, 5% වැඩි කොටස් හිමියන්, ප්‍රකාශකයන්, ප්‍රධානසංස්කාරකවරු, මුද්‍රණකරුවන්, ප්‍රවෘති මාධ්‍යය ප්‍රකාශනවල බෙදාහැරීම පිළිබඳ සංඛ්‍යා විස්තර සහ මණ්ඩලය විසින් උපදේශනතත්වය පිරිනමන ලද විශේෂඥයන් සහ සංවිධානවල විස්තර ඇතුළත් ප්‍රසිද්ධ රෙජිස්තරයක් පවත්වා ගෙන යාම සහ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ එම විස්තර පළ කිරීම;

(xi). පිළිගත් ව්‍යවහාර සංග්‍රහ කාර්යක්ෂමව ක්‍රියාත්මක පිළිබඳ ව හා පුවත් කලාවේ මුල ධර්ම පිළිබඳපුහුණු ද්‍රව්‍ය හා ප්‍රකාශන නිපදවීම, පුහුණු කිරීම්වල යෙදීම හෝ පුහුණු කිරීම්වලට සහය ලබාදීම;

(xii) ප්‍රවෘති මාධ්‍යයකට එරෙහිව අපහාස කිරීමේ චෝදනා එල්ලවූ විට මේ පනතේ( 40) වන වගන්තියය ටතේ විභාගකිරීම;

(xiii). ප්‍රවෘති මාධ්‍යය නිදහස සහ ප්‍රවෘති මාධ්‍යය කරුවන්ගේ හා මාධ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සඳහා යහපත් වාතාවරණයක් ගොඩනැගීමේලා ආණ්ඩුවට උපදෙස් දීම;

(xiv). ප්‍රවෘති මාධ්‍යය විසින් ව්‍යවහාර සංග්‍රහ පිළිපැදීම පිළිබඳ ව මහජනමතය විමසීම පිණිස අඩුම වශයෙන් වසරකට වරක් වත් උපලේඛනයේ සඳහන් ආකාරයට විවෘත මහජන උපදේශන පැවැත්වීම;

(xv). මේ පනත යටතේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවෘති මාධ්‍ය වලින් දායක කළයුතු ගාස්තු එක් එක් ප්‍රවෘති මාධ්‍යයේ ආදායම අනුව නියම කිරීම; සහ

(xvi). මේපනතේඅවශ්‍යතා හා පනත යටතේ පුද්ගලයන් සතු අයිතිවාසිකම් පිළිබඳ ව ප්‍රචාරය කිරීම.

  1. 38. මේ පනත යටතේ ගැනෙන කාර්යන් ඉටුකරලීම පිණිස මණ්ඩලයට පහත දැක්වෙන බලතල හිමි වේ.

(අ). ප්‍රවෘති මාධ්‍යය ප්‍රකාශකයින්ගේ, සංස්කාරකවරුන්ගේ, මාධ්‍ය සේවකයන් නියෝජනය කරන සංවිධාන සහ අදාළ සිවිල් සමාජ සංවිධාන වෙත උපදේශන තත්ත්වය පිරිනැමීම;

(ආ). ප්‍රවෘති මාධ්‍යය සඳහා ව්‍යවහාර සංග්‍රහ පිළිගැනීම;

(ඇ). (37)-(ආ)උප වගන්තියේ සඳහන් විභාග කිරීම්ද ඇතුළුව මණ්ඩලයේ කටයුතු කර ගෙන යාම පිණිස අවශ්‍ය කාර්යපටිපාටි සකස් කිරීම;

(ඈ). විභාග කිරීම පිණිස පැමිණිලි භාරගැනීම හා අදාළනොවන පැමිණිලිප්‍ර තික්‍ෂේප කිරීම;

(ඉ). මේ පනත යටතේ විභාග කිරීම් පැවැත්වීම සහ ඒ සඳහා පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකු වෙත නියම කිරීම;

(ඊ). දිවුරුම්දීම හෝ ප්‍රතිඥා දීම යටතේ එම තැනැත්තා විභාග කිරීම හා අවශ්‍ය අවස්ථාවල එම තැනැත්තාගේ සන්තකයේ පවතින යම් තොරතුරු සපයන ලෙස එම තැනැත්තා වෙත නියම කිරීම;

(උ). මේ පනතේ කාර්යන් ඉටුකිරීමට අවශ්‍ය වෙන, ප්‍රවෘති මාධ්‍ය ආයතනවල ඇති ඕනෑම තොරතුරක් ලබාගැනීම;

ඌ).අගතියට පත් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධ විභාග කොට තීරණය කිරීම;,

ප්‍රවෘත්ති මාධ්‍යයකට, ප්‍රධාන සංස්කාරක වරයෙකුට හෝ ජනමාධ්‍ය කරුවෙකුට අවවාද කිරීම, දැන මුතු කම් දීම හෝ දෝෂාරෝපණය කිරීම සහ ප්‍රවෘත්ති මාධ්‍යයක, ප්‍රධාන සංස්කාරක වරයෙකු හෝ ජනමාධ්‍ය කරුවෙකු ගේ හැසිරීම සම්බන්ධ අරුචිය ප්‍රකාශ කිරීම.

(එ). ව්‍යවහාර සංග්‍රහ බලාත්මකකිරීමේ දී සේව්‍යයන් සහ සේවකයන් අතර ඇතිවන ආරවුල් සමථයකට පත් කිරීමට මැදිහත්වීම.

