Wednesday, July 17, 2024

අධ්‍යාපන ඇමතිට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය FCIDයට

ජායාරූපය: ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිස.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාටත් අමාත්‍යාංශ ලේකම්වරයාටත් එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් අද (27) දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ගොස් තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසර සඳහා පෙළ පොත් මුද්‍රණයේදී 7 ශ්‍රේණිය භූගෝලය පොත මිල අධික කෘතීම කඩදාසිවල මුද්‍රණය කර ඇතැයිද එයින් අධ්‍යාපන අමාත්‍යංශයට මූල්‍යමය පාඩුවක් සිදු කර ඇතැයිද ඔවුන් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

සාමාන්‍ය කඩදාසියේ පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා මිලියන 22.6කට එම ටෙන්ඩරය ප්‍රධානය කිරීමට සියළු තීන්දු තීරන ගෙන අවසන් ව තිබියදී හදිසියේම එම ටෙන්ඩරය අවලංගු කර කෘතීම කඩදාසිවල මෙම පෙළ පොත මුද්‍රණය කිරීම සඳහා නැවත ටෙන්ඩර් කැඳවා එම ටෙන්ඩරය රුපියල් මිලියන 154.7කට ප්‍රධාන කර ඇතැයිද ඉන් අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවද මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

කෘතිම කඩදාසියේ පොත මුද්‍රණය සඳහා තාක්ෂණික කමිටුවේද අවසරය ලබා දී නැති තත්වයක් තුළ මෙම පොත මුද්‍රණය සඳහා ටෙන්ඩරය ලබා දී ඇතැයිද එය නීතිවිරෝධී කටයුත්තක් බවද ඒ මහතා සඳහන් කරයි.

මෙම පොත මුද්‍රණය සඳහා යොදාගෙන ඇති සින්තටික් කඩදාසිය පරිසරයට අහිතකර එකක් බවත් එය වැඩි කාලයක් දීරඝකාලීනව භාවිතා කිරීමේදී දරුවන් අක්ෂි අභාදවලට ලක් වීමේ අනතුරක් තිබෙන බව වෛද්‍යවරුන් පවා සනාත කරන බවත් මහින්ද ජසයිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news