Wednesday, July 17, 2024

පොලිස්පතිට නියෝග දුන් ඇමැති සාගල ඉල්ලා අස්විය යුතුයි – ශිරාල් ලක්තිලක; අගමැති පිළිතුරු බදී.

පොලිස්පතිට දුරකථන ඇමැතුමක් දුන් ඇමැති සාගල රත්නායක ඉල්ලා අස්විය යුතු යැයි  ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාක් දෙමින් ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක පවසා තිබේ.

ඔහු මෙසේ ද සඳහන් කරයි;

ඇමැතිවරයෙක් පොලිස්පතිට දුරකථනයෙන් නියෝග  දෙන මේ තත්වය හරිම භයානකයි. කණගාටුදායකයි.

රාජපක්ෂලාගේ ඥතියෙක් අත් අඩංඟුවට ගන්න එපයි කියල පොලිස්පතිතුමාට නියෝග දෙන්නේ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක බව පැහැදිලියි.

මේ ආණ්ඩුව වැටිල රාජපක්ෂලා යළි බලයට ආවොත් අනතුරේ වැටෙන්නේ ජනාධිපති සිරිසේන සහ මේ ආණ්ඩුව ගෙන ඒමට උර දුන් සිවිල් ක්‍රියාකාරකයින්.

මේ දුරකථන පණිවිඩයෙන් පේනවා රාජපක්ෂලා සමඟ ඩීල් දාගෙන ඉන්නේ කව්ද කියලා.

මේ ඩීල්කරුවන් දේශපාලනයෙන්ම පරාජය කල යුතුයි. ඇමැති සාගල රත්නායක ඉල්ලා අස්විය යුතුයි. ඔය කියන පුද්ගලයා අත් අඩංඟවට ගත්තේ නැත්නම් පොලිස්පතිද ඒ පාරෙන්ම ගෙදර යා යුතුයි

විඩියෝව බලන්න.

 

https://www.youtube.com/watch?v=7EyUxvM2W_M

මෙම සිදුවීමෙහිදී  පොලිස්පතිවරයාට ඇමතුමක් දුන් ‘සර්‘ කව්දැයි මේනම  එම දුරකථන ඇමතුමේ සඳහන් ‘නිලමේ‘ කව්දැයි අද (03) අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කෙළේය. ඔහු මේ බව හෙලි කෙළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසය. චුදිත දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ අත් අඩංගුවට ගැනීමක් නොව ඔහුට තිබුනේ අධිකරණයට යෑම බවත් ඒ ගැන සාගල රත්නායක ඇමැතිවරයා විමසූ බවත් පොලිස්පතිවරයා තත්ත්වය පැහැදිලි කළ බවත් අගමැති කීය. මේ සම්බන්ධ පරීක්ෂණ නතර කර නොමැති බවත් අවශ්‍ය අවස්ථාවකදී අත් අඩංගුවට ගැනීම සහ නඩු දැමීම සිදුවන බවත් ඒ ගැන කිසිවෙකු බලපෑම් නොකරන බවත් අගමැති අවධාරණය කෙළේය. අනුර දිසානායක මහතා අගමැතිවරයාගේ පිළිතුර පිළිගත්තේ නැත.

අගමැති වික්‍රමසිංහ මෙම ප්‍රශ්ණය සම්බන්ධයෙන් දෙන ලද පිළිතුර පහත වීඩියෝවෙහි දැක්වේ:

Archive

Latest news

Related news