(ඒ). මහජන යහපත සඳහා අවශ්‍ය වෙතැයි මණ්ඩලය සලකන අවස්ථාවල දී මණ්ඩලයේ තීරණ, මණ්ඩලය විසින් නිර්ණය කරන අන්දමට ප්‍රකාශ හෝ විකාශනය කිරීමට ප්‍රවෘති මාධ්‍ය ආයතනයකට නියම කිරීම;

(ඔ). ව්‍යවහාර සංග්‍රහයකට පටහැණියයි මණ්ඩලය විසින් තීරණය කරනු ලබන වෙළඳ දැන්වීම් පළකිරීමෙන් හෝ විකාශනය කිරීමෙන් වළකින ලෙස ප්‍රවෘති මාධ්‍යයකට නියම කිරීම;

(ඕ). නිවැරදි කිරීමක් මණ්ඩලය විසින් නියම කරන පරිදි පළකිරීම හෝ විකාශනය කිරීමට නියම කිරීම;

(ඛ). මණ්ඩලය විසින් තීරණය කරනු ලබන කාර්යන් ඉටු කිරීම පිණිස මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් හෝ සාමාජිකයන් නොවන අයගෙන් හෝ එම දෙවර්ගයෙන් යුත් කාරකසභා පත් කිරීම. කෙසේ වෙතත් සාමාජිකයන් නොවන අයගෙන් සමන්විත කාරක සභාවලට කළහැකි  වන්නේ මණ්ඩලයට උපදෙස්දීම පමණකි.

 

(ග). සුදුසු කොන්දේසි මත මණ්ඩලයේ සභාපතිවරයාට හෝ ලේකම්වරයාට මණ්ඩලය සතු ඕනෑම බලයක් පැවරීම.

(ඝ). (37)-(ආ)-(xv) වන උපවගන්තියට අනුව නියමිත ගාස්තු ප්‍රවෘති මාධ්‍යවලින් අය කර ගැනීම;

එසේ වුවද, මේ වගන්තියේ සඳහන් කිසිවක් ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනයකට, ප්‍රධාන සංස්කාරක වරයෙකුට හෝ ජනමාධ්‍යය කරුවෙකුටඔවුන්ට ලැබුණු හෝ ඔවුන් විසින් පළ කරනු ලැබූ කිසියම් ප්‍රවෘතියක හෝ තොරතුරක ප්‍රභවය හෙළිදරව් කරන ලෙස බල කිරීමට පැවරෙන බලයක් ලෙස නො සැලකිය යුතු ය.

39.මණ්ඩලය, පහත දැක්වෙන නීතිවලට අනුකූලව, අඩු ම වශයෙන් සැම මසකට වරක් හෝ එහි කටයුතු ඉටු කිරීමට අවශ්‍යයයි හැඟෙන තරම් වාරගණනක් හෝ රැස් විය යුතුය.

(i). එහි ආරම්භක රැස්වීමේ දී මණ්ඩලය සිය සාමාජිකයන් අතරින් උපසභාපතිවරයෙකු හා ලේකම්වරයෙකු පත්කරගත යුත්තේ ය.

(ii). මෙම පනතේ විධිවිධානවලට යටත්ව, මණ්ඩලය එහි කාර්ය හා කර්තව්‍යය ඉටුකිරීමට‍ අවශ්‍යයයි සලකන පරිදි රැස්වීම්, පැමිණිලි සහ අනෙකුත් කරුණු පිළිබඳව විධිවිධාන හා නීති සම්මත කොට ප්‍රකාශයට පත්කළ යුතු ය මණ්ඩලයේ කර්තව්‍යය එකී නීති අනුව ඉටුකළ යුතු ය.

(iii). මණ්ඩලයේරැස්වීමකගණපූරණය හත්දෙනෙකුවියයුතු ය.

(iv). මණ්ඩලය විසින් වෙනත් ආකාරයකින් විය යුතුයයි තීරණය කර නැත්නම් මණ්ඩලයේ තීරණයක් පැමිණ සිටින සාමාජිකයන්ගේ වැඩි ඡන්දයෙන් ගතයුතු ය.එහෙත් සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබෙන අවස්ථාවක දී මුලසුනේ සිටින සාමාජිකයාට ඔහුගේහෝඇයගේ මුල් ඡන්දයට අමතරව තීරක ඡන්දයක් හිමි විය යුතුය.

(v). මණ්ඩලයේ සියලු රැස්වීම්වල මුලසුන සභාපති විසින් දැරිය යුතු ය. එහෙත් සභාපති නොමැති අවස්ථාවකදී උපසභාපති විසින් ද සභාපති හා උපසභාපති නොමැති අවස්ථා වකදී පැමිණ සිටින සාමාජිකයන් ඔවුන් අතරින් තෝරාපත් කරගත් සාමාජිකයෙකු විසින් ද එම රැස්වීමේ සභාපතිධුරය දැරිය යුත්තේය.

(vi). ඕනෑම කරුණක් සම්බන්ධයෙන් මණ්ඩලය විසින් තීරණයක් ගනුලැබීමේ දී හෝ මණ්ඩලයේ වෙනත් කර්තව්‍යයක දී ඒ කාරණය හෝ කර්තව්‍යය සම්බන්ධයෙන් කිසියම් සාමාජිකයෙකුට ළබැඳියාවක් ඇත්නම් එම තීරණය ගනුලබන රැස්වීමේ දී හෝ වෙනත් කර්තව්‍යයක් නම් එය ඇරඹීමට පෙර එම ළබැඳියාවේ ස්වාභාවය අනාවරණය කළ යුතුය. එමඅනාවරණය රැස්වීමේ හෝ වෙනත් කර්තව්‍යයේ හෝ වාර්තාවේ සටහන් කළයුතු අතර එකී සාමාජිකයා එතැන් සිට එමකාරණය ගැන මණ්ඩලය විසින් කරනු ලබන සාකච්ඡා හෝ තීරණ ගැනීම්වලට සහභාගී නො වියයුතුය;

(vii) මණ්ඩලය විසින් එහි රැස්වීම් සහ රැස්වීම්වල කටයුතු පිළිබඳ විධිවිධාන නියාමනය කළයුතුය.

