Tuesday, April 30, 2024

මෛත්‍රී, ගෝඨා ගැන දුකෙන් CIDයට, අල්ලස් කොමිසමට දෙහි කපයි

ස්වාධීන කොමිෂන් සභා ඇතුළු වංචා හා දූෂණ චෝදනා පිළිබඳ ව පරීක්ෂණ කරන ආයතනවලින් සිදු කරන පරීක්ෂණ පිළිබඳව තමාව හා අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහි ව ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පැවති ආරක්ෂක අංශවලට නිවාස හා ඉඩම් හිමිකම් පිරිනැමීමේ උත්සවයේදී ප්‍රකාහ සිදු කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විවිධ චෝදනා පරීක්ෂා කිරීම සඳහා හිටපු නාවික හමුදාපතිවරුන් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාව උසාවියට කැඳවීම පිළිබඳව තමන් අප‍්‍රසාදය පළ කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමඟ ඊයේ (11) පස්වරුවේ මේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

පසුගිය පාලන සමයේ ආණ්ඩුවේ බොහෝ වංචාකාරී හා දූෂිත ව්‍යාපාරවල ප්‍රධානීන් ලෙස හමුදා නිලධාරීන් පත්කරගෙන කටයුතු කර තිබූ අතර විශේෂයෙන් නීතිවිරෝධී පාවෙන අවිගබඩාව පවත්වාගෙන යමින් අවි වෙළඳාම ඇතුළු කටයුතු වළ නිරත වූ ඇවන්ගාඩ් සමාගම සමග ගණුදෙනු කිරීමට ආණ්ඩුව විසින් පිහිටුවා තිබූ දූෂිත ආයතනවල ප්‍රධානීන් ලෙස නාවි හමුදා නිලධාරීන් පත් කරගෙන තිබූණි. එම ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමේදී එම නාවික නිලධාරීන් විමර්ශන ආයතන වෙත කැඳවීමට සිදුවන අතර එසේ කැඳවා ප්‍රශ්න නොකරන්නේනම් එය සිදු වන්නේ දේශපාලන අත පෙවීමක් නිසාම විය යුතුය.

පසුගිය ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබා දුන් ජනතාවගෙන් ලක්ෂ 50කට අධික ජනතාවක් ඡන්ද භාවිතා කර තිබුණේ වංචාවට දූෂණවලට එරෙහිව වන අතර ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග වංචාවට හා දූෂණයට එරෙහිව ඡන්ද දුන් ජනතාවගේ අපේක්ෂාවන් භංග වනු ඇත.

රටේ ප‍්‍රශ්නවලට මුහුණ දීමට තිබූ නොහැකියාව හේතුවෙන් හදිසි ජනාධිපතිවරණයකට ගිය හිටපු ජනාධිපතිවරයා බලය තිබිය දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට දුන් පොරොන්දු ගැන බලය අහිමි වූ පසු ප‍්‍රකාශ නොකරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උත්සවයේදී සඳහන් කර තිබේ.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news