Wednesday, July 17, 2024

වංචා, දූෂණ පිළිබඳ කමිටු ලේකම් කාර්යාලය මාස 6කට දීර්ඝ කරයි

බරපතල මූල්‍ය අපරාධ හා වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමේ කමිටු ලේකම් කර්යාලය හෙවත් දූෂණ මර්ධන කමිටු ලේකම්කාර්යාලයේ නිල කාලය තවත් මාය 6කින් දීර්ඝ කර ඇතැයි වාර්තා වේ.

මෙම ආයතනය පසුගිය 2015 පෙබරවාරි මාසයේ පිහිටවූ අතර එය වසරක කාලයක් සඳහා පළමුවෙන් පිහිටවනු ලැබීය. ඒ අනුව එහි කාලය 2016 පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර පසුව එය 2016 ජුනි 30 දක්වාද පසුව 2016.12.31 දක්වාද වරින් වර දීර්ඝ කරන ලදී. ඒ අනුව එහි කාලය මේ මස 31වනදායින් අවසන් වීමට නියමිතව තිබිණි.

කෙසේ නමුත් මේ වනවිට දූෂණ මර්ධන කමිටු ලේකම්කාර්යාලයේ නිල කාලය 2017 ජුපි 30 දක්වා තවත් මාස 6කට කාලය දීරඝ කර ඇත.

මෙම ආයතනය වෙත 400කට අධික පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති අතර එම පැමිණිලිවල ස්වභාවය අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වෙත යොමු කර ඇතැයි වාර්තා වේ

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news