මණ්ඩලය විසින් කරනු ලබන ක්‍රියාවක්, ගනු ලබන තීරණයක් හෝ පවත්වන රැස්වීමක් හුදෙක් මණ්ඩලයේ සාමාජික පුරප්පාඩුවක් හෝ ඕනෑම සාමාජිකයෙකු පත් කිරීමේ දී ඇතිවූ දෝෂයක් නිසා හෝ අවලංගු නො විය යුතුය.

(ආ). මේ පනතේ උපලේඛනයේ සඳහන් විධිවිධාන මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන් අදාළවිය යුතු ය.

 ප්‍රවෘති මාධ්‍යට එරෙහිව අපහාස චෝදනා ගැන කටයුතු කිරීම.

  1. අගතියටපත් පුද්ගලයා විසින් පළමුව මණ්ඩලයට කරනු ලබන පැමිණිල්ලක් විභාග කිරීමකින් තොරව කිසිවකු විසින් වත් උසාවියක් හමුවේමේ පනත යටතේ ලියාපදිංචි කර ඇති ප්‍රවෘති මාධ්‍යයකට එරෙහිව අපහාස නඩුවක් ගොනු නොකළයුතු ය.
  1. කිසියම් පුද්ගලයෙක්මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට අනතුරුව තවදුරටත් අපහාසය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා උසාවියක නඩුවක් පැවරීමට කටයුතු කරන්නේ නම් අයැදුම් කරනු ලබන වන්දිමුදලින්10% කට සමාන මුදල්ප්‍ර මාණයක් මණ්ඩලය වෙත තැන්පත් කළයුතු වේ.
  1. (41)වැනි වගන්තිය යටතේ තැන්පත් කරනු ලබන මුදලක් අභියාචනා අවසානයේ දී උසාවිය තීන්දු කරන පරිදි මණ්ඩලය සතුකිරීම හෝ අදාළ පුද්ගලයා වෙත මුදාහැරීම කළයුතු ය.

වගන්ති 40-42 දක්වා,සභාපතිවරයා අධිකරණ සේවාකොමිසම විසින් පත්කළ කෙනෙකු නො වීමේ හේතුව නිසා,ඇතුළ් කළ නොහැකි නම් පහත දැක්වෙන විකල්පය සලකා බලන්න

ප්‍රවෘති මාධ්‍යයක් මගින් අපහාසාත්මකප්‍ර කාශයක් කිරීම පිළිබඳ චෝදනාවක් සම්බන්ධයෙන් උසාවියක් නඩුවිභාගයක් පවත්වන විට ප්‍රවෘති මාධ්‍ය ආයතනය අදාළ ප්‍රකාශය පළකිරීම යුක්ති සහගත සාධාරණ ක්‍රියාවක්දැයි උසාවිය විසින් තීරණය කරනු ලැබීමේදී  එම ප්‍රවෘති මාධ්‍ය ආයතනය කොතෙක් දුරට ව්‍යවහාර සංග්‍රහ පිළිපදිනු ලැබ ඇත්ද? සහ මණ්ඩලයේ නියමයන් අනුව කටයුතු කර ඇත්ද? යන්න සැලකිල්ලට ගතයුතු ය.]

මණ්ඩලය සතු මුක්තිය

43.මණ්ඩලයට පවරා ඇති බලයක් භාවිතා කිරීමේදී හෝ නියමිත කර්තව්‍යයක් ඉටුකිරීමේ දී මණ්ඩලය හෝ එහිසාමාජිකයෙක් හෝ මණ්ඩලයේ සේවා නියුක්තිකයෙක් විසින් හෝ සද්භාවයෙන් කරනු ලබන කිසිදු ක්‍රියාවක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධමය වග වීමක් ආරෝපණය නොකළ යුත්තේය.

මණ්ඩලයේ තීරණවලට එරෙහි අභියාචනා කිරීම

  1. (37)-(ආ)-(v),(vi) සහ (vii), වන උප වගන්ති යටතේ මණ්ඩලය විසින් දෙන ලද තීරණයකින් අතෘප්තියට පත් යම් පුද්ගලයෙකු හෝ ප්‍රවෘතිමාධ්‍යය ආයතනයක් විසින්, ඒ තීරණයට එරෙහිව, එම තීරණය එකී පුද්ගලයා  හෝ ප්‍රවෘති මාධ්‍ය ආයතනය වෙත දැනුම් දෙනු ලැබූ දිනයේ සිට මාසයක් ඇතුළත අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබිය හැකිය.
  2. යම් අභියාචනයකට අදාළ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 වන ව්‍යවස්ථාව යටතේ රීති සාදනු ලබන තෙක්, අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන මාර්ගයෙන් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමකට අදාළ ව එම ව්‍යවස්ථාව යටතේ සාදනු ලබන රීති, 44වනවගන්තිය යටතේ කරන ලද සෑම අභියාචනයක් සම්බන්ධයෙන් ම අදාළ කර ගනු ලැබිය යුතු ය.

