Tuesday, May 7, 2024

සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණ දළ සැළසුම් තෙමසකින්

ජායාරූපය:ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සමාන්තර රුස්වීම අමතමින් ©s.deshapriya.

අතුරුදහන්වූවන් පිළිබඳ  කාර්යාලය හැරුණ විට ඉතිරිව ඇති අනෙක් සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් පිළිබඳ දළ සැළසුම් තෙමසක් ඇතුළත ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය 01දා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය අතර තුර පවත්වන ලද සමාන්තර රුස්වීමකදීය. සත්‍ය කොමිසමක් සඳහා කෙටුම්පත ඉක්මනින්ම ඉදිරිපත් වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම රුස්වීම පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයින් දැනුවත් කිරීම පිනිසය. සාකච්ජා සභාව ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියවංශ විසින් මෙහෙයවන ලද අතර විදේශ අමාත්‍ය සමරවීර, පා.ම. ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සහ ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා ද ඊට සහභාගි වූහ.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනමත විචාරණයක් ජයගත් නොහැකි යැයි මතු කරන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ආචාර්ය වික්‍රමරත්න කියා සිටියේ කොලොම්බියාවේදී හෝ බ්‍රිතානයයේදී මෙන් නොව නව ව්‍යවස්ථාව ජනමතවිචාරණයකට ඉදිරිපත් කැරෙනු ඇත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනිමෙන් පසුව බැවින් එය අපහසු නොවනු ඇති බවයි. එම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම මාස දෙක තුනක් ඇතුළත අවසන් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තවත් කාලය නොදිය යුතු බවට ඇති විවේචන ගැන සඳහන් කළ ජෙහාන් පෙරේරා එවැනි කාලයක් ලබා දීම අවශ්‍ය වන්නේ සංහිදියාව එක් රුයකින් ඇති කළ නොහැකි නිසා බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන ලද මුල් කෙටුම්පතට තමා ද විරුද්ධ වූ බව කී විදේශ ඇමැති සමරවීර දෙමළ ජනයාගේ ඉඩම් ආපසු ලබා දීමට උද්ඝෝෂන කර තුරු සිටිය යුතු නැතැයි කීවේය. විදේශ ඇමැතිවරයා සිහින දකින බොරුකාරයකු ලෙස වක්‍රව හැදින්වූ ඩයස්පෝරා සාමාජිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්ත තත්වය විමසා බලන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

Archive

Latest news

Related news