Tuesday, May 7, 2024

ත්‍රස්තවාදී පනත ට අලුත් මුහුණක් සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නීතිගත කිරීම – දයාපාල තිරාණගම

රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධ වාදීන් විනාශ කිරීම සදහා ඉතාමත් කුරිරුලෙස යොදා ගැනීම මගින් ලංකාව වාර්තාවක් පිහිටුවා ඇත.එහෙව් රටක එම ප්‍රචණ්ඩත්වය නීත්‍යනුකුල කොට තවත් මර්දනකාරී වගන්ති අලුතින් නීති පොතට ඇතුළත්කොට පවත්වා ගැනීම සදහා යහපාලන ආණ්ඩුව තීරණය කොට ඇත. නීති උපදෙස් නොමැතිව සැක කරුවෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති ප්‍රතිපාදනය ක් මෙයට ඇතුලත් කිරීමට ද තීරණය කොට ඇත.එම අයිතිවාසිකම ද ලැබෙනු ඇත්තේ ඔවුන් සැකකරුවා පරලොව යැවීමට තීරණය නොකළහොත් පමණි.දැනට ඇති අතුරුදහන් කල ලැයිස්තුවල නම් දහස් ගණනකින් යුක්තය

.සකකරුවාට නීති උපදෙස් ගැනීමේ අයිතිවාසිකම අහෝසි නොකළ යුත්තේ එමනිසාය.එය ඔවුන්ගේ ජීවිතය බේරීමට උපකාරී වනු ඇත.මෙය සම්මත කළහොත් අපේ දේශපාලන අශිස්ටත්වයේ සංකේතයක් ලෙස එය පවතිනු ඇත.

මෙහිදී මතුකලයුතු දෙවැනි කරණය වන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමට පවතින හොදම අවිය දේශපලනවශයෙන් මර්දනකාරී අනපනත් ගෙන ඒම නොවේ.ත්‍රස්තවාදය පැනනැගීමට හේතුවන සමාජමය සහ දේශපාලන සාධක ඉවත් කිරීමය.ජනවාර්ගික සමානතාවය මෙන්ම ඇති නැති පරතය නැතිකිරීම සදහා ආණ්ඩුව පියවරගන්නේනම් මෙවැනි මර්ධනකාරී පනත් අවශ්‍ය වන්නේ නැත. ලංකාවේ දකුනේ ඇතිවූ සිංහල කැරලි කරුවන්ගේ සන්නද්ධ නැගිටීම මෙන්ම උතුරේ ද්‍රවිඩ කොටින්ගේ සානධ නැගිටීම ට හේතු වුයේ මෙම සාධකයන්ය.

තෙවනිව ත්‍රස්තවාදය පැනනගින්නේ මෙවැනි අණ පනත්වලින් ඇතිකරන අධික වූ මර්ධනයට ප්‍රතික්‍රියාවක් වශයෙනි.ඒවායින් කරන්නේ දේශපාලන සහ මුලික ප්‍රජාතන්ත්‍ර වාදී අයිතීන් සීමා කිරීමයි.නැත්නම් අහෝසි කිරීමයි. මෙය රාජ්‍ය ත්‍රස්තවාදය ශක්තිමත්කිරීම මගින් රාජ්‍යයේ පැවැත්මට දීර්ඝ කාලීන තර්ජනයක් එල්ල කරයි.

මිනිස් නිදහස සහ මනුෂ්‍යත්වය රාජ්‍ය සමග ගනුදෙනු කිරීමේදී ඉතාම අවම සහ නිගරු තත්වයකට වැටි ඇති දේශපාලන සංස්කෘතියක් ඇති රටක මේ අනපනතවලින් සිදුවන්නේ රාජ්‍යය චිරස්ථිතිය සදහා පර කැපීමයි.
මේ අනපනත් රජයේ දෙශපාලන දුර්වල කම මිස ශක්තිය පිළිබිඹු කරන්නක් නොවේ.මේවා ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න පිලිබදව දේශපාලන උත්තර නැතිවීමේ ප්‍රතිපලයක් මිස ජනතාවට යහපාලනය ප්‍රදානය කිරීමක් නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනය නාමයෙන් ත්‍රස්තවාදය වැළකීමේ පනත නීති පොතින් ඉවත් කල යුතුය.හදිසි නීති රෙගුලාසි තිබියදී ඒවා අවශ්‍ය විට බල ගැන්වීමට පාර්ලිමේන්තුව තිබියදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ අවශ්‍ය තාවයක් නැත.

රහස් ඔත්තු බැලීමේ චෝදනාවක්ද මේ අපනතට අලුතින් එකතු කිරීමට තීරණය කොට ඇත.මෙය ජතාවට වැදගත්වන්නා වූ තොරතුරු ඔවුන් අතට පත්කිරීම එරෙහිව ලිවීමේ සහ අදහ ප්‍රකාශ කිරීමේ නිදහසට බල පානු ඇත.

 

Archive

Latest news

Related news