Friday, July 19, 2024

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිගෙන් දේශය පුවත්පතට කැණුහරුප!

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ටී.ජී. ජයසිංහ මහතා දේශය පුවත්පතේ මාධ්‍යවේදියකුට කුණුහරුපෙන් බැණවැදී ඇතැයි වාර්තා වේ.

වසර 2016 අප්‍රේල් 20 වැනිදා ගෙන ඇති කැබිනට් තීන්දුවකට අනුව රාජ්‍ය ව්‍යවසාය ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කළයුතු බවට වන නිර්දේශය සම්බන්ධයෙන් විමසීමට යාමේදී ඔහු මෙසේ බැනවැදී තිබේ.

“මේ මගෙන් කුණුහරුප අහන්නෙ නැතුව ඕක තියනවා. තමුසෙට හැදිච්ච රුදාව මොකද්ද ඕව දාන්න. මිනිස්සුන්ට වැදගත් දෙයක්ද ඕක. නිකන්මේ පයිතියන් නැතුව ඉන්නවා.” යනුවෙන් පවසමින් ඔහු බැනවැදීම ආරම්භ කර ඇත.

සම්පූර්ණ කතා බව පහත දැක්වේ.

– ශ්‍රී ලංකා මිරර්

sshot

 

Archive

Latest news

Related news