Sunday, April 28, 2024

මහින්ද රාජපක්ෂට ජනමාධ්‍ය නිදහස මතක් වෙයි

රාජපක්ෂ සමයෙහි වූ ජනමාධ්‍යවේදී ඝාතනයකට එරෙහිව වීදි බට ජනමාධ්‍ය ක්‍රියාධරයින් ප්‍රමුඛ සිවිල් ජනයා.

(ශ්‍රී ලංකා බ්‍රීප් සටහනකි.)

වත්මන් රජය යටතේ ජනමාධ්‍ය නිදහස මර්දනය ලක්ව ඇතැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුවත්පත් නිවේදනයක්  නිකුත් කර තිබේ.

මෙම පුවත්පත් නිවේදනයෙන් කියැවෙන්නේ ආණ්ඩුව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනි ප්‍රවෘත්ති වාර්තා කිරිමෙහිදී කර ඇතැයි කියන විකෘති කිරීම් හෝ මඟ හැරිම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ලේකම්වරයා යවා ඇති ලිපි මගින් මාධ්‍ය නිදහස මර්දනයවන බවය.

මෙම ආණ්ඩුව යටතේ ජනමාධ්‍ය නිදහස සරව සම්පූර්ණ වි නැතත් රාජපක්ෂ යුගය හා සසඳන විට එය අහසට පොළව මෙන් සාධනී්‍ය වෙනසකි. තම පාලන යුගයෙහි වෙබ් අඩවි තහනම කර, මාධ්‍ය ආයතන ගිනි තබා, ජනමාධ්‍යවේදීන් අතරුදහන්කර මාරා දැමූ බව දැන් ඒ රාජපක්ෂට අමතක වී ඇත්ද?

ආණඩුවේ ජනමාධ්‍ය ලේකම්වරයා කකුළ කටේ දමා ගැනිමට පුරුද්දක් වශයෙන් කරන බැවින් ඔහු ආරක්ෂා කිරීමට අපට අවශ්‍ය නැත. අනෙක රාජපක්ෂ විසින් සිය ප්‍රකාශයෙහි දක්වා ඇති ලිපි දෙරණ රූපවාහිනිය විසින් ප්‍රසිද්ධකරද නැත.

රාජපක්ෂගේ අනෙක් දුක්ගැනවිල්ල වන්නේ සිය පුත්‍රයකුගේ රූපවාහිනී ආයතනයවූ සීඑස්එන් හි බලපත්‍රය ආණ්ඩුව විසින් තහනම කරනු ලැබීමයි. එම කාරණය දැන් අධිකරණය හමුවෙහි ඇති බැවින් අපි කිසිවක් නොකියමු.

එසේ නමුත් රාජපක්ෂ විසින් සීඑස්එන් රූපවාහිනිය ගැන පිළිතුරු දිය යුතු වෙනත් ප්‍රශ්ණ ගණනාවක් තිබේ. ඉන් ප්‍රධානතම එකක් වන්නේ ඩී.ඒ. රාජපක්ෂ පදනමටයැයි ආණ්ඩුවෙන් ලබා ගත් ඉඩමක්  සිඑස්එන් නාලිකාවේ කාර්යාලය ගොඩනැගීමට ලබා දීමයි. එමෙන්ම රජයට අයත් විකාශන බස් රථයක් ද එම ආයතනයට ලබා දීමයි. තවත් එවැනි  දූෂණ ගණනාවකි.

සීඑස්එන් ආයතනයට එල්ල වී ඇති කප්පරක් දූෂන චෝදනා ගැන කතා නොකොට එහි මාධ්‍ය නිදහස ගැන කතා කිරීම කුහක කමකි.

රාජපක්ෂට මෙම ලැජ්ජා නැති ප්‍රකාශ කිරිමට ඉඩ ලැබි ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතෙහි  ජනමාධ්‍යට එල්ලවන තර්ජන ගැන මාධ්‍ය සංවිධාන කටපියා ගෙන සිටීමත් රාජපක්ෂ යුගයේ මාධ්‍යට එල්ල වූ ප්‍රහාරයන් ගැන මෙම ආණ්ඩුව දක්වන නොසැළකිලිලත් නිසාය.

රාජපක්ෂට මෙන්ම වත්මන් ආණ්ඩුවටද අමතක වී ඇති 2008 වර්ශය දක්වා වූ ජනමාධ්‍ය මර්ධනය මෙම පොස්ටරයෙන් දැක්වේ.

fmm-poser

 

 

 

Archive

Latest news

Related news