Friday, April 19, 2024

නැගෙනහිර මුස්ලිම් පෙදෙසක බුදුපිළිමයක් බලෙන් පිහිටුවීම: මේකද සහජිවනය? මහ ඇමැති අසයි

ජායාරූපය: බලහත්කාරයෙන් තබන ලද  බුදු පිළිමය.

හෆීස් නසීර් සුළු ජාතීන්ව තර්ජනය කිරීමේ වැඩපිළිවල යහපාලන ආණ්ඩුව යටතෙත් ක්‍රියාත්මක වනවාදැයි සැකයක් මතුවී ඇති බව නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසීර් අහ්මද් මහතා පවසූ බව කොළඹ සිට ක්‍රියාත්මක වන ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම ප්‍රකාශයට හේතු වී ඇත්තේ මුස්ලිම් ජනයා ජ‍ිවත්වන ඉරක්කාමම්, මානික්කමඩු ප්‍රදේශයේ බලහත්කාරයෙන්  බුදු පිළිමයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙලෙස දෙමළ, මුස්ලිම් ජනතාව පාරම්පරිකව ජීවත්වන ප්‍රදේශවල බුදු පිළිම තබා ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් ඇති කිරීමේ කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හෙලාදැකිය යුතු බව මහ ඇමැති නසිර් අහමද් පවසයි.

ඇමැති රවුප් හකිම් පොලිස්පතිවරයාට පැමිණිලි කොට බුද පිළිමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවට පොරොන්දු විය
ඇමැති රවුප් හකිම් පොලිස්පතිවරයාට පැමිණිලි කොට බුද පිළිමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවට පොරොන්දු විය

මෙම බලහත්කාර ආගමික ක්‍රියාව සම්බන්දයෙන් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන යහපාලන ආණ්ඩුවේ සිංහල   දේශපාලන නියෝජිතයන් නිහඞව සිටීම  ජනතා නියෝජිතයන් වශයෙන් ඔවුන්ගේ අවංක භාවය කෙළෙසා ගැනීමක් බවද ඔහු කියා සිට තිබේ.

දෙමළ හා මුස්ලිම් ජනතාව සියළු දෙනා සමඟ සාමකාමීව ජීවත්වීමට අපේක්‍ෂා කරන බවත්, තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා එම සමගිය කඩාකප්පල් කිරීමට කිහිප දෙනෙකු කුමන්ත්‍රණකාරි කටයුතු සිදුකරන බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

බුදු පිළිමය පිහිටුවීමට යන සිංහල බෞද්ධ පිරිස්
බුදු පිළිමය පිහිටුවීමට යන සිංහල බෞද්ධ පිරිස්

(ග්ලෝබල් ටැමිල් නිව්ස් පුවත ද අසුරු කර ගන්නා ලදි/ පින්තූර garikaalan twitter වෙතිනි )

Archive

Latest news

Related news