Thursday, May 9, 2024

යාපන සරසවියේ ගැටුමෙහි පසුබිම බෞද්ධ ඇසකින් (වීඩියෝ)

Bahujana Hitaya විසිනි

පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු ගැ‍ටුම පදනම් කරගෙන විවිධ මට්ටම්වළ සිදු වූ සාකච්ඡා පරීක්ෂා කිරීමෙන් පසුව පෙනී ගියේ ඒ සාකච්ඡාවන් සෑම එකක්ම පාහේ මෙම ගැ‍ටුමට පදනම් වූ සංකීර්ණ තත්ත්වයන් ආමන්ත්‍රණය කොට නැති බවයි. මෙම වීඩියෝව තුළින් අපි එම සංකීර්ණතා මතු කොට දැක්වීමට උත්සාහ කළෙමු. අපගේ අවංක වැටහීම සිංහල ජනයා එක යතාර්ථයකත් දෙමළ ජනයා තව යතාර්ථයකත් ජීවත්වන බවයි. එබඳු යතාර්ථ දෙකක වසන මිනිසුන් එක්ව තැබූ කළ ගැ‍ටුම් ඇතිවීම අනිවාර්ය තත්ත්වයකි. මෙහි දී අප උත්සාහ කරන්නේ එකී සංකීර්ණ යතාර්ථයන් ගෙන් කොටසක් ගෙනහැර දැක්වීමටය. දෙපසම වසන මිනිසුන් එකිනෙකා ගේ යතාර්ථයන් වටහා නොගන්නා තාක් කල් මෙම ගැ‍ටුම අවසන් නොවනු ඇත.

Archive

Latest news

Related news