Friday, May 3, 2024

පොලිස් ඇමතිගෙන් මාධ්‍ය වාරණයක්

( චීන චිත්‍ර ශ්ල්පියකු දුටු පොලිස් වාරණය)

පොලීසිය මගින් සිදු කරන විමර්ශන පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම වළක්වාලමින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සියලු පොලිස් කොට්ඨාශ හා පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කර ඇත.

ඇමතිවරයා සිදු කර ඇති මෙම නියෝගයේ මූලික අරමුණ වී ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදු කරන මෙරට ප‍්‍රභූන් සම්බන්ධ විවිධ විමර්ශන පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ලැබීම වැළැක්වීම බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වංචා සහ දූෂණ පිළිබඳව වත්මන් රජයේ අමාත්‍යවරු ගණනාවක් චෝදනාවට ලක්ව ඇති අතර අපරාධ චෝදනාවලට ලක් වූ ඇමතිවරුන්ද ගණනාවක් වත්මන් ආණ්ඩුවේ සිටිති.

ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනද මේ වනවිට නතර කර ඇති බව වාර්තා වේ.

තවද, මහින්ද පිලේ පිරිස් සිදු කළ අපරාධ හා මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශනද එම දේශපාලනඥයින් හීලෑ කර ගැනීමට යොදා ගැනීම හැර එම අපරාධ මගින් අගතියට පත් පාර්ශවවලට සාධාරණය ඉටු කිරීම අරමුණු කර ගෙන ක‍්‍රියාත්මක නොවන බැවින් එම විමර්ශන පිළිබඳ විස්තර මාධ්‍යයට අනාවරණය වීම ආණ්ඩුවේ දේශපාලන අරමුණුවලට බාධාවක් බැවින් මෙම වාරණය පනවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා සම්මත කළ තොරතුරු පනතටද මෙයට පටහැනි වන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී බොහෝ කරුණු හෙළි වනු ඇත.

– lanka truth

Archive

Latest news

Related news