Tuesday, April 30, 2024

සරෝජා සිරිසේනගේ පත්වීම නොහොත් තානාපතිවරු පත් කිරීමේ අවුලේ නාරි නාටක

( වම කොළවරේ දෙවැනියා සරෝජා සිරිසේනය)

විදේශ ලේකම් තනතුරට සියලු සුදුසුකම් සපුරා සිටි විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ රංජිත් උයන්ගොඩ කපා දමා පවුල්වාදය හා මිත්‍ර සංග්‍රහයට මුල් තැන දෙමින් හිටපු අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඞ්මන් වීරකොන්ගේ පුතා වන ඇසල වීරකෝන් විදේශ ලේකම් තනතුරට පත් කරන ලදී. රංජිත් උයන්ගොඩට ජර්මනියේ තානාපති තනතුර ලබාදෙන බව සඳහන් කළද එයද ඔහුට අහිමි කර තිබේ.

ඉරේෂා සිරිසේන වයින් විකිණිම පිණිස  පිටකවරයක
සරෝජා  සිරිසේන වයින් විකිණිම පිණිස පිටකවරයක

සරෝජා සිරිසේන

රංජිත් උයන්ගොඩට ජර්මනියේ තානාපති තනතුර කැපී ගියේ ඇමති ඩිලාන් පෙරේරාගේ හිටපු බිරිඳ වූ සරෝජා සිරිසේන නිසායි. ඇය බැසිල් රාජපක්ෂගේ අමාත්‍යංශයේ ජාත්‍යන්තර අංශය බාරව සිට ඔහුගේ හොරකම් සඳහා පුර්ණ දායකත්වය සැපයුවෙකි. ඒ වෙනුවෙන් ඇයට ලැබුණු ත්‍යාගය නම් බොම්බායේ කොන්සල් ජනරාල් තනතුරයි. එම ස්ථානයේ සිටද ඇය කෙළේ බැසිල් රාජපක්ෂගේ බිස්නස් සඳහා උදව් කිරීමයි. මුල්‍ය අපරාධ කොට්ඨාශයට යායුතු ඇයට මංගලගේ ආනුභාවයෙන් ජර්මනියේ තානාපති තනතුර ලැබීමට නියමිතයි. දැනට විදේශ අමත්‍යංශයේ නිලධාරින්ට පත්වීම් නොදීමට හේතු වශයෙන් ඇමති මංගල සමරවීර කියා ඇත්තේ ඔවුන් වසර දෙකක සේවා කාලයක් සපුරා නැති බවයි. එහෙත් ඩිලාන්ගේ හිටපු බිරිඳට එම නීතිය වලංගු නැති බවකි. විදේශ සේවයේ දෙවන ශ්‍රේණියට අයත්වන ඇත ජ්‍යෙෂ්ඨත්වයෙන් 47 වන ස්ථානයේ පසුවන්නාය. ඇයට ඉහළින් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටියදී කරනු ලබන මෙම පත්වීම අතිශයින් දූෂිත එකක් බව විදේශ සේවයේ නිලධාරින්ගේ මතයයි. මීට අමතරව සජින්වාස් සරණ යාම නිසා සහකාර අධ්‍යක්ෂ නිලයේ සිට අතිරේක ලේකම් දක්වා එක් රැයින් උසස්වීම් ලද අමාත්‍යංශයේ කාර්යක්ෂමතා කඩ ඉම් විභාග කිසිවක් නියමිත වේලාවට සමත් කර ගන්නට නොහැකි මජින්ත ජයසිංහ සහ මීට පෙර මංගල සමරවීර විදේශ ඇමති වශයෙන් සිටි යුගයේදී ඔහුගේ සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළ ලෙනගල යන දෙදෙනා දැනට සිටින තානාපතිවරු දෙදෙනෙක් ඉවත් කර තානාපති තනතුරුවලට පත් කිරීමට නියමිතයි. අවිවාහක මොවුන් දෙදෙනා ඇමතිවරයාගේ සමීප හිතවතුන් බව දැන ගන්නට ඇත.

සරෝජා සිරිසේනගේ පත්වීමට විරුද්ධව විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කර තිබේ. ඇය විසින් රජයේ නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම කඩ කරමින් මුම්බායේ දී කටයුතු කරන බව දැන ගන්නට ඇත. ඇය විසින් වඩාත් බරපතල ලෙස රජයේ නීති කඩ කිරීමක් වන්නේ මුම්බයේ ඇති ආහාර සහ මධ්‍යසාර අළෙවිය ප්‍රවර්ධනය කරන ඊශ්‍රාලයට සම්බන්ධ ආයතනයක 2015 දෙසැම්බර් මස Upper Crust නැමති සඟරාවේ මුල් පිටුවේ වයින් වීදුරුවක් අතැතිව ඡාරූපයකට පෙනී සිට තිබේ. මෙය ආයතන සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝණය කිරීමකි. රජයේ සෙවකයෙක් හට මෙවන් කටයුත්තක යෙදීම තහනම්ය. විදේශ ලේකම් මේ ගැන කියන්නේ කුමක්ද?

ස්තුතිය – ශ්‍රී ලංකා ගාර්ඩියන්

Archive

Latest news

Related news