Friday, November 22, 2024

වධහිංසා විරෝධී පාගමන සහ මජරයෝ – සුනිල් ජයසේකර

වධහිංසාවලට ලක්වූවන්ට සහය පළකිරීමේ ජාත්‍යන්තර දිනය සනිටුහන් කරමින් වධහිංසාවට තිත යන තේමාව යටතේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පා ගමනක් සංවිධානය කර තිබිණ.

අද උදෑසන පැවති මෙම පා ගමන සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ඇතුලු මහත්ම මහත්මීන් රැුසක්ද පාසල් සිසුන්, පොලිස් නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන සාමාජිකයින්ද ඇතු`එ තවත් විශාල පිරිසක් සහභාගී වී ඇති බවට වාර්තා විය.

ශ‍්‍රී ලංකාවට අදාළව සැලකීමේදී වධහිංසාව, කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ල හෝ දඬුවම් යන කරුණු පිළිබඳව විශේෂ සැලකිල්ලක් සිදුකළ යුතුව ඇත්තේ ඇයි යන ප‍්‍රශ්නය ඉතා වැදගත්ය. එමෙන්ම මෙම ගැටලු වලට අදාළව රටක් හා සමාජයක් ලෙස ඒ පිළිබඳව ඇති සංවේදිභාවය හ`දුනාගැනීම ද ඒ තරමට වැදගත්ය. ඒ පිළිබඳව දළ අදහසක් ඇතිකරගැනීම සඳහා වැදගත් වියහැකි ප‍්‍රතිචාර කිහිපයක් ද එක්තරා ප‍්‍රවෘත්ති වෙබි අඩවියක සටහන් වී තිබිණ. ඒ සියල්ලම පාඨක ප‍්‍රතිචාරයන් විය. ප‍්‍රතිචාර සඳහා නිමිත්ත වී තිබුණේ ද අද දිනයේ කොළඹ දී පැවති වධහිංසා වලට එරෙහි පාගමනය.

එහි පළවී තිබූ ප‍්‍රතිචාර කිහිපයක් මෙසේය. මෙහෙමත් විගඩම්, මේකට කීයක් වියදම් වුණාද. පාගමන් නම් අපටත් යන්න පුඑවන්. මීට වඩා හොඳයි ඩෙංගු වලින් අපට වන වධහිංසාව තුරන් කිරීමට පාගමනක් ගියානම්. මම හිතාගෙන හිටියේ වධහිංසා වලට වැඩිපුරම ලක්වන්නේ සෞදි රැුකියාවන්හි නිරත වන ජනතාව කියලයි. මෙම ප‍්‍රතිචාර වලින් පෙනී යන කරුණක් වන්නේ රටතොට සිදුවීම් කෙරෙහි අවධානයකින් සිටින විශේෂයෙන්ම ඊ සාක්ෂරතාවයෙන් ද පොහොසත් අප රටෙහි සාමාන්‍ය ජනතාවගේ ආකල්පයන්හි ස්වභාවයයි.

ශ‍්‍රී ලංකාව නිදහස ලබාගැනීමෙන් පසු දශක තුනකට පසුව දශක හතරක් තරම් දීර්ඝ කාලයක් පැවතී ඇත්තේ ඉතාමත් අශීලාචාර තත්වයකය. ඝාතනය වූ අතුරුදන් වූ,  වධහිංසාවට ලක් වූ මිනිසුන් මෙන්ම භීතියෙන් යුතුව ජීවත් වූ මිනිසුන්ගෙන් ද සමන්විත එම අ`දුරු යුගය පවා සමාජයක් ලෙස  අපට අමතක කර ජීවත්විය හැකිද?

