Saturday, April 27, 2024

ජනපති – අගමැති වත්කම් ඉල්ලූ සංවිධාන වලට සිරිසේනගෙන් තරවටුවක්

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනපති සහඅගමැති යන දෙනෙනා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දෙන ලද වත්කම් ප්‍රකාශ ඉල්ලා සිටි රාජ්‍ය නොවන සංවිධාන ‘ පමණ ඉක්මවා‘ යන බවට අද ජනාධිපති සිරිසේන අනතුරු අඟවා තිබේ.

මේ බව දැක්වෙන්නේ බීබීසී සිංහල සේවය විසින් පළ කර ඇති පුවතකිනි. ඒ  අනුව ඔහු මෙසේ කියා තිබේ:

‘‘ගැසට් එක පලකළ පෙබරවාරි 2 දිනය දාලම මටයි අගමැතිතුමාටයි, රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලනව වත්කම් ඉල්ලලා. මම හරි සතුටු වෙනවා ඒ ගැන. රාජ්‍ය නොවන සංවිධානත් දැනගන්න ඕනේ, තමාගේ වගකීම මොකක්ද කියලා. කළ යුතු දේ කිරීමත් නොකළ යුතුදේ නොකරන්නටත් දැනගන්න ඕනේ. හැමෝම නෙවෙයි, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තම ලියාපදිංචි වෙච්ච විෂය ක්ෂේත්‍රයට එහා යනවා. මට නම් මගේ වත්කම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.”

ඒ බව සඳහන් කළ ඔහු, ජනාධිපති ධුරයට පත්වී ගතවගිය දෙවසර තුළ වත්කම් ප්‍රකාශ ලබාදුන් එකම ජනාධිපතිවරයා තමන් බවත් පවසා තිබේ.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙරට ඕනෑම පුරවැසියකුට හෝ සංවිධානයකට තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති බව තොරතුරු කොමිසම ප්‍රකාශ කර තිබේ. එ් සඳහා රාජ්‍ය නොවk සංවිධානද නැත්ද යන්න ප්‍රශ්ණයක් නොවේ. එබැවින් ජනාධිපතිවරයාගේ කතාව වලිගය පාගා ගැනීමක් බව ශ්‍රී ලංකා බ්‍රීප් වෙත අදහස් දැක්වූ රාජ්‍ය නොවන ක්‍රියාධරයකු ප්‍රකාශ කළේය.

එසේ නැත්නම් එය කිරි කළයට ගොම දමා ගැනීමකි.

මෙම රැස්වීම වාර්තා කරන රාජ්‍ය මාධ්‍ය කිසිවක් ජනාධිපතිවරයාගේ මෙම තරවටුව සඳහන් කර නැත.  රාජ්‍ය මාධ්‍ය සඳහා ජනාධිපතිවරයාගේ කතා වාර්තා කිරීමේදී දිගටම දක්නට ලැබෙන ලක්ෂනයක් නම්  ඔහුට අවාසියක් විය හැකි යැයි හැඟෙන ප්‍රකාශ වාරණය කිරීමයි.

 

 

Archive

Latest news

Related news