Sunday, April 28, 2024

සිසු-ගුරු මුල්‍ය දායකත්වයෙන් ඉදිවූ අලිමංකඩ දුම්රිය පොළ

යාපනය මහනුවර ඒ 9 මාර්ගය ආසන්නයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ අලිමංකඩ දුම්රිය ස්ථානය සිකුරාදා (28) දින විවෘත කරන ලද අතර, මේ සඳහා මූල්‍ය දායකත්වය මුළු දිවයිනෙහිම පාසල් සිසුන් හා ගුරුවරුන් සමස්ථ ප්‍රජාව විසින් සපයන ලදී.

මෙම දුම්රිය නැවතුම් පොළ ,  ‘සෙනෙහසක තොටුපලක්’ නමින් නම් කර ඇති අකර සන්හිදියාවේ සළකුණක් වනු ඇතියි අපේක්ෂා කැරේ.

මෙම නැවැතුම් පොළ ඉදි කරන ලද්දේ යුද හමුදා ඉංජිනේරුවන් විසිනි.   සති කිහිපයක් තුළ එය නිම කරන ලදි.

මෙම දුම්රිය ස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා කොළඹ සිට යාපනය දක්වා දුම්රිය මගින් පාසල් සිසුන් 800 ක් පමණ සහභාගි වූ අතර, උතුරේ පාසල් සිසුන් ද මේ අවස්ථාව සඳහා එක් වූහ. එහිදී එම සිසුන් විසින් ඔවුන්ගේ අදහස් හුවමාරු කරගනිමින් සුහදත්වය වර්ධනය කර ගනු ලද බව යුද හමුදා වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම විවාත කිරීමේ උත්සවයට දෙමළ ජාතික සන්ධානයේ කිසිදු දේශපාලනඥයකු සහභාගි වී නැත.

alimankad-railway_13

– යුද හමුදා වෙබ් අඩවියේ තොරතුරු ඇසුරිණි.

Archive

Latest news

Related news