මණ්ඩලය සහ එහි කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන

  1. මණ්ඩලයට එහි ම අරමුදලක් තිබිය යුතු අතර ඒ අරමුදලට පහත සඳහන් මුදල් බැර කළයුතු ය:

(අ.) මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා(47), (48) සහ (49) වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසින් කලින් කලට සම්මත කරනු ලැබිය හැකි සියලු මුදල්;

(ආ.) ශ්‍රී ලංකාවේ හෝශ්‍රී ලංකාවෙන්බැහැර  ඕනෑම මූලාශ්‍රයකින් ලැබෙන පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන එම පරිත්‍යාග, ත්‍යාග හෝප්‍රදාන වල මූලාශ්‍ර සහ ඒවා ප්‍රදානය  කරනු ලබන අරමුණු ප්‍රසිද්ධ කරනු ලැබිය යුතු ය යන කොන්දේසියටයටත්ව;

(ඈ). (37)-(ආ)-(xv). උපවගන්තියට අනුවප්‍ර වෘතිමාධ්‍යවලින් අය කරගත් ගාස්තු;

(ඉ). පනතේ (59)වැනි වගන්තිය යටතේ අධිකරණය විසින් නියමකරන ලද සියලු දඩ මුදල්.

47.හැම මුදල් වර්ෂයක් සඳහා ම අවශ්‍ය අයවැය පිළියෙළ කොට කලින් මුදල් වර්ෂය අවසානවීමට දින90කට පෙර මණ්ඩලය විසින් මුදල්වි ෂයයභාර අමාත්‍යවරයාට ඉදිරිපත් කළයුතු අතර එම අයවැයේ:

(අ). බලාපොරොත්තු වනආදායමහාවියදමප්‍රවර්ගවලටවෙන්කොටවිස්තරකළයුතුය;

(ආ). එම ආදායම සාධාරණීකරණය කිරීම පිණිස එළඹෙන වර්ෂය සඳහා ඉටුකිරීමට බලාපොරොත්තුවෙන කටයුතු පිළිබඳ එක් එක් ප්‍රවර්ගයට අනුව විස්තරද ඉදිරිපත් කළයුතුය.

  1. පනතේ(47) වැනි වගන්තියට අනුව පිළියෙළ කරන ලද අයවැය ලැබීමෙන් පසු මුදල් විෂයයභාර අමාත්‍යවරයා:

අ.එම අයවැයේ පිටපතක් පාර්ලිමේන්තුවේ අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු අතර;

ආ.එවැනි අයවැයක අඩංගු කරුණු පිළිබඳ ව පාර්ලිමේන්තුවට හෝ පාර්ලිමේන්තුවේ කමිටුවකට කරුණු පැහැදිලි කරන ලෙස මණ්ඩලයේ සාමාජිකයන්ට දන්වනු ලැබිය හැකි ය; සහ

ඇ. එවැනි අයවැයක් මහජනතාවගේ දැන ගැනීම පිණිස ඔහු හෝ ඇය විසින් සුදුසුයි සිතෙන ආකාරයකට ප්‍රකාශයට පත්කරන ලෙස මණ්ඩලයට දැනුම් දියහැකිය.

  1. එවැනි අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 90ක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් විරුද්ධත්වයක් දක්වා නැත්නම් එම අයවැය සම්මතවූ බවට සැලකිය යුතු ය.

50.ඕනෑම වර්ෂයක් සඳහා වන අයවැයක් එමවර්ෂයේ දී සංශෝධනය කිරීමට මණ්ඩලයට හැකි අතර එවැනි සංශෝධන(47)වන වගන්තියේ පරිදි මුදල් විෂයභාර අමාත්‍යවරයාට ඉදිරිපත් කළයුතු ය. එවැනිඅවස්ථාවල දී (48) සහ(49) වගන්තිද සුදුසු වෙනස්කම් සහිත ව අදාළවේ.

51.ඕනෑම වර්ෂයක් සඳහා මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින ඇස්තමේන්තු මුදල වඩාත් ම මෑත වර්ෂය සඳහා වරින්වර සංශෝධනය කොට පාර්ලිමේන්තුව විසින් අනුමත කරනලද මුදලට වඩා10% ඉක්මවා වැඩි නො කළ යුතු ය.

52.මණ්ඩලයේ එක වර්ෂයක ආදායම වියදම ඉක්මවා ඉතුරුවූ විට එමඉතුරු මුදල ඊළඟ වර්ෂය සඳහා ගෙනයා හැකිය.

  1. මණ්ඩලයේ මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතු අතර පහත සඳහන් විධිවිධාන අදාළවේ:

(අ). මණ්ඩලය විසින්, සිය ආදායම් සහ වියදම් සහ මණ්ඩලයේ අනෙකුත් සියලු ගනුදෙනු සම්බන්ධයෙන් නිසි ගිණුම් පොත් පවත්වා ගෙන යා යුතු ය.

(ආ). රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය සඳහා අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන, මණ්ඩලයේ  ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ වන්නේ ය.

(ඇ). 1971 අංක 38 දරන මුදල් පනතේII වන කොටසේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිත ව, මණ්ඩලයේ මූල්‍ය පාලනය සහ ගිණුම් සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

