Friday, May 17, 2024

පවුල්වාදය ගැන ජනපති සිරිසේන පිළිතුරු දිය යුතු ප්‍රශ්ණයක්

ජායාරූපය: ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රචාරක කටයුතු මගින් හම්බකරන චතුරිකා සිරිසේන දැන් දේශපාලන චරිතයකි.

පසුගිය 14 වන අඟහරුවාදා  ඛෙත්තාරාම ක්‍රිඩාංගනයේදී  පවැති ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ සීමිත පන්දු ඕවර තරඟ ආරම්භය වෙනුවෙන් රුපියල් ලක්ෂ 40 ක් වැය කරමින් එහි උත්සවයක් සංවිධානය කර තිබි ඇත.

මෙම උත්සවයේ  සංවිධාන කටයුතු බාර දී තිබුනේ “මීඩියා ගැන්“ නමැති ප්‍රචාරක ආයතනයට ය. මේ සඳහා රු. ලක්ෂ 40 කට ආසන්න මුදලක් අදාල සමාගමට ගෙවා තිබේ. මෙම “මීඩියා ගැන්“ ආයතනයේ හිමිකාරිය වන්නේ අන් කිසිවෙක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 ලෝක ශූරතාවයට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් පිටත්වෙද්දී  ඔවුන්ට සුබ පැතීම වෙනුවෙන් තවත් මහා උත්සවයක් කොළඹ දී පැවැත්වූ අතර එහි සංවිධානය ද බාර දී තිබුණේ චතුරිකාගේ ‘මීඩියා ගැන්‘ එකටම  බවත්  ඒ සඳහා ඇයට රුපියල් කෝටි 3 හමාරකට ආසන්න මුදලක් හෙවත් රුපියල් මිලියන 34 ක් ගෙවීමට ගෙවූ බවත් එම පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

රාජපක්ෂ සමයේ රාජපක්ෂ දරුවන්ද  දහසින් බැඳි පියලි හම්බ කර ගත්තේ මේ විදිහටමය. දැන් සිරිසේන දරැවන්ද ඒ පාරේ යන බවට චෝදනා එල්ල වී තිබේ.

මේ කතාව ඇත්ත නම් එය ලැජ්ජා සහගතය. එබැවින් සිරිසේන හෝ චතුරිකා හෝ මේ සම්බන්ධයෙන් පිළිතුරක් දිය යුතුය.

 

 

Archive

Latest news

Related news