Saturday, November 23, 2024

ඒක භයානක අත්දැකීමක් – රුකී ප්‍රනාන්දු

( රුකී ප්‍රනාන්දු ජිනිවා මිනව හිමිකම් කොමිසමේ 28වන සැසි වාරය අතර තුර සමාන්තර රුස්වීමක අදහස් දක්වයි (c)s.deshapriya)

රුකී ප්‍රනාන්දු විසිනි.

අද, එනම් 2016 ඔක්තෝබර් පළමුවෙනි දින ලන්ඩනය බලා යෑමට මම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියෙමි. එහිදී ආගමන කවුලුවෙහි සේවයේ නියුතු නිළධාරියෙකු විසින්, මා තේරුම් ගත් පරිදි ත්‍රස්තවාදී විමර්ශන කටයුතු දෙපාර්තමේන්තුවට(TID) අදාළල ආගමන කවුන්ටරයට යාබදව පිහිටා තිබූ  කාර්යාලයක් වෙතින් මගේ ගමනට අවසර ලබා ගත යුතු බව දැනුම් දෙන ලදී. එහිදී මා සම්බන්ධ කිසියම් නඩුවක් තිබේද,  මා කොහි යන්නේද, මගේ ගමනෙහි අරමුණ කුමක්ද, යනාදී කරුණු සමග මගේ පෞද්ගලික හා වෘත්තීය තොරතුරුද, ලිපිනය හා දුරකථන අංකද විමසන ලදී. තවද  මගේ පවුලේ සාමාජිකයින්ගේ විස්තරද ඇතුලු තවත් කරුණු රැසක්ද අසන ලදි.  එක් නිලධාරියෙක් මගේ සියලු පිළිතුරු සටහන් කරගත් නමුත් ලියාගත්තේ මොනවාදැයි මට පෙන්වූයේ නැත.  කිසිදු ලියවිල්ලකට  මගේ අත්සන ලබා ගත්තේ නැත. මගේ ගමන් ලියකියවිලි වල ඡායා පිටපත් ඔවුන් ලබා ගත්තේය.  ඔවුන් සතුව තිබූ වෙනත් ලිපිගොනුවක් ඒ සමගම පරීක්ෂා කරන සෙයක් ද  දක්නට ලැබුණි.

මෙසේ මා ප්‍රශ්න කිරීමට ලක්වන අතරතුරදී කාර්‍යාලයෙහි සිටි අනෙකුත් නිලධාරීන් කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශණ කටයුතු දෙපාර්තමේන්තු මූලස්ථානයෙන්  මට ගුවන් යානය වෙත යෑමට ඉඩ දිය යුතුද නැත්ද යන්න විමසමින් සිටි බවද පෙනුණි. බසේම මගේ ගුවන් යානය මඟ හැරීම වැළැක්වීම පිනිස, ඔවුන් ප්‍රශ්න කිරීම ඉක්මන් කරන ආකාරය ද දක්නට ලැබිණි..

මේ අතරම මගේ නිතීඥවරු හරහා  නීතිපති දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත කටයුතු විමර්ශන මූලස්ථානයෙන් මේ ගැන විමසා තිබුණි.. මගේ එක් නීතීඥවරියක් ඒ වන විට එතෙර යාමට පිණිස විගමන කටයුතු සම්පූර්ණ කර තිබුණි.  ත්‍රස්ත

විමර්ශණ කාර්‍යාලය තුළ ප්‍රශ්න කිරීමකට ලක් වෙමින් සිටි මා සහ එම නිළධාරීන් සමඟ කතා කිරීම සදහා කාර්‍යාලයට ඇතුලු වීමට ඇය අවසර ඉල්ලා සිටි නමුත් ඇයට එම අවසරය නොදෙන ලදී. මා ප්‍රශ්න කිරීමට ලක්වූ මුලු කාලය පුරා ඇයට කාර්‍යාලයෙන් පිටත සිටගෙන සිටීමට සිදුවිය.

සැකකරුවන්ට නීතීඥවරු සහාය ලබා ගැනීම, විශේෂයෙන් කට උත්තර ලබා ගැනීමට පෙර නීතීඥ සහාය බලගන්වනු පිණිස මෑතදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශය උල්ලංඝනය කිරීමක් ලෙස පෙනී යයි.

අවසානයේදි මා මගේ ගමන සදහා අවසර  ඇති බව දැනුම් දෙන ලදී. එවිට  මා  එමකාර්යාලය භාර නිලධාරියාගෙන් මා රඳවා තබා ගැනීමට සහ ප්‍රශ්න කිරීමට හේතුව විමසූවෙමි. එටිට ඔහු කියා සිටියේ  මගේ ගුවන් යානය සදහා ඇත්තේ සීමිත කාලයක් බැවින් මේ ගැනතවදුරටත්  සාකච්ඡා කරමින් කාලය වැය කරනවාට වඩා ගුවන් යානය යා යුතු බවයි. පසුව මම, මගේ නීතීඥවරිය සමග ගුවන් යානා ප්‍රවේශ කවුලුව වෙත ගියෙමි.
මගෙන් ප්‍රශ්ණ කළ නිලධාරින්  ආචාරශීලී වු අතර  කිසිදු කායික හිංසනයක් හෝ තර්ජනයක් සිදු කළේද නැත. නමුත් කෙටි කායකට හෝ  රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීම. මා මින් පෙර  රඳවා තබා ගැනීමේ, ප්‍රශ්න කිරීමේ හා තර්ජනය කිරීමේ අත්දැකීම නිසාම අත්දැකීම් භයංකර අවස්තාවක් බවට පත්විය. සැකෙවින් ගත්කල මගෙ වල අමිහිරිභාවය සිහිවූ තවත් බියකරු අවස්තාවක් විය. එසේම මා ආරක්ෂක අංශ පරීක්ෂව යටතේ සිටින බවත්, හිංසනනයෙන් සහ බියගැන්වීමෙන් තොරව මානව හිමිකම් කටයුතු සදහා එතෙර යාමට  මට ඉඩ නොමැතිබව දැන ගැනීම බිය ජනක විය. ආතතික දිගු ගමනකින් පසු මම ලන්ඩනයට ආරක්ෂා සහිතව ලඟා වීමි.
–    2016 ඔක්තෝබර් 01 රාත්‍රී.

(රුකී ප්‍රනාන්දු විසින් ලියන ලද සටහනහි  විකල්ප අඩවියෙහි පළ කළ  පරිවර්ථනය තව දුරටත් සකස්කරන ලදී)

Archive

Latest news

Related news