  1. (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා, මණ්ඩලයේ සාමාජිකයන් සහ නිලධරයන් සහ අනෙකුත් සියලු සේවා නියුක්තිකයන් රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු අතර, මේ පනත යටතේ මණ්ඩලය විසින් පවත්වනු ලබන සෑම පරීක්ෂණයක් ම, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයපනතේ අර්ථානුකූලව අධිකරණ ක්‍රියා පටිපාටියක්සේ සලකන ලැබියයුතු ය.
  1. මණ්ඩලය, (26 වන අධිකාරය වූ) අල්ලස් පනතේ අර්ථානුකූලවඋප ලේඛන ගත ආයතනයක වියයුතු අතර, ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතු ය
  1. මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා මණ්ඩලයේ යම් සාමාජිකයකු, නිලධරයකු හෝ සේවා නියුක්තිකයකු විසින් සද්භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි උද්දේශිත යම් ක්‍රියාවක් හෝ නො කර හැරීමක් සම්බන්ධයෙන් යම් අධිකරණයක් ඉදිරියේ ඔහු විසින් හෝ ඔහුට විරුද්ධව පවරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී, එම ක්‍රියාව හෝ නො කර හැරීම සද්භාවයෙන් කරන ලද්දක් බවට අධිකරණය තීරණය කරන්නේ නම්, ඒ නඩුවේ දී ඔහු විසින් දරන ලද යම් වියදමක්, එම සිවිල් හෝ අපරාධ නඩුවේ දී දී ඔහු විසින් අය කර ගනු ලැබුවේ  නම් මිස, මණ්ඩලයේ අරමුදලින් ඔහුට ගෙවනු ලැබිය යුතු ය.

 මණ්ඩලයේ කටයුතු වාර්තා කිරීම

57.

(අ). අවශ්‍ය යයි මණ්ඩලය විසින් සලකනු ලබන පරිදි නොයෙක් විට, එහෙත් එක් ලිත් වර්ෂයකට යටත් පිරිසෙයින් එක් වාර්තාවක් වත් වන සේ, මණ්ඩලය විසින් එහි කටයුතු පිළිබඳ වාර්තා පිළියෙල කරනුලැබිය යුතු ය. එසේ පිළියෙල කරනු ලබන සෑම වාර්තාවක ම පිටපතක් මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමට පාර්ලිමේන්තුව වෙත ප්‍රේෂණය කළ යුතු අතර, එක් එක් වාර්තාවේ පිටපතක් ජනාධිපතිවරයාට ද යැවිය යුතු ය.

58.මණ්ඩලයේ කටයුතු පිළිබඳ ව ප්‍රගාමීලෙසයාවත්කාලීන කළයුතුතොරතුරුවලටඅතිරේක ව (57) වනවගන්තිය යටතේ සකස් කරන ලද වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සති දෙකක් ඇතුළත දී, මණ්ඩලයේ  වෙබ් අඩවියෙන් මහජනයාට දැනගැනීමට සැලැස්වියයුතු ය.

වැරදි

59.

අ.

  • ප්‍රවෘති මාධ්‍ය ආයතනයක් මගින් සේවයේ යොදවා ඇති ජනමාධ්‍යකරුවෙකු විසින් නීත්‍යනුකූල ව කරනු ලබන ප්‍රවෘති හා තොරතුරු රැස් කිරීමක් අවහිර කරන ඕනෑම අයෙක්;
  • මේපනතේ(9) වැනි වගන්තියටපටහැණි ව රහස්‍ය තොරතුරු ප්‍රභවයක් හෙළිදරව්කරන ලෙස යම්පුද්ගලයෙකුට නියම කරන ඕනෑම අයකු;
  • ප්‍රධාන සංස්කාරකයෙකු, ජනමාධ්‍ය කරුවෙකු හෝ ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනයක වෙනත් සේවකයෙකු,ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය විසින් පිළිගනු ලැබූව්‍ය වහාරසංග්‍රහයක් කඩකිරීම ප්‍රතික්ෂේපකිරීම නිසා, අඩුසැලකිලි දැක්වීමකට හෝ, සම්බාධකයකට හෝ රැකියාව අවසන්කිරීමකට හෝ ලක්කරන ඕනෑම අයකු;

මේ පනත යටතේ වරදක් සිදුකරන අතර මහේස්ත්‍රාත්වරයෙකු විසින් කරනු ලබන ලඝු නඩු විභාගයක දී රුපියල් ලක්ෂයකට නො වැඩි දඩයකටහෝ මාස තුනකට නො වැඩි සිරදඬුවමකට හෝ එකී දඬුවම් දෙකට ම හෝ යටත්විය යුතු ය.

(ආ)

  • මණ්ඩලයටචේතනාන්විතව වැරදි සහගත, අසම්පූර්ණ හෝ නිවැරදි නොවන තොරතුරු සපයනු ලබන, ඔහු හෝ ඇයගේ සේවා නියුක්තිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ලබා ගත් දැනුම හෝ තමා වෙත ප්‍රවේශයක් ඇති තොරතුරු චේතනාන්විතව විනාශ කරනු ලබන, අවලංගු කරනු ලබන, වෙනස් කරනු ලබන හෝ පූර්ණ හෝ අර්ධ වශයෙන් වසන් කරනු ලබන යම්අයකු;

(ii)මණ්ඩලය  විසින් ඉල්ලා සිටීමේ දී මණ්ඩලය  ඉදිරියේ පෙනී සිටීම පැහැර හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු  ලබන ඕනෑම අයකු;

  • මණ්ඩලය ඉදිරියේපෙනීසිටිමින්මණ්ඩලය විසින් විභාග කිරීම පැහැර හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරන ඔහුගේ භුක්තියේ හෝ බලය යටතේ පවතින යම් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක දී හෝ දිවුරුම් දීම හෝප්‍රතිඥා දීම් යටතේ චේතනාන්විත ව  සාවද්‍ය තොරතුරු සපයනු ලබන ඕනෑම අයකු;
  • මේ පනත මගින් මණ්ඩලයවෙත හෝ එම මණ්ඩලයේ යම් නිලධරයකු හෝ සේවා නියුක්තිකයකු වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේ දී, මණ්ඩලය හෝ එහි යම් නිලධරයකු හෝ සේවා නියුක්තිකයකු වළක්වන හෝ අවහිර කරනු ලබනඕනෑමඅයකු;

මේ පනත යටතේ වරදක් සිදුකරන අතර මහේස්ත්‍රාත්වරයෙකු විසින් කරනු ලබන ලඝු නඩුවිභාගයක දී රුපියල් ලක්ෂයකටනො වැඩි දඩයකට හෝ මාස තුනකටනො වැඩි සිරදඬුවමකට හෝ එකීදඬුවම් දෙකට ම හෝ යටත්වියයුතු ය. (ආ) උපවගන්තියේ සඳහන් වරදවල් මණ්ඩලය හෝ මණ්ඩලය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරනු ලබන වාර්තාවකට අනුව (ආ) සිදු වී ඇති වරදවල් ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැලකිය යුතු ය.

