ත්‍රී රෝද රථ සඳහා නීති පැනවේ

746

මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන කුලී ත්‍රී රෝද රථ අයිතිකරුවන් හා රියදුරන් විසින්  පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය මගින් පනවනු ලැබ ඇත.

ඒ මෙසේය.

1) සෑම ත්‍රී රෝද රථයකම ගමන් ගාස්තුව සටහන් කෙරෙන මීටරයක් හා වේගමානයක් සවිකර තිබිය යුතුය.
2) මගීන්ගෙන් මුදල් අයකර ගැනීමේදී රිසිට් පත්‍රයක් නිකුත් කළ යුතුය
3) රිසිට් පතේ ගමන් කළ දුර, ත්‍රිරෝද රියේ ලියාපදිංචි අංකය, අයකළ ගාස්තුව හා දිනය සඳහන් කළ යුතුය.

මෙකී  නීති අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය ප්‍රකාශ කරයි.