Wednesday, May 1, 2024

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පරීක්‍ෂණ අධෛර්යමක්! – නිමාව්‍ය

ජායාරූපය: ඝාතනයට ලක් වූ ජනමාධ්‍ය වේදීන් උදෙසා පැවැත්වූ උද්ඝෛා්ෂනයක් ( 2008); ඔවුන් වෙනුවෙන් කතා පවත්වා බලයට පැමිණි සිරිසේන දැන් කියන්නේ වෙනම කතාවකි.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ පිළිිබඳ පරීක්ෂණ කඩිනම් කොට ඔවුන්ට යුක්තිය ඉටු කිරීම හා දණ්ඩ මුක්තිය අවසන් කිරීම වෙනුවෙන් දිගින් දිගට ම පෙනී සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පසුගිය අවස්ථා කිහිපයක දී ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම පරීක්ෂණ කටයුතු අධෛර්යමත් කිරීමට තුඩු දෙන අයුරින් පළ කරන ලද අදහස් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර සටන නිදිහස් මාධ්‍ය ව්‍යාපාරය  ජනාධිපතිවරයා මෙන්ම වෙනත් ප‍්‍රධානීන් කිහිප දෙනෙකු ද අවස්ථා කිහිපයක දී ම එවැනි අදහස් පළ කර ඇති බව පෙන්වා දෙයි. පසුගිය දා පලාලි ගුවන් හමුදා මූලස්ථානයේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා සිදු කරන ලද ප‍්‍රකාශය ද එහිම දිගුවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

මෙරට ආරක්ෂක අංශයේ යම් යම් ක‍්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද එල්ල වන චෝදනා පිළිබඳව සඳහන් කරමින් ඒ සියල්ල රාජ්‍ය නොවන සංවිධානවලින් නැෙඟන චෝදනා බවට ලඝු කරමින් ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියේ තමන් ඉතා පැහැදිලිව යුධ, නාවික, ගුවන් යන ත‍්‍රිවිධ හමුදාවත්, පොලිසියේ සියලූ දෙනාත් ඉතාමත් වගකීමෙන් ආරක්ෂා කරන බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය   වරින්වර මෙබඳු ප‍්‍රකාශ මගින් කරනු ලබන අවධාරණයන් ගැටලූකාරී ප‍්‍රකාශයන් බවට  රටේ පවතින සන්දර්භයට සාපේක්ෂව පත්වන බව කියා සිටි.

ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතන ගණනාවකට එරෙහිව සිදු වූ අපරාධ පිළිිබඳ චෝදනාවලට සමහර ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නම් සම්බන්ධ වී තිබේ. අද වන විට එම පරීක්ෂණ සියල්ල තිබෙන්නේ එකතැන හිර වූ තත්ත්වයකය. මෙම පරීක්ෂණ කඩිනම් කොට වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙස කරන ඉල්ලීම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පටු ඉල්ලීමකට ලඝු කළ නොහැකිය. එය පුළුල් සමාජ ඉල්ලීමකි. එබඳු සන්දර්භයක් තුළ ඉහත කී පුළුල් සමාජ ඉල්ලීම ගර්හාවට ලක් කරමින් වරින්වර කරනු ලබන මෙවැනි ඇතැම් ප‍්‍රකාශ මෙන්ම ඊට සමාන්තරව ගනු ලබන ඇතැම් පියවර මගින් ද සිදු වන්නේ දැනටමත් එක තැන හිර වී තිබෙන නීත්‍යානුකූල පරීක්ෂණ කටයුතු තවදුරටත් අඩාල වීමය. එසේම වින්දිතයින්ට යුක්තිය ඉටුවීම පිළිබදව පවත්නා මහජන විශ්වාසය තවදුරටත් පළුදු වීම බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනය සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ඉහත ප‍්‍රකාශය පිළිබදව දැඩි කනස්සල්ල පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙම පරීක්ෂණ කඩිනම් කොට ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඇතුලූ සියලූ වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙස දැඩිව ඉල්ලා සිට තිබෙ

Archive

Latest news

Related news