  1. මණ්ඩලයේ තීරණයට කීකරු වීම හෝ තීරණය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන ඕනෑම ප්‍රවෘති මාධ්‍ය ආයතනයක් මේ පනත යටතේ වරදක් සිදුකරන අතරම ණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවකට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක පැවැත්වෙන ලඝු නඩු විභාගයක දී රුපියල් දස ලක්ෂයක් දක්වාවූ, එහෙත් එහි විගණනය කරන ලද ආදායම් ප්‍රකාශය මත හෝ උසාවිය විසින් තීරණය කරනු ලබන සුදුසු ආකාරයකින් ගණනය කරනු ලබන පරිදි, එම ප්‍රවෘති මාධ්‍ය ආයතනයේ සතියක දළ ආදායමට නොවැඩි දඩයකට යටත් වියයුතු ය. [දඩ මුදල ගෙවීමට නො හැකි වීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් හෝ මාස තුනකට නො වැඩි කාලයට සිරදඬුවමක් නියම කිරීමට හේතු වේ.]
  1. (අ). මේ පනත යටතේ පැනවීමට අවශ්‍ය වන නීති පැනවීමට මණ්ඩලයට හැකිය.

(ආ). මේ පනත යටතේ පැනවෙන සෑම නීතියක් ම පාර්ලිමේන්තුවේ සභා ගත කළ යුතු අතර මාස තුනක් නො ඉක්මවන සාධාරණ කාලයක් තුළ ගැසට් පත්‍රයේ පළ කළ යුතු ය.

 මණ්ඩලයේ  මුද්‍රාව

  1. මණ්ඩලයේ මුද්‍රාව :

(අ).මණ්ඩලය  විසින් කලින් කලට නිශ්චය කරනු ලබන ආකාරයට විය යුතු ය;

(ආ). මණ්ඩලය  විසින් නිශ්චය කරනු ලබන යම් තැනැත්තකු භාරයේ තිබිය යුතු ය;

(ඇ). මණ්ඩලය  විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් ආකාරයකින් වෙනස් කරනු ලැබිය හැකි ය; සහ

(ඈ).මණ්ඩලයේ  මුද්‍රාව, මණ්ඩලයේ  සභාපතිවරයා සහ වෙනත් එක් සාමාජිකයකු ඉදිරිපිට දී මිස කිසිදු සාධන පත්‍රයකටනො තැබිය යුතු අතර, ඒ දෙදෙනා විසින් තමන් පැමිණ සිටි බවට සාක්ෂි වශයෙන් එකී සාධන පත්‍රයෙහි අත්සන් කළ යුතු ය.

මේ පනතේ සිංහල හා දෙමළ පෙළ අතර නොගැළපීමක් ඇතිවුව හොත් සිංහල පෙළ නිවැරදි වශයෙන් සැලකිය යුතු ය.

අර්ථදැක්වීම්

සන්දර්භය විසින් අවශ්‍ය කරන විටකදී හැර, මේ පනත සම්බන්ධයෙන්, ‘ප්‍රවෘතිමාධ්‍ය ප්‍රකාශනයක්’යනුවෙන් අදහස්කරන්නේ නිත්‍යනාමයක් ඇති, අවම වශයෙන් මසකට වරක්වත් නිරන්තර ව පළකරන, ශ්‍රී ලංකාව තුළ සිය කටයුතු පවත්වා ගෙන යන ප්‍රකාශකයෙකු විසින් ප්‍රකාශයට පත්කරනු ලබන, විශ්වාසදායක ප්‍රවෘති හා තොරතුරු ප්‍රභවයක් ලෙස එම ප්‍රකාශනය සලකනු ලබන පොදු මහජනතාවකට හෝ ඉන් කොටසකට හෝ බෙදාහැරීම අරමුණු කොටගත් මුද්‍රිත ප්‍රකාශනයකි.

‘ප්‍රකාශකයා’ යනුවෙන් අදහස් වෙන්නේ ප්‍රවෘති මාධ්‍ය ප්‍රකාශනයක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරන තැනැත්තා හෝ නිසි බලපත්‍ර නිකුත් කරන ආයතනයකින් ලබාගත් විකාශන හෝ බෙදා හරින බලපත්‍රයක් හිමි ඒ බලපත්‍රය යටතේ විද්‍යුත් ජනමාධ්‍ය සේවයක් බෙදා හරින හෝවිකාශනය කරන තැනැත්තාය.

