Monday, May 20, 2024

හිටපු බුද්ධි අංශ ප්‍රධානී හෙන්දාවිතාරණ ගිනුමට මිලියන ගණන් බැරවෙලා!

ජායාරූපය: මේජර් ජනරාල්වරයකු වූ කපිල හෙන්දවිතාරණ සළකනු ලැබූයේ ගෝඨාභය රාජපක්ෂගේ දකුණූ අත ලෙසය.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු වූ කපිල හෙන්දවිතාරණගේ ලංකා බැංකුවේ නගර ශාඛාවේ පිහිටි ජංගම ගිණුමට රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් විසින් රුපියල් ලක්ෂ තිස් දෙකක මුදලක් බැර කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද පරීක්ෂණයක දී අනාවරණය කරගෙන ඇත.

උතුරු නැගෙනහිර පළාත්වල ඒ එස්කේ කේබල් ටීවී නමැති විකාශන ආයතනයක් පවත්වාගෙන ගිය එස්.එස්. කුහන්දන් නමැති අයෙකු ද එම ගිණුමට රුපියල් ලක්ෂ දහයක මුදලක් බැර කර ඇති බව එහි දී හෙළිවී ඇත.

එසේ කපිල හෙන්දවිතාරණගේ ගිණුමට බැර වූ මුදල් ඔහු හා තවත් කිහිපදෙනෙකු වරින් වර ලබා ගෙන ඇති අතර එම මුදල් යාපනය, කොටහේන, අක්කරෙයිපත්තු, තම්බලූ විල්, නුගේගොඩ, කොල්ලූපිටිය, තිරුහෙල්එළි, බම්බලපිටිය යන ප්‍රදේශවල පිහිටි බැංකුවලින් කපිල හෙන්දවිතාරණගේ ජංගම ගිණුමට බැර කර ඇත.

ගිණුමෙන් මුදල් ලබා ගැනීමේ කපිල අයි.එම්.ජී.කුමාර, පරගොඩ ගමගේ වසන්ත ඩයස්, වජිර ලියනගේ යන අය විසින් සිදු කර ඇත.

ජනාධිපති කාර්යාලයෙන් මසකට යුරෝ 15000 :

එසේම එම පරීක්ෂණයේ දී තවදුරටත් හෙළි වී ඇත්තේ අදාළ ඒ එස්කේ නමැති කේබල් ටීවී ආයතනයට රජයේ රූපවාහිනී නාලිකාවල විකාශය වන දෙමළ ප්‍රවෘත්ති හා වැඩසටහන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රංශයේ විකාශය කිරීම සඳහා මසකට යුරෝ 15000 බැගින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති බව හා ඒ සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් මිලියන 153ක මුදලක් ගෙවා ඇති බවයි.

මෙම කටයුත්ත සඳහා කුහන්දන් නමැත්තා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මුණගැස්සවීම හමුදා බුද්ධි අංශ සාමාජික සුරේෂ් සලේ විසින් සිදු කර ඇති අතර එසේ මුදල් ගෙව්ව ද එවැනි වැඩසටහන් විකාශය කළා ද යන්න ද තහවුරු වී නැත.

ඒඑස්කේ කේබල් රූපවාහිනිය උතුරු නැගෙනහිර පළාත්වල දී රජයේ රූපවාහිනී වැඩසටහන් විකාශය කළ ද ඒ සඳහා රජයට කිසිදු ගෙවීමක් සිදු කර නැත.

ප්‍රංශයේ ඞීඒඑන් ටීවී විකාශය පවත්වාගෙන ගොස් ඇත්තේ ද එම කේබල් ටීවී හිමිකරුය.

(රාවය)

Archive

Latest news

Related news