Monday, May 13, 2024

වීරවංශ හෙංචයියන්ට වාහන දී රට කෑ හැටි!

පින්තූරය: වීරවංශ බන්ධකාගාරයට ගෙන යෑමට ඉඩ නොදී වාහනය ඉදිරිපිට බිම නිදා ගත් හෙංචයියෙක්.

වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය:

1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය
2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන
3. විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන
4. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ වාහනය
5. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ වාහනය

මෙලෙස වාහන පාවිච්චි කර ඇති රිද්ම විමුක්ති වීරවංශ ඕෂන් වීව් ආයතනයේ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙසද, ලලිත් පුෂ්ප කුමාර විමල්ගේ අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර වරයෙකු ලෙසද, වී.ඩබ්. ආනන්ද අශෝක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ආරක්ෂක ලෙසද, පී.පී. ආනන්ද ප්‍රියදර්ශන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කළමණාකාර සහකාරවරයෙකු ලෙසද ගබඩා පාලක වරයෙකු ලෙසද කටයුතු කර තිබේ. ඉහත 4 දෙනා වාහන පාවිච්චි කර ඇත්තේ එම නිලයන්ට වාහන පාවිච්චි කිරීමට නීත්‍යාණුකූල අයිතියක් නොමැතිව තිබියදීය. මෙහි ඇති අපූරු සිද්ධිය නම් මෙහි සඳහන් විමල් ගේ බාල සොයුරිය වූ නිලානි වීරවංශ කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු තනතුරක් දරා නොමැති අතර ඇය නිවසේ බත් තම්බමින් සිටි කාන්තාවක් වුවද ඇයටත් රජයේ වාහනයක් ලබා දී තිබීමය.

වීරවංශ තම පක්ෂයේ හෙංචයියන්ට ලබා දී තිබූ වාහන මෙසේය:

1. ලාල් කුලරත්නට – HK-8877, KT-2884
2. පියසිරි විජේනායකට – JN-5767, KK-3081, 64-3225, HA-2189, KA-4685,
3. කේ.ඩී.යූ ජයසේනට – KO-5871
4. ඩී.වී.ඒ. ජයවර්ධනට – KM-0882
5. එල්.සී කුමාරට – 54-5678
6. විරාජ් සංජීවට – KT-6089
7. නුවන් ඉන්දික –  KA-8125, 32-9390
8. පී.එස්.විජේසිරි හෙවත් දම්පාල – HR-7619, HN-4098
9. චානක ට – GI-0001
10. නිශ්ශංක ට – GF-0887

වීරවංශගේ කාර්ය මණ්ඩලයට කියා පිටතින් බඳවා ගත් නමුත් ඔවුන්ගේ තනතුරු අනුව වාහනයක් පාවිච්චි කිරීමට අයිතියක් නැතිවද ලබා දී තිබූ අය සහ වාහන මෙසේය. ඒ අය අතර සිංහල රාවයේ නායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නමැති චීවරධාරියාද, ලංකාදීප පුවත්පතේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් නමැති ලියන්නාද වෙති. 

1. ඒ.එන්.එස්. මෙන්ඩිස් – මහජන සම්බන්ධතා සහ වෘත්තීය සමිති ලේකම් – KQ-0976, KA-9447, KP-3768, KD-0158, KQ-9762
2. යූ.ඩී.සංජීව පෙරේරා -මාධ්‍ය ලේකම්/උපදේශක – JO-5953, JE-6557,
3. සිසිර හේරත් – ප්‍රධාන ආරක්ෂකයා (අයිපී) – PC-6171, 252-4908, PC-8430, PF-1277, EA-0260, PE-3626, KD-1494, EA-0004, PF-3770
4. බී.එම්.ජේ.ටී. මෙන්ඩිස් – කළමණාකාර සහකාර – 65-5231, KI-3053, HR-0800, KG-2376
5. ජේ.එච්.ආර්.නයනානන්ද – සම්බන්ධීකරණ ලේකම් – KB-4427, JC-2440, KB-8657, JO-5953, CAB-9727
6. අලගිය හේවගේ සුරේෂ් ඉන්දික – සංවර්ධන සහකාර – 301-2751, HC-2349, JW-3549, KU-9867, 300-2590
7. බී.ජී.ඉන්දික ප්‍රසාද් – ගිණුම් සහකාර – PC-2896, PC-9097
8. ඉෂිකා නදී පෙරේරා – කාර්යාල නිලධාරිනී -JR-5354, 300-5690
9. වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක – උපදේශක -HC-2048, HI-2658
10. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි (සිහල රාවය) – අධීක්ෂණ මණ්ඩල සාමාජික – GJ-7117, KO-6514, JS-9725, HN-2194, PD-2563, CAC-3327
11. ප්‍රසන්න සංජිව තෙන්නකෝන් (ලංකාදීප මාධ්‍යකරුවා) – අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක – KK-8941
12. දුෂ්මන්ත අබේසිංහ – පාර්ලිමේන්තු ලේකම් – KE-0231, KR-7730, KA-8125, KS-7735
13. සම්පත් තිලකරත්න – ලිපිකරු/වැඩබිම් සම්බන්ධීකරණ ලේකම් – JR-5774, KT-9085, KI-1610, KS-0097, KQ-7961
14. ප්‍රසාද් මංජු – අමාත්‍ය මාධ්‍ය ලේකම් – 250-4713, JY-0359
15. රංජිත් එදිරිසිංහ – කළමණාකාර පුහුණු/සම්බන්ධීකරණ ලේකම් – JZ-2669
16. කේ.එල්.එම්. සමරතුංග – පිරිස් කළමණාකරු -HM-6920
17. රංජිත් ගාමිණී වික්‍රමසිංහ – සම්බන්ධීකරණ ලේකම් – KA-6932, GJ-4501, JN-9942

– ලංකාඊනිව්ස්

Archive

Latest news

Related news