‘විද්‍යුත් මාධ්‍යසේවයක්’ යනු භූමිපාදක විකාශන ක්‍රමයක් මගින්හෝ චන්ද්‍රිකාවක් මගින් හෝ රැහැන් ක්‍රමයක් මගින් හෝ එකවර මහජන පරිභෝජනය සඳහා බෙදා හරින, ගාස්තු ගෙවා හෝනො ගෙවා ගුවන් විදුලි යන්ත්‍රයක්, රූපවාහිනී යන්ත්‍රයක් හෝ වෙනත් ඕනෑම අදාළ ඉලෙක්ට්‍රොනික උපකරණයක් මගින් ලබාගත හැකි, නිසිබලධාරියෙකු විසින් නිකුත් කරන බලපත්‍රයක් යටතේ පවත්වා ගෙන යන, ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් හෝවි කාශනය කරනු ලබන සේවාවකට ය.   එසේවුව ද පුද්ගලික හෝ ආණ්ඩුවේ ආයතනයක ආභ්‍යන්තරි කසන්නිවේදන කටයුතු සඳහායොදාගනු ලබන හෝ අන්තර්ජාලය ඔස්සේකරන සන්නිවේදනයක් එමගින් අදහස්නොවේ.

‘අන්තර් ජාල ප්‍රවෘති මාධ්‍ය සේවාවක්’ යනු ශ්‍රීලංකාවෙන් උද්ගතවී මහජනතාව අරමුණු කොට ප්‍රවෘති මාධ්‍යප්‍ර කාශනයක් හෝ විද්‍යුත් මාධ්‍ය සේවයක් හා අනුරූප ව අන්තර්ජාලය ඔස්සේබෙදා හරින ප්‍රවෘති හා තොරතුරු සේවාවකටයි.

‘ප්‍රවෘති සහ තොරතුරු’යන්නෙන් ප්‍රවෘති මාධ්‍ය කියවන හෝ අසන හෝ නරඹන ග්‍රාහකයන් විසින් විශ්වාසදායකයයි සලකන පෙළ, චලන හෝ ස්ථිතික පින්තූර හෝ ශ්‍රව්‍යමය ද්‍රව්‍ය අදහස්වේ.

‘ප්‍රධාන කර්තෘ’යනුවෙන් අදහස් වන්නේ, මේ පනතේ(12 ) වැනි වගන්තියට අනුව, ප්‍රවෘති මාධ්‍ය ආයතනයකින් නිකුත් වන අන්තර්ගතය සම්බන්ධයෙන් අවසාන සංලේඛ්‍ය පාලනය කරන තැනැත්තාය.

‘අයිතිකරු’යන්නෙන් අදහස් වන්නේ ප්‍රවෘති මාධ්‍ය ආයතනයක සැලකියයුතු හිමිකාරත්වයක් දරන තැනැත්තා වේ.

‘මුද්‍රණකරු’යන්නෙන් අදහස්වන්නේ ප්‍රවෘති මාධ්‍ය ප්‍රකාශනයක් මුද්‍රණය කිරීම පිණිස ප්‍රකාශකයෙකු විසින් පත්කරනු ලබන හෝ ගිවිසුමකට එළඹෙන ඕනෑම තැනැත්තෙකි.

‘පුද්ගලයා’යන්නෙන් කායික හෝ නීතිමය පුද්ගලයෙකු සැලකේ

‘බෙදා හරින්නා’ යන්නෙන් අදහස්වන්නේ ප්‍රවෘති මාධ්‍ය ප්‍රකාශනයක් තොගවශයෙන් බෙදාහැරීම පිණිස ප්‍රකාශකයෙකු විසින් පත්කරනු ලබන හෝ ගිවිසුමකට එළඹෙන ඕනෑම තැනැත්තෙකි.

උප ලේඛනය – I

 (39)- (එ) උපවගන්තිය

මණ්ඩලයේ  සාමාජිකයන්ට අදාළ වන විධිවිධාන

මණ්ඩලයේ සාමාජිකයකු

(අ) ජනාධිපතිවරයා අමතා යවනු ලබන ලිපියකින් ඔහුගේ හෝ ඇයගේ ධුරයෙන් කලින් ඉල්ලා අස් වූ අවස්ථාවක දී;

(ආ) ජනාධිපතිවරයා විසින් මෙමඋප ලේඛනයේ (2) දෙවැනිවගන්තියේප්‍රකාර ධුරයෙන් ඉවත් කරන අවස්ථාවක දී;

(ඇ)මාර්ගනීතිඋල්ලංඝනයකිරීමක දී හැරනිසිබලයඇතිඅධිකරණයක් විසින් වරදකරුවකු කරනු ලැබ ඇති අවස්ථාවක දී;

(ඈ)කොමිෂන් සභාවෙන් කලින් නිවාඩු ලබා ගැනීමකින් තොර ව මණ්ඩලයේ අනුක්‍රමිකරැස්වීම් තුනකට ඔහු හෝ ඇය නො පැමිණ සිටීමෙන් ධුරය හැර ගියා සේ සලකන අවස්ථාවක දී; හෝ

ඔහුගේහෝඇයගේ සාමාජිකත්වය අවසන් විය යුතු ය.

 මණ්ඩලයේ  සාමාජිකයකු

(අ)යම් සිහිවිකලභාවයක් හේතුවෙන් ඔහුගේ හෝ ඇයගේ කාර්යයන් ඉටු කිරීමට ස්ථිර වශයෙන් නො හැකි අවස්ථාවක දී; හෝ

(ආ)චරිත දූෂණය මත ඔහු හෝ ඇයගේ රාජකාරි ඉටු කිරීමට සුදුසු තත්වයක නොමැති  අවස්ථාවක දී;හෝ

 අදාළ සාමාජිකයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත්කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදීමේ කොන්දේසිය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කරනු ලබන නිර්දේශයක් පරිදි සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකකට වැඩිඡන්දයකින් පාර්ලිමේන්තුව විසින් සම්මතකර ගනු ලබන යෝජනාවකට අනුව ජනාධිපතිතුමා විසින් ඉවත් කළහැකිය.

