Tuesday, July 16, 2024

එජාපය – ශ්‍රීලනිප පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ ලැජ්ජා සහගත කුමන්ත්‍රණයක

මැතිවරණ දිනාගැනීමට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් විය යුතුයි. – කැ‍ෆේ

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සීමා නිර්ණය කමිටු නියෝජිතයින් හරහා පලාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමේ ලැජ්ජා සහගත උත්සාහයකට ප්‍රවීශ්ඨ වී ඇතැයි ෆයිසර් මුස්තාපා අමත්‍යවරයා ඒ සදහා අවමන් සහගත වැඩපිළිවෙලක නිරත වෙමින් ඇතැයි ද කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද සවස 2.30 ට සීමා නිර්ණය කමිටුව සිය වාර්තාව පළාත් පාලන හා පලාත් සභා අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතව තිබුණි. එසේ නමුත්, එම වාර්තාව බාර ගැනීම ෆයිසර් මුස්තාපා අමත්‍යවරයා විසින් මෙයට සුළු වේළාවකට පෙර ප්‍රතිකේෂප කරනු ලැබීය. එයට හේතු වශයෙන් ප්‍රකාශ වී ඇත්තේ සීමා නිර්ණය කමිටුවේ එජාපය හා ශ්‍රීලනිප නියෝජනය කරන සමාජිකයින් දෙදෙනා කමිටු වාර්තාවට අත්සන් කර නොතිබීම යි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ගේ සෘජු මැදිහත්වීම නොවේ නම් ඔවුන් නායකත්වය ලබා දෙන දේශපාලන පක්ෂ මෙලෙස සීමා නිර්ණ කමිටු වාර්තාවට අත්සන් තැබීම අතපසු කරන්නේ නැත. මෙය ඉතා ලැජ්ජා සහගත ක්‍රමන්ත්‍රණයක් බවට පත්වන්නේ එබැවිනි.

2016 දෙසැම්බර් 27 දින පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය එජාපය හා ශ්‍රීලනිපය විසින් ජනතා පරමාධිපත්‍ය සමග සිදු කරන මෙම ලැජ්ජා සහගත කුමන්ත්‍රණය අනාවරණය කරනු ලැබීය. 2016 අගෝස්තු සිට මේ දක්වා අවස්ථා පහක දී සිමා නිර්ණය කමිටුවේ කටයුතු අවසන් කිරීම දේශපාලන අවශ්‍යතාවන් මත මේ වන විට අතපසු කොට ඇත.

සීමා නිර්ණය කමිටුව විසින් සිය අවසන් වාර්තාව ප්‍රශස්ත මට්ටමින් සකස් කොට අවසන් කරනු ලැබූවේ පරිපාලන බාධා රැසක් සමගිනි. වාර්තාව භාෂා පරිවර්ථනය සදහා අවශ්‍ය සහාය පවා ලබා දීමට පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය අතපසු කරනු ලැබුවේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ බලපෑම මතය. මේ වන විට එජාපය හා ශ්‍රීලනිප ට අවශ්‍යව ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමටය. පළාත් පාලන විෂය භාර අමත්‍යවරයා සහ සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු හරහා මේ ලැජ්ජා සහගත සැලසුම මේ වන විට ක්‍රියාත්මක වී ඇත. එහි කූට ප්‍රාප්තිය අද දිනයේ අමාත්‍යවරයා සීමා නිර්ණ කමිටු වාර්තාව බාර ගැනීම ප්‍රතිකේෂ කිරීමයි.

මැතිවරණ කල් දැමීමේ රජයේ ප්‍රතිපත්තිය නිසා මේ වන විට පලාත් පාලන අර්බුද රැසකට යොමුව ඇත. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අනු දැනුම සහිතව පලාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සිදු කරනු ලබන ලැජ්ජා සහගත උත්සාහය පරාජය කිරීමට මෙරට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන පෙරමුණ ගත යුතු යැයි කැෆේ සංවිධානයේ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

Archive

Latest news

Related news