Saturday, November 23, 2024

ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල කෙටුම්පත: දූෂණ වංචා විමර්ශනය කිරීමට හා දඬුවම් ලබා දීම සඳහා වන විශේෂ කොමිෂන් සභාව

ජායාරූපය: මහා වංචාකාරයකු ලෙස හැදින්වූ බැසිල් රාජපක්ෂ මේ දිනවල ඇමෙරිකාවෙහි සිය පවුල සමඟ විනෝදයෙන් ගත කරයි.

දූෂණ වංචා විමර්ශනය කිරීමට හා දඬුවම් ලබා දීම යෝජිත විශේෂ කොමිෂන් සභාව පිළිබඳ පනතට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සංසෝධන ඇතුළත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම පනත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඇමැති සරත් අමුණූගම පසුගිය දා ප්‍රකාශ කර තිබුණි. පහත පළ වන්නේ එවැනි පනතක අවශ්‍යතාවය පැහැදිළි කරමින් ඇමැතිවරුන් ගණනාවක් විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පනතය. මෙම ලිපිය ඉරුදින පුවත්පතට රංජිත් ගුණවර්ධන විසින් ලියන ලද ලිපියක එක් කොටසක් බව සළකන්න.

රංජිත් ගුණවර්ධන විසිනි.

දූෂණ වංචා විමර්ශනය කිරීමට හා දඬුවම් ලබා දීම සඳහා වන විශේෂ කොමිෂන් සභාව පිහිටු වීම පිළිබඳ  ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල කෙටුම්පතේ අඩංගු කරුණු මෙසේය:

1. දුෂණ චෝදනා විමසුමට ලක් කිරීමත්, වරදකරුවන්ට සම්බාධක පැනවීමත්, කඩිනමින් සහ නිවිදභාවයකින් යුතුව, නීතියේ ප‍්‍රතිපත්තිවලට යටත්ව සිදුවිය යුතු යැයි ජනතාව අතරින්ම හඬක් නැගෙමින් පවතින වාතාවරණයක් හඳුනාගත හැකිය. දූෂණවල යෙදුනේ යැයි වරදකරුවන් වන පුද්ගලයින්ට අපරාධ නීතිය යටතේ හෝ වෙළඳ හෝ සිවිල් නීතිය යටතේ හෝ දඬුවම් පැමිණවිය හැකිය.

2. මෙවන් තත්ත්වයක මෙම කරුණු දෙකම සාක්ෂාත් කෙරෙන විනිශ්චය සභාවක් පිහිටුවීම ඉතාමත් වැදගත්ය. වත්මන් නීති ව්‍යුහයේ මෙවැන්නක් නොමැති අතර අපරාධ නීතිය කඩ කරන අවස්ථා විභාග කරන්නේ සාමාන්‍ය අධිකරණවලය. යුක්තිය පසිඳලීමට සැලකිය යුතු කාලයක් ගතවන්නේ ඒ නිසාය. මෙම ප‍්‍රමාදය සිවිල් හා පරිපාලන නීතිවලටද පොදුය.

3. අවධානය යොමු කිරීම සඳහා පහත සඳහන් කරුණු ඉස්මතු වනු ඇත.

4. 1972 අංක 14 අපරාධ විනිශ්චය කොමිෂන් පනත යටතේ පිහිටවනු ලැබූ කොමිෂන් වලට මුල්‍යමය හෝ විදේශ විනිමය වැනි ජාතික අර්ථිකය හෝ එය අනතුරේ හෙළන සිදුවීම් පිළිබඳව කටයුතු කිරීමේ හැකියාව තිබුණි.

5. එසේ වුවද ඉහත සඳහන් සිදුවීම් පිළිබඳව කටයුතු කිරීම සඳහා අදාළ කෙමිසම් වලට විමසුමට ලක් කිරීමේ සිට වරදකරුවන්ට සම්බාධක පැනවීම දක්වා පුළුල් පරාසයක විහිදෙන බලයක් අදාළ කොමිසම් වල 2-5-15 යන කොටස්වල තිබුණි.

6. අපරාධ විනිශ්චය කොමිසන් පනතේ (2(2) බී සහ සී යන කොටස් වලින් පිහිටුවනු ලබන කොමිසන් වලට කිසියම් පුද්ගලයෙකු ඉහත සඳහන් සිදුවීම් වලට වරදකරුවකු දැයි තීරණය කිරීමට හා එවන් පුද්ගලයෙකු වරදකරුවකු හෝ නිවැරදිකරුවකු හෝ තීරණය වීම මත පතතෙහි සඳහන් පරිදි කටයුතු කිරීමට බලය ලබාදී තිබුණි.

7. පතතෙහි 15වන කොටසෙහි දක්වා ඇති පරිදි කිසියම් පුද්ගලයෙකු වරදකරවකු වන බව තහවුරු කෙරෙන යම් සොයා ගැනීමක් සිදු කිරීමට අපරාධ විනිශ්චය කොමිසම සමත් වුවහොත් එම පුද්ගලයාට මරණ දඬුවම හැරෙන්නට අන් ඕනෑම දඬුවමක් ලබාදීමේ බලය කොමිසම සතු විය. අදාළ පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයද යටත්ව සිටින්නෙත් නම් වරද අනුව ඔහුට මරණ දඬුවම පැමිණවීමටද ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බාධාවක් නැත.

8. විමර්ශන ආරම්භ කෙරෙන තෙක් අත්අඩංගුවේ සිටීම වැදගත් වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය එම කොමිසම සතුවිය.