 ජනාධිපතිවරයා අමතා තත්කාර්ය සඳහා යවනු ලබන ලිපියක් මගින් මණ්ඩලයේ  සභාපතිවරයාට හෝ වෙනත් යම් සාමාජිකයකුටසියධුරයෙන් ඉල්ලා අස් විය හැකි අතර, ඒ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් ලිඛිත ව පිළිගන්නා දිනයේ සිට බලාත්මක විය යුතු ය.

 මණ්ඩලයේ  යම් සාමාජිකයකුගේ ධුරය හිස් වන අවස්ථාවක දී, එකී සාමාජිකයාගේ ධුරකාලයෙන් මාස හයක් හෝ ඊට වැඩි කාලපරිච්ඡේදයක් ඉතිරි ව ඇත්නම් අදාළ සාමාජිකයාගේ නාමයෝජනා කරනු ලැබූ ප්‍රවර්ගයෙන් පනතේ (30)වන වගන්තියේ සඳහන් කාර්ය පටිපාටිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාව විසින් නිර්දේශ කරනු ලබන වෙනත් පුද්ගලයෙකු ජනාධිපතිවරයා විසින්, අනුප්‍රාප්ති වන සාමාජිකයාගේ ධුර කාලයෙන් ඉකුත් නොවී ඇති කාලය සඳහා ධුරය දැරීමට පත් කරනු ලැබිය  යුතු ය.

 මණ්ඩලයේ  සාමාජිකයකු අසනීපයක්, ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම හෝ වෙනත් යම් හේතුවක් නිසා ඔහුගේ හෝ ඇයගේ කාර්යයන් ඉටු කිරීමට තාවකාලිකව නො හැකි වන අවස්ථාවක දී, ඒ සාමාජිකයා වෙනුවට ක්‍රියා කිරීමට ඔහු හෝ ඇය නො පැමිණි කාලය සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රමව්‍යවස්ථාසභාවේඑකඟත්වයමතමණ්ඩලයවිසින්නිර්දේශ කරන වෙනත් තැනැත්තකු පත් කරනු ලැබිය හැකි ය;

ප්‍රවාහනය, නවාතැන් සහදෛනිකයැපීම්දීමනාඇතුළුවමණ්ඩලයේකාර්යන්ඉටුකිරීමේ දී මණ්ඩලසාමාජිකයන්විසින්දරනවියදම් ඔවුන්ට ගෙවියයුතු ය.

කල්තියා තීරණයකරන ලදහෝ සභාපතිවරයා විසින් කැඳවනු ලබන මණ්ඩලයේරැස්වීම්වලටපැමිණීම පිණිස මණ්ඩලය විසින් දීමනාවක් සභාපති වරායද ඇතුළු සියලු සාමාජිකයන්ට එක සමාන පදනමකින් ලැබිය යුතු ය.

 උපලේඛනය – II

37(ආ) (xiv) උපවගන්තිය

 මහජන අදහස් විමසීම පිළිබඳ විධිවිධාන

මණ්ඩලය මහජන අදහස් විමසීමක් පවත්වන්නේ නම්:

  1. මහජන අදහස් විමසීමක් සිදුකරන බවට;
  2. එම මහජන අදහස් විමසීම ක්‍රියාත්මක වන කාලපරිච්ඡේදය
  3. මහජන අදහස් විමසීම හා සම්බන්ධ කාරණයේ ස්වභාවය
  4. එම කරුණ සම්බන්ධයෙන් මණ්ඩලය වෙත කරුණුඉදිරිපත් කිරීමට නියමිත කාල පරිච්ඡේදය සහ ආකාරය සහ
  5. කරුණු ඉදිරිපත් කළ යුතු ලිපිනය දැන්වීමක් මගින් පළකළ යුතුය.

මහජන අදහස් විමසීමක් කරනවිට මණ්ඩලය ඒ සම්බන්ධයෙන්:

(අ). මණ්ඩලයේ මතය අනුව කාරණයට අදාළ වන ප්‍රශ්න සහ

(ආ). මණ්ඩලය අදහස් කරන ආකාරයට එම ප්‍රශ්න පිළිබඳ පසුබිම් විස්තර කරුණු ඇතුළත්

සාකච්ඡා පත්‍රිකාවක් ප්‍රකාශයට පත්කළ යුතු ය.

 ඕනෑම මහජන අදහස්වි මසීමක් සම්පුර්ණ කොට මාසතුනක් ගතවීමට පෙර මණ්ඩලය අදාළවෙතැයි සලකන ප්‍රමාණයට එම මහජන අදහස් විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ යුතු අතර මේ පනත යටතේ පවරා ඇති කටයුතු හා වගකීම් ඉටුකිරීමේදී ද, බලය භාවිතකිරීමේදී ද එමමහජන අදහස් විමසීම්වල ප්‍රතිඵල සැලකිල්ලට ගතයුතුය.

මේ කොටස සම්බන්ධයෙන් දැන්වීම්, ලේඛන සහ තොරතුරු පළකිරීමේදී මණ්ඩලයේ වෙබ්අඩවියේ ඒවා පළකරනු ලැබිය හැකි අතර මණ්ඩලයේ කාර්යාලවලද තැබිය යුතුය. එයට අමතරව එවැනි දැන්වීම්, ලේඛන සහතොරතුරු ඒ ගැන උනන්දුවක් දක්වන සියලු පාර්ශව වල අවධානයට යොමු කිරීම සඳහා සුදුසුයයි මණ්ඩලය සිතන ආකාරයකට පළ කල හැක්කේය.

 

Archive

Latest news

Related news