Friday, March 29, 2024

රනිල් වික්‍රමසිංහ: අර්ජුන් මහේන්ද්‍රන් සහ දූෂිතයින් වෙනුවෙන් ආණ්ඩුව ඔට්ටුවට තැබීම

මහ බැංකු බැදුම්කර වංචාව හා නව අධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්වය ‘යහපාලන රජයේ‘ දුෂිතයින් ආරක්ෂා කිරීමේ ලැදියාව නිර්oය ලෙස හෙළිදරව් කර ඇත.  විගණකාධිපතිවරයා ගේ වාර්තාව මගින් වත්මන් මහ බැංකු පාලනාධිකාරිය රුපියල් මිලියන 1620 ක මුදලක පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය කොට ඇත. මෙම පාඩුව සිදු කළ මහ බැංකුවේ නිලධාරීන්ට එරෙහිව වහා විමර්ශණ ඇරඹිය යුතු බවත්, නීති මගින් කටයුතු කළ යුතු බව ‘දුෂණ විරෝධී පෙරමුණ‘ අවධාරණය කරයි.

ඊයේ දිනයේ දී මහ බැංකුව සදහා නව අධිපතිවරයෙකු පත් කිරීමට නියමිතව තිබුණි.  එය වලක්වනු ලැබූවේ අගමැතිවරයා විසිනි.  චරිත රත්වත්ත මහතා අධිපති ධූරයට පත් කිරීමට අගමැතිවරයා ගෙන ආ යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍ර‍තිකේෂ කිරීම එයට හේතුවයි.

චරිත රත්වත්ත මහතා 2004 එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව බිද වැටීමට මුලික වූ පුද්ගලයාය.  ඔහුගේ ‘ශ්‍රී ලංකාව නැවත අත්පත් කර ගැනීම‘ හෙවත් ‘රීගේනින් ශ්‍රී ලංකා‘ වැඩ සටහන වැඩිම විවේචනයට ලක් වූවේ එජාප පාක්ෂිතයින් අතරය.  එවැනි පුද්ගලයෙකු මහ බැංකුවට පත් කිරීම තුලින් සිදු වන්නේ ‘නියෝ ලිබරල්‘ ආර්ථික ප්‍ර‍තිපත්තියක් රට තුල පැලපදියම් කිරීම පමනී.  එමගින් තවදුරටත් බදු බර වැඩි කිරීම, සහන කපා දැමීම පමණක් නොව රාජපක්ෂ රජය විසින් පවත්වාගෙන ගිය අර්ජුන් මහේන්ද්‍ර‍න් විසින් පෝෂණය කරනු ලැබූ මංකොල්ලකාරී ක්‍ර‍මවේදයන් ස්ථාපනය වනු ඇත.

අද දින අර්ජුන් මහේන්ද්‍ර‍න් ගේ ධූර කාලය අවසන් වේ.  ඉතාමත් අවසනාවන්ත තත්වය නම් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අනුව ඉදිරි කටයුතු සිදු නොවීමය.

අනෙක් අතට විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සදහන් කරුණු නිවැරදි නොවන බවට මේ වන විට මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් විසින්ම දිව්රුම් ප්‍ර‍කාශ සකස් කරගෙන යනු ලැබේ.  විගණකාධිපති වාර්තාව මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම  කෝප් කමිටුව සතු වගකීමකි.

වත්මන රජය යටතේ සිදුවූ දැවැන්තම මුල්‍ය වංචාව පිළිබද චෝදනා එල්ල වී ඇති පාර්ශවන් සියල්ලට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතුව තිබේ.  ඉතා අවසනාවන්ත තත්වය නම් ඉහළම දේශපාලන නායකත්වය සහ  සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් එක්ව මෙම දුෂිත නිලධාරීයා ඇතුළු කණ්ඩායම රැක ගැනීම සදහා සිය උපරිම උත්සාහය යෙදවීමය.

දුෂණ විරෝධී පෙරමුණ
2016 ජූනි මස 30 වැනිදා

Archive

Latest news

Related news