Monday, May 20, 2024

මුලතීව්හි පුලක්කුදිරිප්පුවේ ගොවීන් සහ ධීවරයින්ගේ ඉඩම් අරගලය සමඟ නැගි සිටිමු!

දහවන දිනටත් උපවාසයේ යෙදී සිටින මවක් ජායාරෑපය @garikaalan.

මුලතීව් දිස්ත‍්‍රික්කයෙන් පුලක්කුදිරිප්පු ගම්මානයේ අවතැන් වු ගොවි ධීවරයින් ඉඩම්  නාවික හමුදාව විසින් තවමත් අල්ලාගෙන සිටීම සම්බන්දයෙන් සිය විරෝධය පළ කරන  ‘ඉඩම් අයිතිවාසිකම් සඳහා වු ජනතා සංසදය‘  එම ජනයාගේ අයිතීන් සඳහා වු අරගලය වටා පුලුල් සහයොගිතාවයක් ගොඩනැග‍ීමට එක්වන ලෙස ඉල්ලිමක් කරයි.

ඉහත ග‍්‍රාමයේ ගොවි ධීවර ජනතාව තවමත් ශ‍්‍රි ලාංකික නාවික හමුදාව විසින් රඳවාගෙන ඇති තම නිවෙස් සහිත වගාබිම් නැවත තමන්ට ලබා දෙන ලෙසින් බලකරමින් විරෝධතාවයක් සහ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන ලද්දේ පසුගිය ජනවාරි 31දාය. දැනට දින දහයක් පුරා ඔව්හු එම උපවාසය කරගෙන යති.

තම ජීවනෝපාය ලෙසින් ධීවර කර්මාන්තයේ සහ වගා කටයුතුවල පුලක්කුදිරිප්පු ග‍්‍රාමයේ පවුල් 84 කට අයත් වු අක්කර 9ක්  වගා බිම් සහ ගෙවල් සහිත ප‍්‍රදේශය තවමත් නාවික හමුදාව යටතේ පවතියි.

අරගලයේ යෙදී සිටින ජනයා ජයාරූපය @garikaalan

මෙම අසරණතාවයට පත් වු පවුල් 84 ම අවම වශයෙන් එක් පවුලකට දළ වශයෙන් අක්කර 1ක වගා බිමක් අයිතිව සිටි අය වෙති. මෙසේ අවතැන්වුවන්ට විකල්පයක් වශයෙන් කේපාවිලවු නම් වු ආදර්ශ ගම්මානයේ නාවික හමුදාව විසින් පර්චස් 40 ක බිම් කොටසක මූලික පහසුකම් සහිත ගෙවල් 55 ක් සාදා දී ඇත. නමුත් ගැටලුව වන්නේ මෙසේ සපයා දී ඇති ඉඩම් වගා කිරීමට හෝ ධීවර කර්මාන්තයන් සඳහා යෙදවීමට සුදුසු හෝ ප‍්‍රමාණාත්මක ප‍්‍රදේශයක් නොවීමයි. මේ හේතුන් නිසා පුලක්කුදිරිප්පු ගම්මානයේ මෙම ගොවි ධීවර ගැමියන් සමාජීය හා ආර්ථික වශයෙන් දුෂ්කර තත්වයකට පත්ව සිටිති.

දිනෙන් දින උග‍්‍ර වු ජීවිත අරගලය තුල මෙම ගම්වැසියන් තම ජීවනෝපාය සඳහා දෛනික කුලි වැඩවල යෙදීමට මෙන්ම නීති විරෝධි මධ්‍යසාර නිපදවීමටද යොමු වී ඇත. මේ කිසිවක් මෙවන් කාර්යන්හි නියැලෙන්නේ ස්වකැමැත්තෙන්ම නොවේ. ඔවුන්ගේ බලාපොරොත්තුව එකම සිහිනය තමන්ගේ ඉඩමට නිවහනට ගොස් ස්වාධීනව තමන්ගේ රැකියාවන් වගාවන් කරගෙන ජීවත්වන්නේ කවදාද යන්නයි. මෙම ගම්වැසියන් බහුතරයකට තමන්ගේ ඉඩම් අයිතිය පදිංචිය සනාථ කිරීමට අවැසි නීත්‍යානුකූල සාක්ෂි ඇත. ඒ කෙසේ වෙතත් වර්ථමානය වන විට වෙරළබඩ ප‍්‍රදේශය පුරා නාවික හමුදාව විසින් කාබානස් ගොඩනඟා ඇත.

දහවන දිනටත් උපවාසයේ යෙදී සිටින මවක් ජයාරූපය@garikaalan

ජනවාරි 31 දින සිට තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙසින් බලකරමින් ප‍්‍රසිද්ධ උද්ඝෝෂණයකට සහ අඛණ්ඩ සත්‍යග‍්‍රහයකට අවතීර්ණ වී සිටින ඔවුන්ගේ ඉල්ලීම් ”අපේ ඉඩම් අපට දෙන්න.” යනුවෙනි. තවදුරටත් කේපාපිලවු ආදර්ශ ගම්මානය තුල ඔවුන්ව කොටු කර තැබීමට ඔවුන් විරුද්ධ වෙති. ඒ එම ග‍්‍රාමයේ ඔවුන්ගේ ජීවනෝපාය (ගොවි/ධීවර) කර්මාන්තයට කිසිඳු ඉඩක් නොමැති හෙයිනි. මෙම විරෝධතාව තම ඉල්ලීම් ඉටුවන තෙක් තම මුල් පදිංචි වාසස්ථාන වෙත යන්නට ලැබෙන තෙක් අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇත.

උතුරෙහි පුලක්කුඩිඉරුප්පුහි අවතැන් වී ඇති ගොවි හා ධීවර පවුල් වලින් දියත් කර ඇති මෙම විිරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් දකුණේ සහෝදර ජනතාව විසින් සහයෝගිතා උද්ඝෝශණයක් අද (පෙබරවාරි 08 දින) සවස 4 සිට මීගමුව බස් නැවතුමි පොළ අසළ සංවිධානය කරන ලදී. මින් අනතුරුව පෙබරවාරි 9 දින මුලතිවිහි ක‍්‍රියාත්මක වන විිරෝධතා ව්‍යාපාරයට දකුණේ කණ්ඩායමි වලට සහභාගී වීමට කටයුතු කර ඇත. මෙි සඳහා සහභාගී වී සහය දීමට කැමති මාධ්‍ය වාරතාකරුවන්ට සිවිල් සමාජ ක‍්‍රියාධරයන්ට ඇතුලු ඔබ සැමට  සමිබන්ධ වන ලෙස  ‘ඉඩම් අයිතින් සඳහා වු ජනතා සන්ධානය‘ ආරාධනා කරයි.

 

Archive

Latest news

Related news