Tuesday, April 30, 2024

විදුලිබල හා බලශක්ති අමත්‍යාංශයත් ගල් අගුරු වංචා අතීසාරයට ත්‍රිපුද්ගල කමිටු ‘අමුඩය ගසයි‘

ගල් අගුරු මිලදී ගැනීමේ දී වංචාවක් සිදුවී ඇති බවට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකාරණය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව එකිනෙකට වෙනස් අවස්ථා දෙකක දී පෙන්වා දී ඇති අවස්ථාවක විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එමගින් රටට පාඩුවක් සිදුව ඇතිදැයි සොයා බැලිම සදහා ‘ත්‍රීපුද්ගල කමිටුවක් පත් කළ බවට නිවේදනයක් නිකුත් කොට ඇත.

මාස හතරක් පුරා විගණන විමසුමට පිළිතුරක් ලියා ගත නොහැකිව සිටින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දුෂිත බැදුම්කර වංචාවේ දී සිදු කළ අයුරින්ම තවත් ඊනියා ත්‍රීපුද්ගල කමිටුවක එල්ලී තම වැරදි වසා ගැනීමට නිර්ලැජ්ජිත උත්සාහයක යෙදෙන බව ‘දුෂණ විරෝධී පෙරමුණ පෙන්වා දෙයි.

අමත්‍යාංශ නිලධාරීන් පසුගිය දා පැය දෙකකට ආසන්න කාලයක් උත්සහ කළේ චෝදනා එල්ලවී ඇති ගල් අගුරු ගනුදෙනුව මගින් රටට පාඩුවක් සිදු වී නොමැති බව අප වෙත ඒත්තු ගැන්වීම සදහා ය.  ඔවුන් අප වෙත ප්‍ර‍කාශ කළ දේ රටට ප්‍ර‍කාශ නොකරන්නේ මන්ද? යැයි අප එම සාකච්ඡාවේ දී විමසූවෙමු.

මෙම ගනුදෙණුව මගින් රටට මුල්‍ය පාඩුවක් වී නොමැති බව ඔවුන් ගණන් හදා පෙන්වන්නට උත්සහ දරන්නේ විගණකාධිපතිවරයාගේ තම ගණනය සදහා යොදා ගත් සූත්‍ර‍ය වැරදි බව පවසමිනි. දුෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරන්නේ තමන් අතින් වරදක් සිදුව නොමැති නම් මේ විගණන විමසුමට මාස හතරක් පිළිතුරු නොදෙන්නේ මන්ද?  කියාය. අධිකරණයෙන් වරදක් වී නම් ඒ සදහා සිදු කළ යුත්තේ ශේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමය.
ත්‍රීපුද්ගල කමිටු පත් කිරීම දුෂණ වංචා වසන් කිරීමේ සරළ සුලභ භාවිතය ලෙස දේශපාලනඥයින් ද, දුෂිත රාජ්‍ය නිලධාරීන් ද පත් කොට ගෙන තිබේ.  මෙම ත්‍රීපුද්ගල කමිටුව විසින් ද උත්සහ දරනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හා විගණකාධිපති වැරදි බව කියන්නටය.

ලංකාවේ උත්තරීතර අධිකරණයත් විගණන ක්‍රියාවලියේ ව්‍යවස්ථානුකුල ආයතනයට උත්තර දෙන්නට ත්‍රීපුද්ගල කමිටුවක් පත්කිරීම ‘අතීසාරයට අමුඩ ගැසීමකි.  බැදුම්කර වංචා අතීසාරයට ගැසූ ත්‍රීපුද්ගල කමිටු අමුඩය විසින් නිරුවත් කරන ලද දේශපාලනය ගල් අගුරු වංචා සිද්ධියට ද අත්හදා බැලීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය දරණ ලැජ්ජා සහගත උත්සාහය දුෂණ විරෝධී පෙරමුණ දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකී.
අද දින දුෂණ විරෝධී පෙරමුණ විගණාකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ විගණන විමසුමට මාස 4 ක් පුරා පිළිතුරු දී ගත නොහැකි විදුලි බල මණ්ඩලයෙන් මේ පිළිබද නැවත විමසුම් සිදු කළ බවයි.   අදාළ ලිපිය මේ සමග අමුණා ඇත.

දුෂණ විරෝධී පෙරමුණ
2016 ජූලි මස 13 වැනිදා

Archive

Latest news

Related news