වධහිංසා විරෝධී පාගමන
වධහිංසා විරෝධී පාගමන

අනෙක් අතට රාජ්‍යයේ පැවැත්ම හා ජනතාවගේ ආරක්ෂාව සහතික කළ යුතු රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වැනි ඉහළම ආයතනයන් ද වධහිංසාව, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හා දඬුවම් වලට අදාළව සලකාබැලීමේදී පැවතී ඇත්තේ ශුද්ධවන්ත තත්වයක ද? එක්තරා කාලයකදී රූකාන්ත හා චන්ද්‍රලේඛා යුවලට එල්ල වූ ප‍්‍රහාරය හා තාජුඞීන් ඝාතනය සිදුවී ඇති ආකාරය පිළිබඳව හෙළිවන තොරතුරු මගින් එක් එක් යුගයන්හි මේ රටේ විධායකය ද අවම වශයෙන් ස්ත‍්‍රීන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා එල්ල වූ මහේස්ත‍්‍රාත්වරයෙකු පිළිබ`දව හා තම ගෘහ සේවිකාවකට ලිංගික අතවරයන් ද ඇතු`එ කෲර ලෙස ක‍්‍රියාකළ බවට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට ද චෝදනා එල්ල වී තිබීම තුළ මේ රටේ අධිකරණය ද, පාර්ලිමේන්තුව තුළ එල්ල වන ගුටිබැට හුවමාරු තුළ පහරකෑම් වලට ලක්වී රෝහල්ගත වන මන්තී‍්‍රවරුද සැලකීමේදී මේ රටේ ව්‍යවස්ථාදායකයද පත්ව තිබූ තත්වය පිළිබ`දව යම් අදහසක් ඇතිකරගත හැකිය.

එමෙන්ම රටේ සාමාන්‍ය ජනසමාජය පිළිබඳව සැලකීමේදී ද අප ජීවත් වන්නේ මනුසත් බවින් යුත් වටාපිටාවක නොවේ. රටපුරා සිදුවන ස්ත‍්‍රී දූෂණ හා අමානුෂික ඝාතන, සේවා ස්ථානයන්හි අත්වි`දින ලිංගික හිංසාවන් මෙන්ම ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය ද පොලිසිය වැනි ආයතනයන් හි සිදුවන වධහිංසා පිළිබඳව සලකා බැලීමේදී සමස්ත රටට අදාළව පුළුල් අදහසක් ඇතිකරගත හැකිය.

ඒ අනුව ශිෂ්ඨ සම්පන්න රටක් පිළිබඳව බලාපොරොත්තුවක් ඇතිකරගැනීමට හා අප දරුවන්ට සුරක්ෂිත අනාගතයක් උදාකර දීමට නම් අප අප පිළිබඳවම ගැඹුරින් සිතාබැලිය යුතුව තිබේ. කොතරම් අමිහිරි වුවද අකැමති වියහැකි වුවද රට පිළිබ`දව හා අප ජීවත් වන සමාජය පිළිබඳව යථාර්ථවාදී ලෙස තේරුම් ගනිමින් අවශ්‍ය පියවර ගැනීම ස`දහා අදාළ ආයතනය වෙත දැඩි බලපෑමක් එල්ල කළයුතු කාලය එළැඹ තිබේ. එහිදී පළමුවෙන්ම වැදගත් වන්නේ පුරවැසි ආකල්පයන් ය. වධහිංසාව, කෲර අවමන් සහගත සැලකිල්ලකට හෝ ද`ඩුවමකට සතෙක් සීපාවෙක් පවා බ්යවන තත්වයක් තුළ මනුෂ්‍යයා පිළිබඳ කවර කතාද. ඒ අනුව තිරිසන් සතුන් පවා අකැමති වන්නා වූ සැලකිල්ලකට බඳුුන් කිරීමකට කැමැත්තක් හෝ ඉඩකඩක් සහිත සමාජයක් අප හ`දුනාගත යුත්තේ කෙසේද? අප තවදුරටත් ප‍්‍රාර්ථනා කරන්නේ එවන් ජරාජීර්ණ සමාජයක්ද? එය අප අපගේ හදවතින්ම අසාගත යුතු ගැඹුරු ප‍්‍රශ්නයකි.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news