Monday, May 6, 2024

නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව මෙන්න

(නාමල් සිර ගෙදර යන පින්තූරය: REUTERS/Dinuka Liyanawatte)

පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඉන්දියාවේ ක්‍රීෂ් නමැති සමාගම කොළඔ කොටුව ට්‍රාන්ස් වර්ක්ස් හවුස් ආසන්නයේ පිහිටි ඉඩමක (වර්තමානයේ හිල්ටන් හෝටලයේ තාවකාලික රථ ගාල ඇති ස්ථානය) ඇමරිකානු ඩොලර් මිලියන 650ක් වටින හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කිරීම මගින් රුපියල් මිලියන 450ක කොමිස් මුදලක් ලබා ගැනීම පිළිබඳව එල්ල වූ චෝදනාවකටය.

මේ ගණුදෙණුවට දේශපාලනඥයින් තිදෙනෙකු ප්‍රමුඛ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ නම් පැටලී තිබේ.

මෙම ඉඩම කීෂ් සමාගමට හිමිව ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය මගිනි.

ඊට අදාළ වන ගිවිසුම සකස් කර ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් නාමල් රාජපක්ෂ ඇසෝසියේට් නීති සමාගම විසිනි.

නීතිඥ සුජානි බෝගොල්ලාගම විසින් මෙයට සම්බන්ධ ලේඛන කටයුතු සිදු කොට ඇත.

නාමල් රාජපක්ෂ මහතා විසින් එවකට කොටස් වෙළෙදපොළ සභාපතිවරයා වු ආචාර්ය නාලක ගොඩහේවාට යවා ඇති කෙටි පණිවුඩයකින් කියවෙන්නේ ව්‍යාපෘතිය සදහා වන මුලික අනුමැතිය ලබාදීමට රුපියල් මිලියන 450ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් ක්‍රීෂ් සමාගමෙන් ලබා ගන්නා ලෙසයි.

ක්‍රිෂ් සමාගම මෙම මුදල එනම් ඩොලර් මිලියන 3.5 සිංගප්පුරුවේ බැංකුවක නාමල් රාජපක්ෂට අයත් ගිණුමක තැන්පත් කර ඇති බව පැවසෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය 2012දී ක්‍රීෂ් සමාගම සමග අත්සන් කළ ගිවිසුමට අනුව රුපියල මිලියන 450ක් තමන්ට අය විය යුතු බව ප්‍ර‍කාශ කළ විට තමන් සියලු මුදල් ගෙවා ඇති බව අදාළ සමාගම පවසා තිබේ.

මෙම ගැටලුව නිසාම හෝටල් ව්‍යාපෘතිය අතරමග ඇණ හිටින අතර නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රිෂ් සමාගමට රුපියල් මිලියන 550ක මුදලක් දඩයක් ලෙස පණවා තිබීමද විශේෂිතය.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාලක ගොඩහේවා විසින් ක්‍රිෂ් සමාගමට නැවත රුපියල් මිලියන 400ක් ගෙවනු ලබයි.

නාමල් රාජපක්ෂ මහතාගේ සිංගප්පුරු ගිණුමට ලැබෙන රුපියල් මිලියන මිලියන 450ක මුදලට අදාළ රිසිට් පත සහ නාලක ගොඩහේවාට ලැබුණු කෙටි පණිවුඩය පිළිබද පරීක්ෂණයක් මේ වනවිට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පවත්වනු ලබන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, නාලක ගොඩහේවා විසින් ක්‍රිෂ් සමාගමට නැවත රුපියල් මිලියන 400ක මුදලක් ගෙවා ඇති බවද මේවන විට හෙළිව තිබේ.

මෙම ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ගොනු කර ඇත්තේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම් කරු, ජවිපෙ මධ්‍යමකාරක සභික පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසිණි.

මූලාශ්‍ර මිර්ර්/ ලංකාට්රුත්

NamalBReport_600px_16_07_12

Archive

Latest news

Related news