Tuesday, July 16, 2024

මෙම වසර තුළ ජනමාධ්‍ය නියාමන කෙමිෂන් ඇති කරනවා – මාධ්‍ය ඇමති

මෙම වසර තුල ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ ප‍්‍රතිසංස්කරණ, නියාමන කොමිෂන් පවා ඇති කරන බව පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි

සිය අමාත්‍යාංශයේ සියලුම රාජ්‍ය සේවකයන් නව වසරේ රාජ්‍ය සේවා ප්‍ර‍තිඥාව කියවා රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා ඊයේ (02) මේ බව සඳහන් කළේය.

ජනවාරි 31 දක්වා මහජන අදහස් ලබාගෙන විශාල පරිවර්තනයක් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතිකිරීමට භාරගෙන තිබෙන බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන වල ප‍්‍රගතිය සමගින් ඉදිරි පිම්මක් පනින වසරක් බවට මෙම වසර පත් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

– නිව්ස්ඩොට්එල්කේ ඇසුරිනි‍‍‍‍

Archive

Latest news

Related news