9. පාර්ලිමේන්තු අනුමැතිය ලැබ දීර්ඝ කිරීමට ලක් කරන තෙක් අපරාධ විනිශ්චය කොමිසම් පනත අවුරුදු පහකට පමණක් සීමා විය. එහෙත් මෙම පනත 1977 අපරාධ විනිශ්චය කොමිසම අවලංගු කිරීමේ පනතින් (1977 අංක 12) බල රහිත කෙරුණි.

10. අනතුරුව 1978 අංක 4 දරන පනතින් සංශේධන කෙරුණු 1978 අංක 7 දරන විශේෂ විමර්ශන කොමිසම් නීතිය බලාත්මක කෙරුණි.

11. සමස්තයක් වශයෙන් ගත් කළ අපරාධ විනිශ්චය කොමිසම හා සැසඳීමේදී විශේෂ ජනපති විමර්ශන කොමිසමට හිමි වූයේ අතිශයින් සීමිත බලතලය. පුද්ගලයෙක් වරදකරුවකු බව සනාථ කෙරෙන කිසියම් සොයා ගැනීමකින් පසු එම පුද්ගලයාට එරෙහි සම්බාධක පැනවීම අපරාධ විනිශ්චය කොමිසමට හිමිවූ බලය විශේෂ ජනපති විමර්ශන කොමිසට හිමි නොවීය.

12. ජනපති විමර්ශන කොමිසම්වලට බලය ඇත්තේ එවැනි පරිපාලන ගැටලූ හා සිදුවීම් පිළිබඳව ඇති තොරතුරු විමසුමට ලක් කිරීමට සහ වාර්තා කිරීමට පමණකි.

13. සම්බාධක පැනවීමට විශේෂ ජනපති විමර්ශන කොමිෂන් වලට බලය නොමැත.

14. මෙවැනි කොමිසන්වලට බලය ඇත්තේ තවදුරටත් සේවයේ යෙදිය නොහැකි යැයි පාර්ලිමේන්තුව ලබාදෙන අනුමැතීන් සහතික කිරීම පමණකි.

15. එවැනි අවස්ථාවකට උදාහරණයක් ලෙස හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තව දුරටත් සේවය කළ නොහැකි යැයි පදනමේ සිට පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීම දැක්විය හැකිය.

16. කිසියම් පුද්ගලයෙකු මත දඬුවම් පැනවීමේ බලයක් මෙම විශේෂ ජනපති විමර්ශන කොමිසමට නැත. එවැනි දඬුවමක් පැනවිය හැක්කේ වෙනම අධිකරණයක් සිදු කරන විභාග යකින් අනතුරුවය. විශේෂ ජනපති විමර්ශන කොමිෂන් වල අකාර්යක්‍ෂමතාවයට ප‍්‍රධාන හේතුව එලෙස පියවර දෙකක් අනුගමනය කිරීමට සිදුවීමය.

17. අපරාධ විනිශ්චය කොමිසන් පනතෙහි සඳහන් මොඩලයට අවශ්‍ය වෙනස්කම් සිදු කොට එය නෛතික වශයෙන් ස්ථාපිත විනිශ්චය මණ්ඩලයක කි‍්‍රයාකාරිත්වය බලාපොරොත්තුවෙන් සිටින ජනතාවගේ අපේක්‍ෂා ඉටු වනු ඇත. මෙය සමග විශේෂ ජනපති විමර්ශන කොමිසම් තිබීම තවදුරටත් අවශ්‍ය වන්නේ නැත.

18. මෙයට හේතුව වන්නේ මෙවන් විනිශ්චය මණ්ඩලකයට සම්බාධක පැනවීමේ සිය පුළුල් පරාසයක විහිදෙන බලතල ලබාදිය හැකි බැවිනි. සිදුවීමක් පිළිබඳව සොයා බැලිමකට තීරණය කිරීමකට සහ වාර්තා කිරීමට සීමා වන ජනපති විමර්ශන කොමිසමකට එම කටයුතු සඳහා වැයවන අනවශ්‍ය කාලය සහ මුදල් මේ ඔස්සේ ඉතිරිකර ගත හැකිය. දඬුවම් හා සම්බාධක පැනවීම ජනපති විමර්ශන කොමිසමකට නොහැකිය. එම කටයුතු සිදුවන්නේ අධිකරණයක් හරහා නීතිය කි‍්‍රයාත්මක කිරීමෙනි. මේ නිසා යුක්තිය ඉටුවීමට කල් ගතවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැත.

19. මෙම මොඩල වඩාත් කාර්යක්‍ෂම කිරීමට යෝජිත විනිශ්චය මණ්ඩලවල බලතල සහ කි‍්‍රයාකාරිත්වය වඩාත් පුළුල් කළ යුතු අතර සිවිල් සහ වෙළඳ නීති කඩ කිරීම්ද විනිශ්චය මණ්ඩල හමුවේ විභාග කිරීමට හැකිවිය යුතුය. මුල්‍යමය වශයෙන් සිදුවන හානි, නෛතික කටයුතු සඳහා වැයවන වියදම්, නැවත ආයතන ගත කිරීම් සහ සහන ගාස්තු ගෙවීම් ආදි ලෙස අගතියකට පත් වූවන් වෙනුවෙන් මෙම විනිශ්චය මණ්ඩලය හරහා සහන සැලසීමද සිදුවිය යුතුය.

Archive

Latest news

Related news