Wednesday, April 24, 2024

කිලිනොච්චියදී මාධ්‍යවේදීන්ට තර්ජන…

කිලිනොච්චිය පරවිපාන්චාන් ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන ජනතා ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා දෙවන දිටත් අඛණ්ඩව පවත්වාගෙන යන උද්ඝෝෂණය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට හමුදාව තර්ජනය කර තිබේ.

ඊයේ ඉරිදා දින 8.20ට පමණ පුවත් ආවරණය සඳහා ගිය කිලිනොච්චිය ප්‍රාදේශිය වාර්තාකරුවන් සිව් දෙනෙකුව ආයුධ රැගත් පැමිණි හමුදා සෙබළුන් තමන්ව ඡායාරූප ගත කළැයි පවසා තර්ජනය කළ බවට කිලිනොච්චිය පොලීසියදී ඉකුත් මාධ්‍යවේදීන් පැමිණිළි කර තිබේ.

ජනතා උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට ඉදිරිපිට පිහිටි හමුදා මුරපොළේ ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටි සෙබළුන් තමන්ව ඡායාරූප ගත කළ බව පවසා තර්ජනය කළ බවත්, මේ හේතුවෙන් තම ආරක්‍ෂාවට තර්ජනයක් ඇතිවී තිබෙන බවට ඉකුත් මාධ්‍යවේදීන් කිලිනොච්චිය පොලිසියදී ඊයේ දින රෑ පැමිණළි කර තිබේ

GTN

Archive

Latest news

Related news