දහම් සිරිසේනට සහ තවත් පුද්ගලයන් කීප දෙනෙකුට ඇරෙන්නට අන් අයට ස්ථානයට ඇතුල්වීමට ඉඩ දිය නොහැකි බව සමාජ ශාලාවේ ආරක්ෂකයන් පැවසූ විට මෙම කෝලහලය හටගෙන ඇත. එම අවස්ථාව වන විට දහම් සිරිසේන පියවි සිහියෙන් නොසිටි බව එම ස්ථානයේ ආරක්ෂකයන් පවසයි. මෙම ගැටුමෙන් ජීවන් ප්‍රේමදාස නැමැති අයෙකු තුවාල ලබා මේ වන විට කොළඹ මහරෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය පිළිබඳව මාධ්‍යට වාරණයක්
සිද්ධිය පිළිබඳව රාත්‍රී සමාජ ශාලාවේ කළමණාකාරිත්වය හා ආරක්ෂක අංශ පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ල හිමිකරුවන්ගේ බලපෑම මත මේ වන විට ඉල්ලා අස්කර ගෙන තිබේ. සිද්ධිය සිදුවූ සමාජ ශාලාව අවට මේ වන විට ආරක්ෂක දැලක් යොදා ඇති අතර කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය ආයතනයකට එම ප්‍රදේශයට පැමිණීම සපුරා තහනම් කොට ඇත. එසේම කිසිදු මාධ්‍යක් හා කථා කිරීම හෝ අදහස් දැක්වීම රාත්‍රී සමාජශාලාවේ සියළුම සේවකයන්ට එහි හිමිකරුවන් විසින් වහාම බලපැවැත්වෙන පරිදි තහනම් කර තිබේ.
එමෙන්ම පහර කෑ ආරක්ෂක අංශයේ තැනැත්තා හමුවීමටද නොහැකි වන ආකාරයට ඔහු අසළද ආරක්ෂක අංශය රදවා සිටින බව කියවේ. මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ජනාධිපතිවරයා එතෙර සංචාරය කරමින් සිටියදීය.
දහම් සම්බන්ධ තුන්වන සිදුවීම
2013 වසරේ නැගෙනහිර වෙරළේ නිවාඩු නිකේතනයකදී ඔහු සහ ඔහුගේ මිතුරන් පිරිසක් වත්මන් FCID ප්‍රධානියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර විද්‍යාලංකාර මහතාගේ පුත් අසේල විද්‍යාලංකාර මහතාට පහර දීමෙන් දහම් සිරිසේන පලමුවෙන්ම මාධ්‍ය අවධානයට ලක්වන ලදී. එම සිද්ධියට විශාල ප්‍රචාරයක් ලබා දෙන ලද්දේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති මාධ්‍ය ඒකකයයි.
දෙවන සිද්ධිය සිදුවූයේ යහපාලන රජය බලයට පත්වී දින කීපයක් ගතවීමත් සමගය. එදිනද ඔහු මේ ආකාරයටම රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වී යකා නැටීම හේතුවෙන් උරණ වූ ජනාධිපතිවරයා ඔහුට තරවටු කොට වැඩි දුර අධ්‍යාපනයට යැයි කියමින් එංගලන්තයට යවන ලදී.
බකිංහෑම්ෂයර් විශ්වවිද්‍යාලයට ඇතුල් වූ දහම් සිරිසේන එහිදී නිසි අධ්‍යාපනයක් නොලද අතර අධ්‍යාපන කටයුතු අතරමග නවතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණුනි. විශ්වවිද්‍යාලයට යාමට ඔහු නවාතැන් ගෙන සිටි නිවසේ මාසික කුලිය හිඟ තබා නිසි ලෙස එය නැවත භාර නොදී දහම් ලංකාවට පැමිණීමෙන් අනතුරුව අදාළ දේපළ සමාගම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට දිගින් දිගටම ඔහුට නඩු පවරන බව දක්වමින් එන්තරවාසි එවා තිබිණ. පසුව ජනාධිපති වැඩිමහල් දියණියගේ හා බෑණාගේ මැදිහත්වීමෙන් ප්රශ්නය නිරාකරණය වුවද දහම් සිරිසේනගේ නම මේ වන විට අදාල දේපල සමාගම විසින් අසාදු ලේඛණ ගත කොට (Black list) ගත කොට ඇත.
සිය පුතුට පණ මෙන් ආදරය කරන ජනාධිපති තුමා ලංකාවට පැමිණි පසු මේ සම්බන්ධයෙන් කවර පියවරක් ගනු ඇත්දැයි මාධ්‍ය ඇතුළු සියළුම යහපාලන ආණ්ඩුවට හිතවත් පිරිස් අපේක්ෂා සහගතව බලා සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුව කාලේ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සම්බන්ධ අමිහිරි මතකය සැමදෙනාටම හොදින් මතක ඇති හෙයිනි.
– ලංකා නිවස් වෙබ්